අට කොටස

271 37 22
                                    

"අනේ අම්මි...මාත් එනවා අනේ.."

අම්මිට ට්‍රාන්සර් ඇවිත් කියලා ඉස්කෝලෙ ඇරිලා ඇවිත් ලන්ච් එක ඒම අරන් ෆ්‍රී එකේ අම්මි එක්ක කදේ දාගෙන ඉන්නකොට කිව්වෙ එයා මට. අනේ මට නම් බෑ අර හැඟීම් දැනීම් නැති  දෙන්නා එක්ක ගෙදර වසන්න. තලපතයි , තාත්ති. අම්මි වගේ එයාලා හුරතල් කරන්නෙ නෑනෙ. මාත් ආසයිනෙ මාව උර්ත්ල්ල්ල් කරනවට.

"අනේ මැණික.. ට්‍රාන්සර් ආවට ලබන මාසෙ ඉඳලා වැඩ භාර ගන්න තියෙන්නෙ."

" ඉතින් මාත් එන්නම්. එහෙ ඉස්කෝලෙකට දාන්නකො අම්මි.."

මේ දෑස් ඉතින් ගේම එහෙම අතාරිනවද?

"අනේ චූටි පුතා.. බලන්නකො දරුවො. දැන් මේ අවුරුද්ද ඉවර වෙන්න තව මාස දෙක තුනනෙ. ලබන අවුරුද්දෙ එක්සෑම්. මේ ටික කාලෙකට ඉස්කෝලෙ වෙනස් කරන එක අපරාධයක්. අනික අගන වගේ යාලුවෙක් හම්බෙයිද ඔයාට?"

"අනේ අම්මී...."

අම්මිත් ඉතින් මගේ දුර්වලම තැන බළල් හීන් නූලට අබරනවා. ඔව් ඉතින් කසාද ගෑණි දාලා කොහෙ යන්නද? ඊව් කොට පගයා. අනේ අම්මි ඕනෙ අප්පා.

"අනේ අම්මි ඉතින් ඔයා ඒ ගියාම නිවාඩු කෝමද එන්නෙ?"

"නිවාඩු තියෙනවානෙ පුතා. මං අනිවාරෙන් ගෙදර එන්නම්. ක්වාට්ස් නැවතෙන්නෙ නැතුව. හැබැයි මගෙ මැණික මට පොරොන්දුවක් වෙන්න ඕන"

අම්මිගෙ ඇස් දෙකෙත් කඳුලු පිරිලා. එයාටත් දුක ඇති. ඒත් මොනා කරන්නද. අම්මිගෙ ජොබ් එකේ හැටි. එයාට යන්නම වෙනවා.

" මොකක්ද අම්මි?"

මං එහෙම ඇහුවම අම්මි මගේ අත් දෙකම එයාගෙ අතක් උඩට අරන් අනිත් අතින් ඔලුව අත ගෑවා.

"මගේ පුතා පාඩම් කරලා එක්සෑම් කරනවා කියලා මං දන්නවා. ඒත් අම්මි නෑ කියලා දුක් වෙන්න එපා. අම්මි පුළුවන් හැම වෙලේම ඔයාලව බලන්න එනවනෙ. අම්මිගෙ ජීවිතේම ඔයයි අයියයි තාත්තියි පුතේ. අම්මිගෙ හුස්ම ඔයාලා තුන් දෙනා. අම්මි කොහෙ කොතන හිටියත් අම්මිගෙ හිත තියෙන්නෙ ඔයාලා තුන් දෙනා ළඟ. මං ඒ ගියාට කොහොම හරි ට්‍රාන්සර් එක හදාගන්න බලන්නම්. ඒත් එතකම් යන්න වෙනවා පුතේ. මේ දෙවෙනි පාරට ආපු ලෙටර් එකනෙ. මට ඉග්නෝර් කරන්නම බැරි තත්වයක් තියෙන්නෙ."

දෑස් Where stories live. Discover now