54. My Rose !!

419 74 88
                                    

Y O U

If you're Mine!
🥺❤️✨








ජංග්කුක් හිටියෙ ටේගෙ රූම් එකේ.. ටේගෙ අපාට්මන්ට් එකේ !! Dorm එකට දාන්න හැදුවත් ජංග්කුක් එතනින් බහින්නැතුව හිතුවක්කාර වෙලා රව රව බැන්න නිසා ටේ ජංග්කුක්ව තමන්ගෙ ගෙදර එක්ක ආවා..

" එව්වද ලොකේෂන්.. "

ටේ තමන්ගෙ කමිසෙ ගලවලා බිමට දාන ගමන් කියද්දි ජංග්කුක් එහෙමම බිම බලා ගත්තා.. ටේ මේ කොහෙවත් යන blind date එකක් නිසා තමන්ගෙන් පළි ගන්නවද කියලත් හිතුනා.. ඒත්__ මෙහෙම හරි කතා කරන්නෙ අදනෙ නේද..??

" හ්ම්ම්.. "

" ම්ම්.. මට ශෙයා කරන්න.. "

ටේ සාක්කුවේ තියන පෝන් එක අරගෙන night stand එක උඩින් තියන ගමන් ජංග්කුක්ට අවදානයක් නොදීම කිව්වා..

" යන්න ඕන්නෑ මට..හ්.. "

" ………… "

ජංග්කුක් කතා කලේ ටේ දිහා අසරණව බලාගෙන උනත් ටේ හැසිරුනේ මෙතන ජංග්කුක් කෙනෙක් නෑ වගේ.. ඒක ජංග්කුක්ට ලොකු අපහසුතාවයක් උනා.. ටේ ඉදලත් තනියම කතා කරනව වගේ එයාට දැනුනේ..

" අ..අප්පා දුක් වෙයි නොගියොත්..~ "

මෙච්චර වෙලා ජංග්කුක් කෙනෙක් නෑ වගේ හිටපු ටේ ඒක ඇහුව ගමන් නෝන්ඩියට වගේ සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න කට කොනකින් හිනා වෙනව ජංග්කුක් ටේගෙ side profile එකෙන් දැක්කා..

" වොෂ් කර ගන්න.. "

ටේ ටවල් එකක් අරගෙන ඇවිල්ලා ජංග්කුක්ගෙ අතට ගහන්න වගේ දෙන ගමන් කිව්වෙ ජංග්කුක් දිහාවත් නොබලා..

" මං හිර වෙලා හියොන්ග්.. "

ජංග්කුක් අසරණ විදියට ටේ දිහා බැලුවා.. ඒත් ටේට ඒ කතාව අහන්න ඕන්නෑ වගේ නේද..?? ඒකනෙ මේ හැම කතාවක් මගාරින්නේ..

" කීයටද යන්න තියෙන්නෙ.. "

ටේ ජංග්කුක් ඉස්සරහා හිටගෙන ඒ ඇස් දිහා කෙලින් බැලුවා..

" ඇයි මෙහෙම !! "

" ………… "

" අ..අටට.. "

ටේ එකදිගට ජංග්කුක්ගෙ කතාව මගාරින නිසා ජංග්කුක් දුකටත් එක්ක කෑ ගැහුවත් බිම බලාගෙන අතේ තියන බ්‍රේස්ලට් එක ගලවමින් ඉදපු ටේගෙන් ලැබුණ බැල්ම නිසා ඉබේම ටේගෙ ප්‍රශ්න වලට උත්තර දුන්නා..

Y O U || 태국___tk/ff💛🥀✨️Where stories live. Discover now