එදා ගොඩක් රෑ උන නිසා මම අනන්‍යාව ගනන් ගන්නෙ නැතුව room එකට ගිහින් නිදගත්තා.
"ට්‍රීං ට්‍රීං"
නිදගන්න කොට්ටෙන් ඔලුව තිබ්බ විතරයි කෝල් එකක් එකපාරටම කඩාපාත් උනා.මාව ගැස්සුන පාර වහලෙ ගිහින් වැදුනෙ නැති ටික විතරයි.
"හෙලොව්.." මම නිදිමතෙන් කතා කලේ මේ වෙලාවෙ කවුරු උනත් කමක් නෑ කියලා..
"Hello are you miss Nishini ?? We need you help right now"
"Wait a minute who is this ?" මම එහෙම ඇහුවෙ මේ කෝල් එක ආවෙ අනන්‍යාගෙ නම්බර් එකෙන් කියල දැක්කම ඒත් එයාගෙ කටහඩ නොවුන නිසා.
"I'm from the hospital london bridge.Do you know someone who is miss ananya??"
"Oh yeah yeah I know her. Why ?"
"She is admitted to the hospital at the moment due to an accident while driving drunk. Can you please come quick cuz she told me that you are her girlfriend"එයා එහෙම කිව්වම මගෙ හදවත විනාඩියකට නතර උනා වගේ දැනුනා.මට උඩ යන්න හිතුනෙ අනන්‍යා එයාට මම එයාගෙ girlfriend කියල කියපු නිසා කිව්වොත් හරි.
"She said what ???!!! And omg she had an accident. Ok ok I will come quickly"
මම අතට අහු උන ඇදුමක් දාගෙන taxi එකකුත් දාගෙන ගියේ hospital එකට.මම කවදාවත් දැනගෙන හිටියෙ නෑ එයා බොනව කියල.ඒත් කවදාවත් බොන්නෙ නැති එයාට බොන්න තරම් ආව ප්‍රශ්නෙ මොකක්ද ??
විනාඩි පහකින් hospital එකට ගිය ගමන් මම එතන හිටපු නර්ස් කෙනෙක්ගෙන් අහගෙන ගියේ අනන්‍යා ඉන්න වාට්ටුව හොයාගෙන.මම කෙලින්ම ගිහින් නතර උනේ අනන්‍යා ඉන්න වාට්ටුව ලග.ඇත්තටම ලංකාවෙ hospital වලට වඩා මාර පහසුකම් තොගයක් මෙහෙ තියෙනව කියල තේරෙන්නෙ දැන් සහෝ.
මම තිබ්බ හදිස්සියට වාට්ටුව ඇතුලට දුවගෙන ගියා.අනන්‍යාව දැක්ක මට සට පට ගාල කදුලු පැන්න.එයාගෙ එක අතක් කැඩිල අනිත් පැත්තෙන් ඔලුවෙ බැන්ඩේජ් දාල අනිත් පැත්තෙන් කකුල තුවාල වෙලා.ඉතිම් ඇඩෙන එක අහන්නත් දෙයක්ද.
"අ-අ-අනන්‍යා ඔයාට මේ මොකද වෙලා තියෙන්නෙ??"
"න්-නිශිනි ඔයා මාව බ්-බලන්න මේ දැන්ම ආවද??"
එතන හිටපු නර්ස්ට කිසිම දෙයක් තේරුනේ නෑ කියල එකනම් මට දැනුන.එයාලට සිංහල කියක දෙයක් පුලුවන් කියල මම නම් හිතන්නෙ නෑ.
"Amm... okay well... you guys continue talking...I will go out. But if you need any help , let me know"
"Ah okay thanks we will..."
එයා වාට්ටුවෙන් එලියට ගිය ගමන් මට ආයෙත් ඇඩෙන්න ගත්තා.
"අනන්‍යා ඔයා මොනාද මේ කරගත්තෙ???"
"ස්-සොරි නිශිනි ඔයාව room එකේදි ගනන් ගන්නෙ නැතුව දොර වැහුවට"
"ඒක නෙවෙයි අනන්‍යා මෙතන වැදගත්...ඔයාට මොකද අනේ මේ උනේ.. ඇයි ඔයා කවදාවත් නැතුව බිව්වෙ.ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද කියන්න මට"
"ඔ-ඔයා දන්නෙ කොහොමද මම බිව්ව කියල."
"අනේ මෝඩ පැටියො මට නර්ස් කිව්වා.දැන් කියන්න මොකක්ද ප්‍රශ්නෙ කියල" මම ඇස් දෙකේ කදුලු පුරවන් ඇහුවා.
"ඔයා තමයි නිශිනි ප්‍රශ්නෙ...ඔයයි ප්‍රශ්නෙ...ඇයි ඔයා මාව අත ඇරියෙ..ඔයා දන්නෙ නෑ මට කොච්චර රිදුනද කියල"
"ම්-මොකක් මමද මෙතන ප්‍රශ්නෙ..."
මට තව ඇඩෙන්න ගත්තා...
.
.
.
.
හරී ඔන්න 12th chapter එක ලියලා ඉවරායී 💓ඊලග එකත් අරන් ඉක්මනට එන්නම් ලමායි
YOU ARE READING
අශිනි
Romanceගහකින් වැටුනු මලක් පාගගෙන තලාගෙන යන මිනිස්සුන්ට වඩා ඒ මල අහුලගෙන පරිස්සමින් තියගෙන ඉන්න මිනිස්සු හරිම දුර්ලබයි.... 🥀<3