Chapter 46

535 92 13
                                    

" ලොකූ මේ දොර අරින්න...!! ප්ලීස් ලොකූ..."

" ටේහ්‍යුන් මේ දොර ඇරපන් හු#$% !! "

" ලොකූ ප්ලීස්...ම...මන් වෙනුවෙන් දොර අරින්න...ප්ලීස්..."

ජන්ග්කුක් ,හොබී දෙන්නා සෑහෙන්න වෙලේක ඉදන් ටේහ්‍යුන්ගේ දොරට ගැහුවත් ටේහ්‍යුන් නෙමෙයි දොර ඇරියේ..දොර ඇතුලෙන් ලොක් කරලා නිසාත් , දොරේ ශක්තිමත් බාවය නිසාත් දෙන්නාගෙන් කාටවත් දොර අරින්න ලේසි උනේ නෑ..

" ල්..ලොකූ ඔයා මේ දොර ඇරියේ නැත්තම් මන් දොර කඩාගෙන එනවා !! "

ජන්ග්කුක් අන්තිම වතාවට කේන්තියෙන් කෑ ගහනකොටවත් දොරේ ලොක් එක ඇරුනේ නෑ..ටේහ්‍යුන් දොරට ඇතුලෙන් ලොක් එකක් දාලා නිසා එක්ට්‍රා කී එකෙන්වත් දොර අරින්න බැරි උනාම හැමෝම හිටියේ හුගක් අසරණ වෙලා..වෙන දවස්වලට ටේහ්‍යුන් දුක හිතුනාම ක්ලබ් එකට ගිහින් බීලා හරි හිත නිදහස් කරගත්තාත් අද කිසිම සද්දයක් නැතුව කාමරේට වෙලා ඉන්නකොට හැමෝගෙම හිතට දැනුනේ මූසල හැගීමක්..

මේ වෙනකොට ජෙනීත් ගෙදරට ඇවිල්ලා හිටියා වගේම උනේ මොකක්ද කියලා නොතේරුනත් සෝෆා එකේ තාමත් අඩමින් ඉන්න යූන්ගි නිසාත් ටේහ්‍යුන්ගේ දොර ගලවන්න හදන ජන්ග්කුක් හොබි දෙන්නා නිසාත් වෙලා තියෙන්නේ හොද දෙයක් නෙමෙයි කියලා ජෙනීට තේරුනා..

" ටේහ්‍යුන් උබ ආයි මොකක් හරි කරගෙන තිබ්බොත් ඇත්තමයි කලින් වගේ බේරගන්නේ නැතුව උබව මන් මරලාම දානවා !! "

හොබී කේන්තියෙන් කෑගහනකොට මේ දේවල් අහන් හිටපු යූන්ගි වගේම ජෙනීත් හොබි දිහා බැලුවේ පුදුමෙන්...හොබී කියපු දේ ඒ දෙන්නාටම නොතේරෙනකොට කෑ ගහලා කෑ ගහලා බැරිම තැන ජන්ග්කුක් අඩාගෙනම ඒ දොරට හේත්තු උනා..

" ල්..ලොකූ ප්..ප්ලීස්..."

කෑ ගහලම ජන්ග්කුක්ගේ කටින් සද්දේ පිට නොවෙනකොට දොරට හේත්තුවෙලා ජන්ග්කුක් හිමිට මිමිනුවා..ජන්ග්කුක්ට දැනුනේ ඔලුව පුපුරන්න තරම් වේදනාවක්..ඇයි හැම තිස්සෙම මෙහෙම ප්‍රශ්න එන්නේ...එයාටයි ටේහ්‍යුන්ටයි සතුටින් ජීවත් වෙන්නම බැරිද කියන දේ ජන්ග්කුක්ගේ හිත හොදටම රිද්දුවා..

You Are MY ENEMY || TK || CompletedWhere stories live. Discover now