"පොඩී..........."
"පොඩී තමයි.මන් මේ දොර ඇරෙන සද්දෙට බලන්න ආවේ.සුදූ මොකද මේ මහ රෑ ජවුසන් නටන්න පටන් ගත්තද."
"අනේ නෑ පොඩී..."
"ලොකූට හරි තාත්තට හරි ඇහැරුනානම් එහෙම දන්නවනේ මොකද වෙන්නේ කියලා."
"ඔව් පො..ඩී..."
"ඔව් පොඩී තමා.අනේ අම්මපා කිසි බයක් සැකක් නැතුව මේ මහ රෑ ඔහොම ගෙදරින් එලියට යනවද"
"එයාට බනින්න එපා අයියේ.මමයි එයාට එන්න කිව්වේ."
"මොකටද.."
"ටිකක් කතා කරන්න"
"මොනවා කතා කරන්නද "
"මෙයාව මතක් වුනා"
"අදීෂ අයියේ."
"ඇයි"
"කට වහන් ඉන්නවද.විකාර කියවන්නේ නැතුව "
"මන් ඇත්තනේ කිව්වේ"
"ඇත්ත හරි බොරු හරි දැන් ඔයා ගෙදර යන්න"
"නෑ නෑ.මට එයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන.සුදූ තමුසේ දැන් යනවා කාමරේට"
"ඒ..."
"මන් කිව්වේ කාමරේට යන්න කියලා"
"හරි"
මන් එහෙන්ම ගේ ඇතුලට ආවා.මොනාද දන්නෑ ඔච්චරටම මන් නැතුව කතා කරන්න තියෙන දේ.මන් කාමරේට නොගිහින් දොර පිටිපස්සේ හැන්ගුනා.
"දොර පිටිපස්සේ හැන්ගෙන්න නෙවෙයි කිව්වේ.යනවා කාමරේට."
"හරි හරි.ඕන දෙයක් කතා කරගන්නවකෝ.මට මොකෝ"
මන් කාමරේට ආවා.පැය බාගයක් විතර යද්දි මට ඇහුනා දොර ලොක් කරන සද්දේ.එහෙනම් අදීෂ අයියත් යන්න ඇති.මොනාද දන්නෑ මෙච්චරවෙලා කතා කලේ.මුන් දෙන්නා එකතු වෙලා මට කුමන්ත්රණයක්වත් දියත් කරනවද දන්නෑ.කොල් එකක් දීලා අහගන්න ඕනි.
"හෙලෝ අදීෂ අයියේ"
"කියන්න"
"මේ...අපේ අයියා මොනාද ඔයත් එක්ක කතා කලේ"
"ඒක මගෙයි අයියගෙයි අතර කතාවක්.තමුසෙට වැඩක් නෑ"
"පුහ් අනේ මට මොකෝ.ඕක තියාගෙන ගහගන්නවා........ "