අදට ජන්ග්කුක් ටේහ්‍යුන් එක්ක ඉන්න ඇවිල්ලා සති තුනක් වෙනවා...ඉදලා හිටලා ඩිනර් එකට එලියට ගියොත් හරි හොස්පිටල් එකට චෙකප් වලට ගියොත් හරි ජන්ග්කුක් ටේහ්‍යුන්ගේ එපාර්ට්මන්ට් එකෙන් එලියට බැස්සෙම නෑ...ජින් එක්ක, නම්ජුන් එක්ක ලොකු ඕපයක් කෝල් අරන් කියෙව්වොත් හැරෙන්න ජන්ග්කුක් එක්ක ටිකක් හරි කතා කරන්න ඒ ගෙදර ඉන්නේ ජෙනී විතරයි..යූන්ගි කොහොමත් වැඩිය කතා කරන කෙනෙක් නෙමෙයි කියලා ජන්ග්කුක් දන්නවා...
ටේහ්‍යුන්වත් ලග නැති වෙනකොට , රෑට ආවත් ටේහ්‍යුන් වැඩිය කතා නොකරනකොට කොහෙවත් එක්කන් නොයනකොට ජන්ග්කුක්ට එපා වෙලා තිබ්බේ..ජිමිනුත් ප්‍රැක්ටිස් වලට ආයි ලංකාවට යන්න උන නිසා යූන්ගි , ජෙනීයිත් කොලේජ් ගියාම ජන්ග්කුක් දවසෙම කරන්නේ ෆිල්ම් බල බල ඔහේ අපාර්ට්මන්ට් එකට වෙලා ඉන්න එක...ටේහ්‍යුන්ගේ බිසි ශේඩූල් නිසා එයාට වෝර්ඩ් එකෙන් නිවාඩු ගන්න අමාරු නිසාත් , ජන්ග්කුක්ගේ අත හොද වෙනකම් ටේහ්‍යුන් එලියට ජන්ග්කුක්ව එක්කන් යන්නත් කැමති උනේ නෑ..
ඉතින් ජන්ග්කුක් හැමදාම කරන්නේ ටේහ්‍යුන් එක්ක එයාව එලියට එක්කන් යන්නේ නෑ කියලා වලි අල්ලන එක..මහන්සි වෙලා ගෙදර එන දවසට ජන්ග්කුක් වලි දාගත්තාම ඉතින් කේන්ති ගිහින් ටේහ්‍යුන් ජන්ග්කුක්ට අනිත් පැත්තට කෑ ගහන අවස්ථාත් නැතුව නෙමෙයි...ඒ වෙලේට ඉතින් ටේහ්‍යුන් එක්ක කේන්ති ගිහින් ජන්ග්කුක් කොට්ට මෙට්ට ඔක්කොම උස්සන් ටේහ්‍යුන්ගේ කාමරෙන් එයාගේ කාමරේට යනවා..ඊයේ රෑත් ඉතින් ඒ වගේ දවසක්...ටේහ්‍යුන්ට කේන්ති ගිහින් සැර කරලා ජන්ග්කුක් ඔක්කොම උස්සන් එයාගේ කාමරේට ගියා ගියාමයි ටේහ්‍යුන් උදේ යනකොටවත් ඇවිල්ලා බැලුවේ නෑ..
ටේහ්‍යුන්ට දුකයි ඉතින් ජන්ග්කුක්ට සැර කරපු එකට..ඒත් ඉතින් එයා කියලා මොනවා කරන්නද...එයාගේ වෝර්ඩ් එකෙ මේයින් ඩොක්ටර් විදියට ටේහ්‍යුන්ට වැඩ වැඩියි..සමහර දවස්වලට ඔපරේශන් දෙක තුන වැටෙනවා...ඉස්සර ජන්ග්කුකව අමතක කරන්න එහෙම හිටියට දැන් ජන්ග්කුක් ලග හිටියත් එයාගේ ශෙඩූල් එක පාරටම වෙනස් කරන්න ටේහ්‍යුන්ට අමාරුයි...මොකද ටේහ්‍යුන් ඉස්සර වැඩි හරියක්ම හිටියේ හොස්පිටල් එකේ...ඉතින් ඒ කාලේ කරපුවා දැන් ටේහ්‍යුන්ට එකපාරටම නවත්තන්න බෑ...ඇරත් ජන්ග්කුක්ට හොද වෙනකම් ටේහ්‍යුන් බයයි ජන්ග්කුක්ව එහෙ මෙහෙ එක්කන් යන්න..ටේහ්‍යුන් බයයි ජන්ග්කුක්ට තුවාලේ පෑරිලා රිදෙයි කියලා...අත හදන්න ගිහින් ජන්ග්කුක් සිහිය නැති උනාම ටේහ්‍යුන් කොච්චර බය උනාද කියලා දන්නේ එයාම විතරයි..
YOU ARE READING
You Are MY ENEMY || TK || Completed
Fanfictionකෙනෙක්ට ලන් වෙනකොට, එයා එක්ක ඉන්න වගේම එයා නැති උනාම ඉන්නත් පුළුවන් වෙන විදියට හුරු වෙන්න.. මොකද , " ඔයාට මට ආදරේ කරන්න පුළුවන් ද ?? " කියලා ඇහුවට.... " මන් නැතුව ඔයාට ඉන්න පුළුවන් ද ?? " කියලා කවදාවත් අහන්නේ නෑ...!! # Enemy to lover # Taekok 🔁