මුලු ගෙයින් එකයි කරගද.....
වෙනමොකටවත් නෙවෙ මොනරපෙදවලට ගිනි ඇවිලිලා....
අප්පච්චිගෙයි මගෙ එකාගෙයි කෙරුවාව හන්දා නප්පියටම නග්ගන් උන්න මායි අම්මයි දෙන්නම ඉනට අත් දෙකත් තියාගන අඩි හප්ප හප්ප නැහුනත් ප්‍රමානවත් අවධානයක් නොදුන්න හැන්දයි හැදි මාමන්ඩියයි එලියට යන්න ගියෙ අපෙ අම්මට මාවත් අරගනම මූදෙ පනින්න කියන් වෙද්දි මම රවාගන නප්පියටම තද කරගන බලාගන ඉදල ඉදලා අම්මා දිහාවට හැරුනා ..කොටින්ම දැන් මට කොල ගෙම්බා වැහිලා.....අඩි බාගයක් විතර පස්සට දික් කරන් උන්න පුක තවත් අඩි බාගයක් පස්සට අරගත්තු මං අලු ගොඩෙ ලැගන් උන්න කිකිලි පෙදේ ගසන්නා වගෙ පස්සට දාන් උන්න මොනර පෙදෙ වනලා අම්මා දිහා බලාගන රවාගන ඉන්නකොට අපෙ අම්මත් ඒ ආකරේටම මා දිහා බැලුවා...නිකන් නෙවෙ රවාගන.......
ඔයා දැන් කර වෙලා රවලා වැඩක් නෑ අම්මෙ.....මට මගෙ මනුස්සයව හදාගන්න විදිහක් නෑ දැන්.....කොච්චරවත් ඔයාගෙ හුරතලේ......අහු මුලු ගානෙ කිචි බිචිය..... තැන් තැන් වල කිචි කිචිය.....ඔයාගෙ උවමානවක් නැති කම...ඕනාවට වඩා ඔය මිනිහව හුරතල් කරන්න එපා අම්මෙ.....
ඔයාට තිබුනා මේ මනුස්සයා පලවෙනි පාරම බොනකොට කට අප්ලන් බිත්තියකවත් අතුල්ලන්න........අඩුම ගානෙ ගිනිපෙරෙල්ලක් අරන් කට පුච්චන්න...ඒකට මටයි කානුවටයි නම් හනසු අරන් එලව එලව ගහන්නෙ......
හරි සෝක්.....හරිම අගෙයි....බොහොම අපූරුයි මොනරවිල මැනිකෙ මිනිහව හදන අපූරුව...ඒකෙන් මේකෙන් මට මගෙ මිනිහව හදාගන්න බැරුව යන එකයි වෙන්නෙ.......ඇයි වදෙ....පැයක් ගියාද ...නෑ........දවසක් ගියාද....නෑ.....අහක බලන තත්පරේට මගෙ නොදරු මිනිහව අල්ලගන නෙ .....මෙහම ගිහින් අපි දරුපැටියෙක්ව වත් හදාගන්නෙ කොහොමද අම්මෙ.......මගෙ එක්කෙනා ඔහොම බොන කෙනෙක් නෙවෙ...ඔයාගෙ මහත්තයා මගෙ අහිංසකයව නරක් කරනවා......
ඇත්තමයි මට දැන් ජීවිතේම එපා වේගන එන්නෙ....මට මහන වෙන්න හිතෙන වැඩ කරන්න හදන්න එපා......මගෙන් සාසනේට වෙන හොදක් නෑ අම්මෙ......
එක්කො ඔයාගෙ මනුස්සයා, අපෙ අප්පච්චිට කියන්නකො ඔය බොන්න නහස්ති කරන සල්ලි එකතු කරලා මට දෑවැද්දක් වත් දෙන්න කියලා....මමත් මෙහෙම උන්නට කලවයස හරිනෙ.....දීගයන්න ඉන්නෙ ඇයි ඔයාලට ඔව්වා හිතන්න් බැරි...ඔයා ගියෙ දහනවයෙන්....හෝව්...පොඩ්ඩක් හෝව්...ඈ අම්මෙ ඔයා දහනවයෙන් නෙවෙනේ ගියේ....මාව හම්බෙනකොට නේ දහ නමය....ඈ....මාස නවයක් හම්බෙන්න යනවා.......එතකොට ...එතකොට ඈ අම්මෙ...දහ අටෙන්ද........??ඒකියන්නෙ මං අවුරුද්දක් පරක්කුයි කියන එක.....මට මෙහෙම කරන්නෙ ඇයි අප්පා....මගෙ දෑවැද්දට වත් දැන් මොකුත් තියනවද.....අප්පච්චි දවසට බොන සිගරට් ගාන එකතු කෙරුවොත් මට සමුද්‍රලාගෙ ගෙට එහාපැත්තෙන් තියන හිස් ඉඩම් කෑල්ලෙන් පර්චස් බාගයක් වත් ගන්න පුලුවන් ..ඔහෙලට මෙව්වා විහිලු.......
YOU ARE READING
🌊කා වා ඩි 🌊
Fanfictionසුදු චූටි ඔහෙ මගෙ ගාවින් එන කසිංජි සුවදට ඔය තරම්ම ආදරේද.....?