මං එයාගෙ කකුල් අලලා වැන්දා, නිකන් නෙවෙ අප්පච්චිට කියන ගාතාව කියල මං ඒ කකුල් ගාව දන ඔබාගන නැගිටිනකොට මං බලාගන ඒ ඇස් තෙත් වෙලා තිබුනා.........ඒ තෙත් උන ඇස් අස්සෙ ආදරෙ උතුරන්න තිබුනා...මහ මුහුදෙ කසිංජි රැල්ල ගොඩට ගහන්න හා සමානව ඒ ඇස් අස්සෙ ආදර රැලි ඇහිදාර වලට වදින ගමන් තිබුනා......
මහ මුහුදකට හා සමාන නිල් ඇස් තිබුන කසිංජි පුසුඹ ගහන මේ ආදර කොල්ලා මගෙ ඉහ මුදුන ඉඹලා හොද මනුස්සයෙක් වෙන්න කියනකොට අනෙ මට ඒ පපුවට තුරුල් වෙන්න හිතුනා........
අනෙ අයියෙ මං හරි ආදරෙයි කියලා තව වතාවක් මුමුනන්න හිතුනා....මං ඊයෙ රෑ ඉදන් උඹගෙන් එක මැසේජ් එකක් එනකන් නිදිමරන් බලන් උන්නා අයියෙ කියලා පුංචි එකෙක් හා සමානව දුක මතක් කර කර ඒ පපුවට ගුලිවෙන්න හිතුනා......
ඒත් කොහෙ කියලා තුරුල් වෙන්නද.....වෙලාව කීයද............තුරුල් වෙන්න තියන ආසාව කප්පරක් තරම් උනත් තුරුල් වෙන්න තරම් වෙලාවක් නෑ කියන කාරනාව මගෙ හිත මට කොදුරන්න ගත්තා මං,දුකෙන් උනත් මං මගෙ බොලද හිත මෙල්ල කරගත්තා.....
එයා දිහා හරි ලෝබකමින් බලන් උන්න මං අවසානෙදි බෑගෙකත් එල්ලගන එලියට ආවා...........ඇවිදින් දොර ලොක් කරලා යතුර අතට ගත්තා...හදිසියෙ වත් මට කලියෙන් අම්මා ආවොතින් දොර අරින්නෙ කොහොමද ...යතුරු දෙකක් තිබ්බට මලගෙවල් අස්සෙ ඔව්වත් මිසින් වෙලා තියෙයිද කව්ද දන්නෙ......
සුදු චූටි ඔහෙ යතුරෙ තියන්නෙ කොහෙන්ද මැනිකෙ....හොදට දොර වැහුනා නේ....?
මේ මෙතන අයියෙ......මේ මල්පෝච්චියක් ය...ට හමන්...නන්න දාලා...කැරි මන්ඩුකයා.......හ්හ්....එව්ව්...මන්ඩුකයෙක්....!!වැදුනා වැදුනා....වැදුනා....හ්හ්.....අනේ අයියෙ...මූ මොකක්ද කෙරුවා.....එ.....හ්ක්ක්ක්....එව්...එව්ව්..........ඒ....ව්ව්........අතෙ ගෑවුනා....අතට පුක අතුල්ලන් ගියාද කොහෙද...අනෙ අයියෙහ්...දැන් මගෙ අත උඩ මුගෙ ලමයි හිටී.....!!
දොර ලොක් කරලා යතුර අතට ගත්ට මගෙ දිහාව බලන් උන්න එයා මගෙන් අහනවා යතුර තියන්නෙ කියලා ....වෙනදා පුරුද්දටම මං එයා දැක්කත් කිසි ප්‍රශ්නයක් නැති හන්දා එතනම තිබුන අම්මගෙ පන වගේ තියන ඇන්තූරියම් පෝච්චියක් ඉස්සුවා විතරයි මගෙ ඇස් දෙක ඔහෙක් වෙලා කට මෙහෙක් උනා.....දෙයියන්ට ඔප්පු වෙන්න මන්ඩුකයෙක්!! ගෙම්බෙක්.....!!ඌ ගෙම්බෙක් නෙවෙ දෙයියනෙ ඌ ගෙඹි තාත්තෙක්.....මගෙ මූන ඥෑව් වෙලා ගියා......
YOU ARE READING
🌊කා වා ඩි 🌊
Fanfictionසුදු චූටි ඔහෙ මගෙ ගාවින් එන කසිංජි සුවදට ඔය තරම්ම ආදරේද.....?