පහළොව කොටස

289 40 23
                                    

" අම්මි ගිහින් එන්නම් චූටි මැණික හොඳද. අයියයි තාත්තියි කියන දේ අහන්න. මං නිවාඩු හම්බෙන හැමදාම ගෙදර එනවා හරිද. ඔයා වෙනදා වගේ සතුටින් ඉන්න ඕනෙ තේරුණාද? කෝ ඉතින් මේ අලි ඉලන්දාරි උනාම අඬන්නෙ නෑ හොඳේ. මගෙ ලස්සන ඇස් දෙක පරිස්සමෙන් ඉන්න ඕනෙ."

අද අම්මි නුවර හොස්පිට්ල් එකේ වැඩ බාර ගන්න යනවා. මට මතක ඇති කාලෙක ඉඳලා අම්මි අපිව දාලා මෙහෙම දුර නැවතිලා ඉඳලා නෑ. මං ඊයෙ රෑ නිදාගත්තෙත් අම්මියි තාත්තියි ළඟ. තලපතා වගේ නෙමේනෙ මම තාම ලාමකයි.

අම්මි අද තාත්ති එක්ක පිටත් වෙන්න හදන්නෙ. මාවයි අයියවයි ළඟ තියාගෙන දැන් ගොඩ වෙලාවක ඉඳලා අවවාද කරන්නෙ. අරක කරන්න එපා මේක කරන්න එපා. බ්ලා බ්ලා බ්ලා. 

"ලොකු පුතා මල්ලිව බලාගන්න. එයාට ඕන ඕන දේවල් කරන්න දෙන්න එපා. කලින් නම් මම හිටියනෙ. අද ඉඳන් ඔයාලා මට ඇහැ පේන මානෙ නෙමේ ඉන්නෙ. මගෙ කොල්ලො දෙන්නා තාත්තවත් බලාගෙන පරිස්සමෙන් ඉන්න ඕනෙ. දන්නවද පුතේ මට හරි ආඩම්බරයි මගෙ දෙපැත්තෙන් මගෙ ශක්තියට හිට ගන්න ඇත්තු දෙන්නෙක් වගේ කොල්ලො දෙන්නෙක් ඉන්නවනෙ දැන්. තාත්ති වෙලාවට කන බොන එක මග අරිනවා චූටි බලන්න ඕනෙ හොඳද."

"අම්මි බය වෙන්න එපා. මූට නටන්න මං දෙන්නෙ නෑ. නටාගෙන ආවොත් කන රත් වෙන්න දෙනවා සතියක් උණ ගැනෙන්න."

"අනේ අම්මි බලන්නකො ඔයා යන්නත් කලින් මූ මට ගහන්න බනින්න කතාව."

මම අඬ අඬම අම්මිට කේලම් කිව්වා. අම්මිත් අඬනවා. මහ පගයගෙ ඇස් වල කඳුළු තිබ්බට පෙරන්නෙ නෑ මම වගේ. මහ ගල් හිතක් තියෙන්නෙ. ඕකගෙ හිට්ලර් පාලනේ දාගෙන ආවොත්නෙ මගෙ හැටි දැනගන්නෙ.

"මල්මි යමු නේද? ලොකු පුතා හෙට මල්ලියි අකීශුයි අගනයි එක්ක එනවනෙ නුවර?"

"ඔව් තාත්ති අපි එනවා. ඔය දෙන්නා පරිස්සමෙන් යන්න. අම්මි මෙහෙ ගැන බය නොවී ඔයා වැඩ ටික කර ගන්න ම්ම්."

අයියා අම්මිට වැඳලා අම්මිව තනි අතින් බදාගෙන හිස් මුදුනට හාදුවක් දුන්නා. අම්මි ටික වෙලාවක් අයියට තුරුලු වෙලා හිටියා. ඊට පස්සෙ මටත් ළඟට කතා කලා.

දෑස් Where stories live. Discover now