25🌊

2.9K 656 2.2K
                                    

ඔහෙත් මාර ආතල් තමා නේ දෙන්නෙ මාමෙ..........ඔහෙට පිස්සු ආය හොදම එකෙන්.........ඇයි අඩෙ ලියනගේ බලකො මාමා දොඩන දෙඩිලි......මෙයැයි කියන්නෙ මේ ලට්‍ට ලොට්ට උස්සන් යන්ඩ කියලද..........හොදට හිටි අර ලබ්බ දැක්කොත්...මට මේ නිකන් ඉන්නකොටත් කන් කැක්කුම...මේක දැක්කට පස්සෙ.........මට එපා...මට එපා....

එ...ඒ...ස්කීපර් මල්ලි ඕක අරන් යමන් අඩා....ඔක්කොම එකම සෑම්පල් ආය.........මං හිතන් ඉන්නෙ හෙට  අනිද්දා අපෙ සුකුමලාටත් එකක් අරන් දෙන්ඩ...මං අහගන අපෙ එකා ඉදිආප්ප මිරික මිරික අරූට දොඩනවා මක්කද මගුලක්.......ඌත් පව්...ඌව අහක දාන්ඩ බෑනෙ අඩා......සර් කියන දේ අහලා ඕක අරගන් අඩෙ......

මං මගෙ ඇහිබැම රැලි කරගත්තා.......ලියනගේත් බෑනා පොඩ්ඩට බ්ලෙන්ඩර් එකක් අරන් දෙන්න ඕනා කියනවත් එක්කම මන් බලාගන අපෙ මොනරවිල මහ බෑනා මගෙ සදාදරනීය මාමන්ඩියා මං එපා කියලා පැත්තට තල්ලු කරපු බ්ලෙන්ඩරෙ ආපිට මගෙ පැත්තට තල්ලු කරනවා........කොච්චර එපා කිව්වත් තේරුමක් නැතිම වෙනකොට මං අවසානෙදි බ්ලෙන්ඩරෙ අරන්  වොලට් එකක් වත් නැතුව ඉනට බැදන් උන්න පොකට් එකට අත දාලා පහෙ කොල තුනක් අරන් එහෙම්ම මාමන්ඩියා දිහාවට තල්ලු කෙරුවා විතරයි සෝලංගාරච්චිගෙ ඇහිබැම ඇකිලුනා...

ආ මාමෙ....

සුදු පුත උඹට මාව විහිලුවක්ද කියපන්.......පිස්සුද සල්ලි දික් කරන්නෙ.....

පිස්සු නම් නෑ.......ඒ උනාට මං ඇවිත් සෝලංගාරච්චිගෙ බෑනනෙ....පගාවත් අරහන් පිනට දෙන බඩුත් අරහන්......ගාන මේක නෙවෙ නම්....ඕන ගානක් දෙන්නම්........මං ඇවිත් ආය නම්බුකාර මිනිහෙක්ගෙ නම්බුකාර බෑනෙක්........මාමන්ඩියට වත්නය නෑ....පුතාව අරන් යන්නෙ බලාගන්ඩ පුලුවන් හන්දනෙ.......

මේ..මේ...මේක ගනින් ගනින්....පොඩි මොනරව ඉහගනවට මමයි උඹට සල්ලි දෙන්න ඕන.....ගනින් ගනින් සුදුපුතා.......

ඔහෙත් එක්ක බෑනෙ අනෙ......මගුල....මට කෝලක් දාලා කිව්වා නම් සුදුපුතා අහවල් දේ අහවල් දෙ ගනින් කියලා මං ගන්නවනෙ...අනික ඔහෙ මෙහෙම සල්ලි නාස්ති කරන්නෙ පිස්සුනෙ ..සුදු අක්කට හිච්චෙකුත් හම්බෙන්ඩ ඔහෙ මේ නාස්තිකරන එව්වා ඒවට තියාගන්ඩ එපැයිනෙ.....පිස්සු ආය හොදම් එකෙන්....

You've reached the end of published parts.

⏰ Last updated: 3 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

🌊කා  වා  ඩි  🌊Where stories live. Discover now