ගෙදර එද්දි රෑ අටත් පහුවෙලා.බාත්රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන කෑම මේසට ආවේ බඩගිනි නිසා .
"සුදු ස්ටඩීස් හොදට කරගෙන යනවා නේද"
"ඔව් තාත්තේ.අවුලක් නෑ"
"හ්ම්.පාඩම් කරලා කොහොමහරි ඕලෙවල් පාස්වෙන්න බලනවා.දන්නවනේ සුදු නැන්දගේ කට.රටේ නැති කතා අහගන්න අකමැති නම් විභාගේ කොහොමහරි ගොඩ දාගන්නවා"
"හරි තාත්ති"
"ඇහුනනේ තාත්තා කිව්ව දේ.මේ මන් වගේ හොදට පාස් වෙන්න බලන්වා"
"හරි හරි චූටි අයියේ කන්න දෙනවකෝ"
මම චූටි අයියට විරිත්‍තලා කන්න ගද්දි එයා මේස යටින් මගේ කකුලට ගහලා මටත් ආපිට විරිත්තලා කන්න ගත්තා.මූනම් ඇත්තටම මෝඩ බූරුවෙක්.ඒකට ලොකු අයියා.කොච්චර නම් හොදද පාඩුවේ කනවා.පඩි දවසට මට ඇදුනුත් අරන් දෙනවා.චූටි අයියට හිතින් දෙස් තියෙන ගමන් මන් ආයෙත් කන්න පටන් ගත්තා.කාලා ඉවර වෙලා කෙලින්ම ඇදට ගිහින් ෆෝන් එක අරන් ගෲප් එක පැත්තේ ගියේ කස්ටිය මොනාද දාලා තියෙන්නෙ බලන්න.
'ඔන්න හරියටම නවය හමාර වෙද්දි පැපිලියානට වරෙල්ලා'
'එල👍'
'මේ ඒයිලා අපි වන් ගෝල් ෆේස් නේද යන්නේ.'
'ඔව් ඔව්'
'හෙටනම් මන් ශොපින් කරනවා පැලෙන්න'
'Me too baby'
'හෙට එහෙනම් 9.30 වෙද්දි කට්ටියම පැපිලියානෙන් සෙට් වෙලා colombo යමු'
'Ok'
'ගුඩ් නයිට් කස්ටිය'
මැසේජ් ටික කියවපු මම ඔර්ලෝසුවේයි ෆෝන් එකේයි දෙකේම එලාම් එක තිබ්බේ හෙට නම් විනඩියක්වත් පරක්කු වෙන්න හොද නැති නිසා. ෆෝන් එක ටේබල් එක උඩින් තියලා ලයිට් එකත් ඕෆ් කරලා නිදා ගන්න හදද්දි තමයි මතක් උනේ හෙට යන ගමන ගැන අම්මට කිව්වේ නෑනේ කියලා .කමක් නෑ උදේටම කියනවා.බෙඩ්ශීට් එකත් කකුල වැහෙන්න පොරවගත්ත මම නිදාගත්තා.
පහුවදා මට ඇහැරුනේ ෆෝන් එකේ එලාම් එකේ සද්දෙට.නැගිට්ට ගමන් ෆෝන් එක අරන් වෙලාව බැලුවා.7.35 ඇදෙන් බැහලා බාත්රූම් එකට ගිහින් මූන හෝදලා ඉවර වෙලා කුස්සියට යද්දි අම්මා මොනවද බදිනවා.