"තිහස් මොකද මේ ඔලුව ගහගෙන"
"ඔයා ආවද"
"ඔයා අඩලා තිහස්.ඇයි කියන්න"
"නැ බන්.ඔලුව රිදෙනවා"
"එතකොට ඇයි මේ ඇස් වල කදුලු"
"ඔලුව කකියන නිසා බන්"
"මට බොරු කියන්න හදන්න එපා තිහස්.කියන්න මොකද්ද වුනේ කියලා"
"මුකුත් නෑ සහස්"
"හිටපන්කෝ මන් හොයාගන්න."
"........."
තිහස් කියද්දි මන් මුකුත් නොකියම ආයෙත් ඔලුව ගහගත්තා.
"ගුඩ් මෝර්නින් ලමායි."
ගණන් මිස් පන්තියට ඇවිත් කියලා එයාගේ කටහඩින් අදුනගද්දි මන් පොත් ටික මේස උඩින් තිබ්බා.පුරුදු විදිහටම පීරියඩ් අට ගෙවිලා යද්දී සහස් සැරින්සැරේ මොකද්ද වුනේ කියලා ඇහුවත් මන් කිසිදෙයක් කිව්වේ නැත්තේ මගේ ප්රශ්න වලට සහස්ව ගාවගෙන එයාවත් අමාරුවේ දාන්න බැරි නිසා.
"අපි කැන්ටින් එකට ගිහින් මොනාහරි කාලා එමු.පහ වෙනකන් ඉන්නත් එපැයි"
"හ්ම්"
මායි සහසුයි කැන්ටින් එකට යද්දි මන් දැක්කා අදීෂ අයියයි එයාගේ යාලුවෝ ටිකයි කැන්ටින් එකේ වාඩිවෙලා ඉන්නවා.එයා මොකද තාමත් ඉස්කෝලේ.ඕහ්..මට ඒක අමතක වුනේ කොහොමද.ශෝක්.දැන් ඉතින් මෙයත් එක්කනේ ප්රැක්ටිස් කරන්න ඕනි.
"ඔන්න දැන්නම් පුටු ඕන තරම් තියෙනවා හොදේ.ගිහින් අරූගේ ඔඩොක්කුවේ ආයෙත් වාඩි වෙනෝ නෙවේ"
"උබ හිතුවද මට කැහිල්ල කියලා උගේ ඔඩොක්කුවේ වාඩිවෙන්න."
"කවුද දන්නෑ එතකොට දවාලේ අරූගේ ඔඩොක්කුවේ ඉදගෙන බීම බිව්වේ"
"හරි හරි ඉතින්.යම්කිසි සිද්දියක් වුනා තමයි.ඕක අල්ලන් කියවන්න ඕනි නෑනේ"
"හාකෝ ඉතින්"
"දැන් ඉතින් මූත් එක්කනේ ප්රැක්ටිස් කරන්න ඕනි"
"කොහොමද උබට දැනෙන ආධ්යාත්මික සුවය"
"අතිවිශිෂ්ටයි සර්"
මන් අපායට ගහපු කැලැන්ඩරේ වගේ මූන හදාගෙන කියද්දි සහස් හිනාවුනා.අපි දෙන්නා හොට්ඩෝග් දෙකකුයි ෆ්රයිඩ් චිප්ස් පැකට් දෙකකුයි පෙප්සි දෙකකුයි අරන් වාඩිවෙන්න යද්දි දිවේශ් අයියා සහස්ට එයා ඉන්න තැනට කතා කරද්දි සහස් මාව ඇදන් එතනට ගියා.මූ පවුල් පන්සල් වුනාට පස්සෙවත් අපිට නිදහසක් නෑනේ.