" Fu*ck !! "
ජන්ග්කුක් ටේහ්‍යුන් එක්ක එයාගේ ඩේට් එකට ඇවිල්ලා හිටිය තැන ගැන ජන්ග්කුක්ට ආව හැගීම් විස්තර කරගන්න බැරුව ජන්ග්කුක් ඒ පරන තාලේ බිල්ඩින්ග් එක දිහා බලන් ටේහ්‍යුන්ටයි එයාගේ පරම්පාරවටයි සාප කරන ගමනුයි හිටියේ..කාර් එකෙන් බැස්ස ඒ දෙන්නා තාම ඒ බිල්ඩින්ග් ඒක ඇතුලට ගියේ නෑ වගේම ජන්ග්කුක් බිල්ඩින්ග් එකේ උඩින්ම ගහලා තියෙන අකුරු ටික දිහා කටත් ඇරන් බලාගෙන හිටියා..
" ශා අපේ ඩේට් එක එහෙනම් මියුසියම් එකක් ඇතුලේද ?? "
ජන්ග්කුක් විශ්වාස කරගන්න බැරුව ටේහ්‍යුන් දිහායි ඒ අකුරු දිහායි බලන ගමන් අහනකොට ටේහ්‍යුන් හිනා වෙලා ඔව් කියලා ඔලුව වැනුවා..ටේහ්‍යුන්ගෙන් මීට වඩා දෙයක් එයාට බලාපොරොත්තු වෙන්න බෑ..
" යමුකෝ ඇතුලට..."
ජන්ග්කුක්ගේ අතත් අල්ලන් ටේහ්‍යුන් හිනා වෙලා හොටෙල් එහෙකට යනවා වගේ යනකොට ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා තාමත් විශ්වාස කරගන්න බැරුව බලන් හිටියා..ඇයි ටේහ්‍යුන්ට බැරි ටිකක් රොමෑන්ටික් වෙන්න...
මන් කියන්නේ කවුද එයාලගේ 1st date එක මියුසියම් එකක් තෝරගන්නේ ??
ටේහ්‍යුන්ගේ මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ !!
ජන්ග්කුක් පරඩැලක් වගේ ඇදිලා ටේහ්‍යුන් එක්ක ඇතුලට යනකොට ටේහ්‍යුන් නම් හිටියේ හරිම සතුටින්...ජන්ග්කුක්ව ඇදන් ගිහින් මියුසියම් එකේ තියෙන එක කෞතුක වස්තු විස්තර කරන ගමන් ටේහ්‍යුන් ලොකු දේශනයක් දෙනකොට ජන්ග්කුක් රවාගෙන ටේහ්‍යුන් දිහා බලන් හිටියා..ටේහ්‍යුන් මියුසියම් එකේ තැන් තැන්වලට ජන්ග්කුක්ව ගේ ඇතුලේ ඇදන් යනවා වගේ ඇදන් යනකොට ජන්ග්කුක්ට තේරුනා ටේහ්‍යුන්ට මියුසියම් එක නම් හොදට හුරුයි කියලා..
YOU ARE READING
You Are MY ENEMY || TK || Completed
Fanfictionකෙනෙක්ට ලන් වෙනකොට, එයා එක්ක ඉන්න වගේම එයා නැති උනාම ඉන්නත් පුළුවන් වෙන විදියට හුරු වෙන්න.. මොකද , " ඔයාට මට ආදරේ කරන්න පුළුවන් ද ?? " කියලා ඇහුවට.... " මන් නැතුව ඔයාට ඉන්න පුළුවන් ද ?? " කියලා කවදාවත් අහන්නේ නෑ...!! # Enemy to lover # Taekok 🔁