"අඩෝ ආශි උබ කොහෙට උට්ටො මෙච්චර වෙලා හිටියෙ ?""....."
මේකි අදත් ඔය අඩන්නෙ මොකටද කියල එයාගෙන් අහන්න ඔනෙ උනේ නෑ. දැක්ක ගමන් මම දැනගත්ත මොනා වෙලාද ඔය එන්නෙ කියලා.එකි හැමදාම එයගෙ ඔලුව උඩ තියන් ඉන්න රිනා අක්කා එක්ක මොකක් හරි කේස් එකක් ඇදගෙනමයි උදෙන්ම පන්තියට එන්නේ.අඩන එක අහන්නත් දෙය යැ.
"ම - මම හිතුවෙ නෑ එයා මට මෙහෙම ගහයි කියල"
" හොද වැඩේ තව ඇගේ එල්ලෙන්න යනවට ඒකිගෙ. උබටත් ඉන්න බැරි පුපේ අමාරුවනෙ"
"...."
බැනුම් අහනව මදිව්ට තව ගුටිත් කාලා ඇවිත් මේකි. මේව බලන් ඉන්න තනිකඩ අපිට රන්ඩු වෙන්නවත් ලව් එකක් නැති එක හරි වේදනාකාරී සහෝ.
කොහොම හරි ආශිව සනසලා පන්තියෙන් එලියට පනිද්දිම තිබ්බ හදිස්සියට මොකෙක්ගෙ හරි ඇගේ හැප්පෙනව විතරයි දැනුනෙ එතනම බිම ඇදගෙන වැටුන.
"අනේ සොරි නිශිනි...ඔයාට අවුලක් නැද්ද" ( නැගිටින්න අත දෙන ගමන්)
"අ-අ-අවුලක් න්-නෑ මම හොදින් "
එයාගෙ ඒ ගැඹුරු කටහඩ අදටත් මගේ කන් දෙක ඇතුලෙ දොන්කාර දෙනවා.එදා ඔයා ඔය විදිහට මට කතා කලේ නැත්තම් මම තාමත් හොදින් අනන්යා.ඔයාගෙ අත අල්ලද්දි මට දැනුනෙ අමුතුම හැගීමක් එදා. එයා මට නැගිටින්න උදව් කරල ඒ කට කොනින් හිනා වෙලා යන්න ගියා.
"ට්රීං ට්රීං"
ඉන්ටර්වල් බෙල් එක ගැහුවට පස්සෙ මායි ආශියි එලීනයි පතබෑවුනේ කැන්ටිමට.ගිය ගමන්ම එතන එලීනගෙ එකී වන ස්වේතා හිටපු නිසා එලීනා ගියා එයා එක්ක කතා කරන්න.මොනා උනත් මේ තනිකඩ මම ගැම්මෙන් ඉන්න ඕන.ආශි උස නිසා එකිට සල්ලි දීල කිව්වෙ අයිස් තුනක් අරගන්න කියලා.ඒවත් කකා එලියට යන්න හදදිම කොහෙවත් හිටපු නැති අනන්යා කඩාපාත් උනේ කැන්ටින් එකට එලීනගෙ එකී වන දිව්යාංගනාව ස්වේතට කතා කරන්න.කියන්න බැරි උනානෙ අනන්යා ආශිගෙයි එලීනගෙයි එකීලගෙ යලුවෝ කියලා.
.
.
.
.
.ඔන්න එහෙනම් මගේ 1st chapter එක ලියල ඉවරායී.... ☁️<3
ඔයාලගෙ අදහස් කියාගෙන යන්න ලමායි . ආදරෙයි මේක කියවන හැමෝටම..❤️
YOU ARE READING
අශිනි
Romanceගහකින් වැටුනු මලක් පාගගෙන තලාගෙන යන මිනිස්සුන්ට වඩා ඒ මල අහුලගෙන පරිස්සමින් තියගෙන ඉන්න මිනිස්සු හරිම දුර්ලබයි.... 🥀<3