5 වන පරිච්ඡේදය

166 16 4
                                    

ඉස්කෝලේ වැඩයි පාඩම් වැඩයි ක්ලාස් වල වැඩයි එක්ක මන් හිර වෙද්දි දන්නෙම නැතුව මාසෙකුත් ගිහින්.

"ආයුබෝවන් ලමායි.මම හිතනවා ඔයාලා ඉස්කූල් නෝටිස් බෝඩ් එක දකින්න ඇති කියලා.ඉතින් කලින් අවුරුදු වල වගේම මේ අවුරුද්දෙත්  කලාඋලෙළ තියෙනවා.මියුසික් සොසයිටි එකෙනුයි ඩ්‍රාමා සොසයිටි එකෙනුයි ඩාන්සින් සොසයිටි එකෙනුයි වෙනම අයිටම් ටිකක් කරනවා.ඊට අමතරව මේ පාර ප්‍රින්සිපල් සර් කියලා තියෙනවා එක සෙක්ෂන් එකකින් එක අයිටම්  එකක් ගානේ ඉදිරිපත් කරන්න කියලා.ඒ ගැන ඔයාලා අනික් ක්ලාසස් වල ලමයි එක්කත් කතා කරලා සෙක්ශන් හෙඩ්  එක්කත් කතා කරලා අපිව දැනුවත් කරන්න."

"මේ පන්තියෙන් අයිටම් එකට පාර්ටිසිපේට් වෙන ලමයි ගැන සම්පූර්ණ විස්තරයක් මට දෙන එක ක්ලාස් මොනිටර්ගේ ඩියුටි එක.තිහස් එහෙනම් ඔයා ඒ ගැන බලන්න පුතේ.ඒ වගේම සෙක්ශන් අයිටම් එකේ සම්පූර්ණ වගකීම ප්‍රින්සිපල් සර් භාර දීලා තියෙන්නේ සෙක්ශන් හෙඩ්ට.ඒක නිසා එයත් එක්ක ඔයාලගේ අයිටම් එක ගැන ඩිස්කස් කරගන්න ඕන.එයත් එක්ක අයිටම් එක රෙඩි කරලා ඉවර වුනාට පස්සේ ටීචර්ස්ලා ඒක ගැන බලලා රියසල් එක දවසට ඔයාලගේ අයිටම් එක දානවද කියලා තීරණේ කරනවා.තව මොනවාහරි දැනගන්න තියෙනවා නම් අහන්න.අපි එහෙනම් වැඩ පටන් ගමු.පෙරල ගන්න 3 වෙනි පාඩම හානා හීය පානා අඩහැරෙන් දැනේ...."

"ඒ බන් තිහස්. ඔන්න අලුත් මගුලක් පටන් ගත්තා.එච්චරයි අඩුවකට තිබ්බේ.ඒකත් හරි දැන් "

"ඔව් බන්.ලග ලගම ටර්ම්ටෙසුත් තියෙනවා.ක්ලාස් වල එක්සෑමුත් තියෙනවා.ඒ අස්සේ මේකත්.හරිම අගෙයි"

"ඒකනේ.."

ගීතානි මිස් ඇවිල්ලා කලාඋලෙළ ගැන කියද්දි මායි සහසුයි කතා වුනේ ඉස්සරහට තියෙන  එක්සෑම් ගැන .පැය හය පුරුදු විදියටම ගෙවිලා ගිහින් අන්තිමට බෙල් එක ගැහුවා.

"කට්ටිය මේ අහගන්න.සෙක්ශන් අයිටම් එකට පාර්ටිසිපේට් වෙන්න කැමති අය හෙට එනකොට ඒ ගැන හිතලා  තීරණයක් අරන් ඇවිල්ලා මට කියන්න.හරිද."

"එතකොට හසා එක ක්ලාස් එකකින් කීදෙනෙක්ට ඕකට පාර්ටිසිපේට් වෙන්න පුලුවන්ද."

බාදුරාවක් (Ongoing)Where stories live. Discover now