"චූටී.... නැගිටින්න බබා ඉක්මනට ඉස්කෝලෙ යන්න පරක්කු වෙනවා..."
ඔන්න ඉතිම් උදේ පාන්දරින්ම කන ගාවින් අම්මගෙ ඝාන්ටාරෙ තිබ්බා..
"බෑ අම්මා අද ඉස්කෝලෙ යන්න මගෙ ඔලුව පැලෙන්න වගේ රිදෙනව හොදටම...ආහ්.."
"අනේ ඇයි බබා??? හරි හරි ඔයාට අමාරු නම් ගෙදර ඉන්න මම ඉක්මට කෑම හදල අරන් එන්නම් චූටි..පෙන්ඩෝල් දෙකක් බොන්න ඊට පස්සෙ හරිද.."
"හරී අම්මා...."
අම්ම කාමරෙන් ගියා විතරයි මම ආයෙත් ඔලුව කොට්ටෙට ඔබා ගත්තා.අද අනන්යා රට යන දවස කියලා මතක් වෙද්දි මට පිස්සු වගේ අහ්හ්...එයා මට ඊයෙ රෑ කතා කරනව කිව්වත් මගේ ඒ බලාපොරොත්තුවත් නැති උනා ඒක නිසා මට ඊයෙ ඉදලම ඔලුවෙ කැක්කුම.මට ඉතිම් මිග්රේන් තියෙන නිසා පුදුම වෙන්න දෙයක් නෙවෙයි ඔලුව කැක්කුම හැදෙන එක.
මම හෙමීට ඇදෙන් නැගිටල ෆෝන් එක අරන් බැලුවෙ මම අනන්යාට ඊයෙ දැම්ම මැසේජ් එක දැකලද බලන්න.
"Hi anannya...heta parissmn yanna.mata eheta gihin massage ekak danna harida?? "
(Not seen)ඒක වත් එයා දැකලා නෑ කියල දැක්කම මට එයා නැති පාලුව තදින්ම දැනුනා.එක්කො එයා මාව මග හරිනවා මමත් එයාව මග හැරිය නිසා.අනේ මන්දා දෙයියො තමයි දන්නෙ මේවා....
මම ෆෝන් එක අතේ තියන් අඩන්න ලෑස්ති වෙලා ඉද්දි එක පාරටම..
"ටිං..."
ඔව් ඒ එයා තමයි එයා මට මැසේජ් කරලා හැබැයි මට සෑහීමකට පත් වෙන්න පුලුවන් මැසේජ් එකක් නෙවෙයි ඒක...she was like..
"Hari"
හරි ???එයාට එච්චරද කියන්න පුලුවන්.අඩුම තරමෙ එයාට කියන්න තිබ්බනෙ 'හරි මම පරිස්සමින් යනවා' කියලාවත්.ඇයි එයා මගෙ හිත මෙහෙම රිද්දන්නෙ???එයා එක වෙලාවට හරිම හොදයි හැබැයි තව වෙලාවකට ගිනි ඇවිලුනු භයානක යකෙක් වගේ.මට එයාව තේරුම් ගන්න බෑ ඇත්තටම.මගේ ඇස් දෙකෙන් කදුලු ගලාගෙන ගලාගෙන යන්න ගත්තා.
"අනේ චුටී....මගේ මැනික..ඇයි මේ අඩන්නෙ??අම්මට බලන්න බෑනෙ ඔයා අඩනවා...අනේ සුදු පැටිය මගේ කෝ එන්න අම්ම ලගට..."
"අ-අ-අම්මේ..."
මම දුවලා ගිහින් අම්මව තදින් බදාගත්තා...මම ගොඩක් වෙලා අම්මගෙ තුරුලෙ ඇඩුවා..මට පොඩි හරි සහනයක් ගන්න පුලුවන් අම්ම ලග ඉද්දි විතරයි...අම්ම තරම් මාව සනසන්න දන්න කෙනෙක් ලෝකෙවත් නෑ හැබැයි අනන්යා තරම් මට රිද්දන කෙනෙකුත් මට ජීවිතේටවත් හම්බෙලා නෑ....
මට අන්න එදා තේරුනා හැම කෙනාම හැමදාම අපි එක්ක ඉන්නෙ නෑ කියලා.මට හිතුන අනන්යා මාව අතඇරිය කියලත්.මගේ ජීවිතේ මහ කරුමයක් දෙවියනේ...මට තවත් හයියක් තිබ්බෙ නෑ එයාට කතා කරන්න තරම් ඒක නිසා මම එයාට වදයක් වෙන එක නතර කලා....
.
.
.
.
හරී...9th chapter එක ලියලා ඉවරායී 💓ඊලග එකත් ඉක්මනට අරන් එන්නම් ලමායි ❤️✨️
YOU ARE READING
අශිනි
Romanceගහකින් වැටුනු මලක් පාගගෙන තලාගෙන යන මිනිස්සුන්ට වඩා ඒ මල අහුලගෙන පරිස්සමින් තියගෙන ඉන්න මිනිස්සු හරිම දුර්ලබයි.... 🥀<3