"අඩෝ වස්තු මොකද උබට උනේ?"අම්මට වුකන්න කවුද යකෝ කණ ළඟ කෑ ගහන්නෙ? නිදාගෙන හිටියෙ උඩ ගිහින් ඇහැරුනා.
"අඩෝ උබට මාව අඳුරගන්න පුළුවන් ද? මාව මතකයි නෙහ්?"
අගනයා ඉස්කෝලෙ ඇරිලා කෙලින්ම ඇවිත් තියෙන්නෙ මෙහෙ වගේ. තාම යුනිෆෝර්ම් එක පිටින්.
"පිස්සුද පගෝ. උබ හිතුවද මගෙ ඔලුව උඩින් කන්ටේනර් එකක් ගියා කියලා මෙමරි ලොස්ට් වෙන්න. බල්ලෙක් කෑවෙ කැරි බල්ලෙක්"
මං අමාරුවෙන් ඇඳේ ඉඳගත්තා. උදේ තරම් අමාරුවක් නෑ. ඒත් තනියෙන් ඇවිදින්න කරන්න අමාරුයි කකුල රිදෙනවා. ඉන නලෝලා ඇවිදින්නත් බෑ අර බල්ලා හපලා. උදේ හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් වෙලා ගෙදර එනකොට නමය විතර උනා. මං හොස්පිට්ල් එකෙන් එලියට ඇවිත් වාහනේට නැගලා ඒක පිටත් උනාටත් පස්සෙයි සයාශ් අපේ අයියා එක්ක ගියෙ. අයියා තාම ආවෙත් නෑ. ගෙදර ආවට පස්සෙ තාත්තා මාව තුවාල තෙමන්නෙ නැතුව වොශ් කලා. කාලා බෙහෙත් එහෙම බිව්වට පස්සෙ සැපට නින්ද ගියා. නිදාගෙන ඇහැරුනත් ඉතින් ආයෙ නිදාගත්ත එක තමා කලේ ඉතින් වෙන කරන්න දේකුත් නෑනෙ.
"මං දන්නෑ බන් සීන් එක. ඊයෙ ආච්චිව බලලා ගෙදර එනකොට රෑ උනා. උදේ ඉස්කෝලෙ යන්න රෙඩි වෙලා වෙඩි වගේ මෙහෙට එනකොට උබලගෙ අම්මලා කොහෙද යන්න හදනවා. එතකොටයි අංකල් සීන් එක කිව්වෙ. මාත් ඉස්කෝලෙ නොයා එන්න හැදුවෙ. කොහෙද උබලගෙ අයියා අම්මෝ මහ පගයා හොඳ දෙකක් කියලා ඉස්කෝලෙ පලයන් කිව්වා. ඊට පස්සෙ නෑ නෑ උබව ඉස්කෝලෙ ළඟින් හලාගෙනම යන්නම් උබව ශුවර් නෑ කියලා මාවත් වාහනේට නග්ග ගත්තා."
බලු වැඩේ මූටත් වෙලා තියෙන්නෙ .
"කොහොමද අපේ සෙට් එක ඉස්කෝලෙ ආවද?"
"ඔව් ඔක්කොම ආවා උබ විතරයි අඩු. මට එපා වෙලා හිටියෙ ."
"ඔව් උබට පොංගල් කෙලින්න මං නෑනෙ."
මං උගෙ අහවල් තැනටත් පාරක් ගහලා කිව්වා.
"හෙට පෝයනෙ බන් කොල්ලො ටික එනවා කිව්වා උබව බලන්න. මං ආන්ටිටත් කියාගෙන ආවෙ."
"හරිනෙ ලෙඩ්ඩුම බලයි උන් ආවොත්"
"ඒක නෙමේ වස්තු සයාශ් අයියලු නෙහ් උබව බේරගත්තෙ. ඩයල් එක වෙලාවට ආවෙ. උබත් මොකටද බල්ලොත් එක්ක ඇටෑක් ශෝ දාන්න ගියෙ පාර මැද්දෙ"
YOU ARE READING
දෑස්
Fanfic'නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට... මගෙ සතුට හොයමි නුඹ ගාව....' සියල්ල අහිමි කල මේ භවයට මම ශාප කලද , ඔබව මුණගැස්වූ දෛවයට මම ප්රේම කරමි ❤️ ඉතින් ප්රේමයට රටා අඳින්නට අත් පොත් තැබූයෙමි.... ❤️