දහ නමවන කොටස

280 38 15
                                    

රෑ දොළහත් පහු වෙලා. ඔක්කොම නිදි. ඒත් මට නින්ද යන්නෙ නෑ. සිගරට් එකකුත් පත්තු කරගෙන එළියෙ තියෙන ගල් බංකුවට ඇවිත් ඉඳගෙන අහස දිහා බලාගෙනම ඇද්දා. අහසෙ හඳ විතරක් තියෙනවා. හොඳට බැලුවොත් හඳ ගාවින්ම චූටි තරුවක් දිලිසෙනවා. වෙන කිසිම තරුවක් මුලු අහසටම නෑ. හරියට මමයි මගෙ පොඩි එකයි වගේ. මගෙ පාලු අහසට පායපු එකම තරුව දෑස්. මට කියාගන්න තේරෙන්නෙ නෑ මං ඌට පට්ටම ආදරෙයි.

මට අද කල්පනා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ජීවිතේ ගෙවෙන කොච්චර නරක දවසකදි වුණත්, කවුරු හරි කෙනෙක් හදවතින්ම අපි වෙනුවෙන් ඉන්නවා කියලා දැනෙන එක හරි ලස්සන හැඟීමක්. ආදරේ කරන්න හැමෝටම පුලුවන් වුණාට, "මොන දේ වුණත් මට එයා ඉන්නවනෙ" කියන ලස්සන හැඟීම හිතක ඇති කරන්න හැමෝටම බෑ. මොනවා වුණත් අවුලක් නෑ අනේ මං ඔයාට ඉන්නවනෙ කියන, " It's just a bad day, Don't think too much " කියන, ගතින් හරි හිතින් හරි අපිව වැළඳගෙන හිත සනසවන මනුස්සයෙක්,  ජීවිතේ අපි කරන කරන හැමදේම වරදින දවස් වලදි අපි ළඟ ඉන්නවා කියන්නෙ, ඒක අපිට මාර හයියක් කියන එක. ජීවිතේ අපි කොච්චර නම් පිස්සු වැඩ කරනවද, අපේ ප්ලෑන්ස් අවුල් යන දවස් කොච්චර තියෙනවද..? එහෙම වුණාම පිස්සුවෙන් වගේ මූඩ් ගහලා කල්පනා කරනකොට, "මොන දේ හරි ගියත් වැරදුණත් මං ඔයත් එක්ක" කියන ෆීලින් එක කාගෙන් හරි දැනෙනවා නම්, ඒක හිතට ලොකු සහනයක්.

එහෙම හැඟීමක් දෙන කවුරුම හරි ආදරණීය කෙනෙක්, ජීවිතේ ඇතුළෙ ඉන්න මිනිස්සු ඇත්තටම හරිම වාසනාවන්තයි. අද මට ඒ හැඟීම දැනුනා. පලවෙනි වතාවට. දෙනුවා අකියා මගෙ ලයිෆ් එකට පට්ට සපෝර්ට් එකක් දෙනවා තමා ඒත් උන් දෙන්නට මාත් එක්ක ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා. උන් දෙන්නා මගෙ ඕනම ප්‍රශ්නෙකදි මගෙ ළඟින් හිටගන්නවා තමා ඒත් හැම වෙලේම ඒක කරන්නත් බෑ උන්ට. වැඩත් එක්ක බිසී වෙනකොට සමහර දවස්වලට අපිට කිසිම කනෙක්ශන් එකක්වත් තියාගන්න බැරි වෙනවා. ඒත් ඒ යාළුකම පට්ට ස්ට්‍රොන්ග්.

මං පොඩි එකෙක් වගේ අරූට තුරුල් වෙලා හිටියෙ. මට නොලැබුන මං හොයන ආදරේ ලැබෙනකොට ඉතින්  මට ඌ වෙනුවෙන් මේ මුලු ලෝකෙම අනිත් පැත්ත පෙරලන්න පුළුවන්. මට දෑස්ව මේ අත් අස්සෙ හංගගෙන මගෙ ළඟම තියාගන්න හිතුනා. අර අම්මා කියන ගෑණි කරපු වැඩෙන් පස්සෙ මං ගෑණු ගැන විශ්වාස කරන්න කැමති උනේ නෑ. උන් ගැන මට කිසිම ෆීලින්ග් එකක් ඇති උනේ නෑ අඩුම ක්‍රශ් එකක්වත්. උන් සේරගෙම බොරුව විතරයි. මං තීරණය කරලා තිබ්බෙ මගෙ ජීවිතේ මං කවදාවත් ගෑණියෙක් එක්ක බෙදාගන්නෙ නෑ කියලා. හැබැයි කොල්ලෙක් එක්ක මෙහෙම ආදරේ කරනවා කියලා එකක් මට තිබ්බෙත් නෑ. හැබැයි දෑස් කියන්නෙ මගෙ මැරුන ෆීලින්ග්ස් වලට පණ දීපු එකා. මට ඌට ආදරේ නොකර ඉන්න බැරි උනා.

දෑස් Where stories live. Discover now