4 වන පරිච්ඡේදය

159 14 0
                                    

ඉස්සරහට හම්බුනු ලොකු අයියටත් උත්තර දීලා මම බාත්රූම් එකට ඇවිත් මූන හෝදගෙන ඉවර වෙලා ලෑස්ති වුනා.

"අම්මා මන් යනවා හොදේ"

"පොඩ්ඩක් ඉන්න සුදූ.මේ කොළකැද එක බීලා යන්න."

අම්මා කොළකැද හැදලා තියෙනවා කිව්ව නිසා මම කුස්සියට ගියා.

"කොහෙද අම්මේ"

"ඔය ගෑස් ලිප ගාව. ඔයාගේ කෝප්පේට දාලා ඇති .පොඩි ඔය කෝප්පේ මල්ලිට දෙන්න."

"ආ ගන්නවා."

පොඩි අයියා මට රවන ගමන් කොළකැද කෝප්පේ මට දෙද්දි මම දැකපු දේත් එක්ක පුදුම වුනා 

"පොඩී මේ ඔයගේ අත ....."

"අම්මේ තව කොළකැද නැද්ද.ඒක රසයි"

නෑ මට කියන්න හම්බුනේ නෑ.මට කිසිමදෙයක් කියන්න නොදී අත හන්ගහත්තු පොඩි අයියා කතාව වෙන පැත්තකට හැරෙව්වා.කොහොමද පොඩිගේ අත කැපුනේ.මට හොදටම ෂුවර් මේක ඉබේම කැපුන එකක් නම් නෙවෙයි කියලා .මන් හිතුවා හරි.මොකක්ම හරි වෙලා තියෙනවා .ලව් කේස් එකක්ද දන්නෑ.මන් හොයාගන්නම්කෝ.පිට හොරෙන් ලව් කරන්න.ඒවා ඉතින් හදේ තමයි පුතේ.කෝප්පේ හෝදලා අම්මටත් වැදලා සාලේ පත්තරයක් කියව කියව හිටපු තාත්තටත් වැදලා පොත් බෑග් එකත් අරගෙන මම බස් හොල්ට් එකට ආවා .වැඩි වෙලාවක් ඉන්න වුනේ නෑ බස් එක ආවා.ඒ බස් එකටම තමයි සහසුත් නැග්ගේ .අපි  එකම බස් එකේ යන්න කතාවෙලා තමයි එන්නේ.මන් බස් එකට නැග්ගට පස්සේ එයාට කෝල් එකක් දෙනවා. මන් එන බස් එකේ විස්තර කියන්න .සමහරදාට ඕක වැරදිලත් තියෙනවා .ඒක ඉතින් වෙනම කතාවක් .

"සහස් ,ඔයා අද ගොඩාක් නවර්ස් වෙලා වගේ.ඇයි ඒ.කාරණා කිමැයි කියන් මේ පාරනා මෙමා සන්කුට්ටෝ."

"කාලයක් තිස්සේ අපි හොදම යාලුවො නිසා අපිට අනිත් කෙනාගේ හිත කියවන්න පුලුවන් වෙලා නේද තිහස් "

"ඔව් බන්.කාගේ නැතත් මට උබ ගැන කියන්න පුලුවන්.හරි දැන් මට කියපන්කෝ උබ ඔච්චර නර්වස් වෙන්න හේතුව"

"මන් අද දිවේශ් අයියට කැමැත්ත දෙනවා බන්.මට හිතෙනවා එයා තමයි මට ගැලපෙනම කෙනා කියලා . එයා මගෙන් ආස්කවුට් කරපු දවසේ ඉදන්ම මේ වෙනකන් අපි දෙන්නා කතා කරා.අපි අපේ අදහස් බෙදා ගත්තා.එයා ඇත්තටම මට ආදරෙයි.මට ඒක එයාගේ වචන වලින් හොදටම දැනුනා බන්.මන් හිතනවා මට එයත් එක්ක දුර ගමනක් යන්න පුලුවන් වෙයි කියලා."

බාදුරාවක් (Ongoing)Where stories live. Discover now