එයාපෝර්ට් එකට වෙලා කොල්ලො රොත්තක් මග බලන් හිටියෙ අවුරුදු හයකට කලින් මව් බිමට ටටා කියපු රූපේ ආයෙත් මව්බිමට හායි කියන්න එනකන්.
"ආන් එනවා පොඩි බොසා"
ඒ රූපෙ එනකොට නමින් ලෝහිත වෙච්චි අන්වර්ථ නාමේ ලෝකා වෙච්චි කොල්ලා කෑගැහුවේ සතුටට.අනික් කොල්ලො රොත්තත් එතනට ගියේ ඒ රූපෙ දැකපු සතුටට.
"පොඩි බොස්"
"ලෝකා..."
"බො..බො..ස් පට්ටෙට වෙනස් වෙලා"
කාලෙකට කලින් රාකිල් ශර්ධ ගොඩලියද්ද නමින් කෑලි කෑලි වලට බිදුණ මනුස්සයෙක් වුන වර්ථමානේ බුලට් කියන පාතාල නායකයා ලෝකායි අනික් උනුයි දිහා බලන් හිටියෙ සතුටක් එක්ක.මව් බිමට පය ගහපු සතුටට වඩා කොල්ලට තිබ්බේ තමන්ගෙ අන්තිම ගොදුර අල්ලන්න ආපු එකෙ සතුට.
"බො..ස්.."
එක කොල්ලෙක් කතා කරද්දි බුලට් ඇහිබැම උස්සලා ඇයි ඇහුවේ අර යකා ගැරඩියා වගෙ ඇඹරෙද්දි.
"ඕකට ලාම්පු තෙල් කාපු පාම්බුවා වගෙ ඇඹරෙන්න ඕන්නෑ.චොකලට් ගෙනාවා"
මූණ එලිය වුනා.වෙලාවකට බුලට් ටත් සැකයි මුන් මැරයොද කියලා.
"අහ්..."
එයාපෝර්ට් එකෙන් එලියට ආපු හැටියෙම බුලට් මනුස්සයෙක්ගෙ ඇගෙ හැප්පුනා.
"කොහෙද ඕයි යන්නෙ"
ඒ මිනිහා කෑගහලා අහද්දි ඊට ඉස්සරහින් ෆෝන් එක්කුත් කනෙ තියන් ගිය මනුස්සයා පිටුපස්ස හැරුණේ බුලටුත් ඇස් වලින් රවලා ඒ මනුස්සයා දිහා බලනකොට.ඒත් බුලට් ගෙ කොල ඇස් එක්ක ඒ තද කලු ඇස් යා වුනේ දෙන්නටම ඉන්න තැන ගැන සිහියක් නොවෙද්දි.
"හෙලො..හෙලෝ..."
මෙච්චර වෙලා කොළ ඇස් එක්ක යා වෙලා තිබුන කළු ඇස් අයිතිකාරයගෙ අවදානෙ බිදුනේ ගඩොල් භාගෙන් එහාපැත්තෙ ඉදන් බෙරිහන් දෙන එකාගෙ සද්දෙට.
"කියන්න"
එහෙන්ම කොළ ඇසුත් හැරිලා යන්න ගියේ ලෝකා හෙමින් එයා ගාවට කිට්ටු වෙද්දි.
"මැම්බා"
"කියපන්"
" අර ගිය එකාව නම් මට ඇල්ලුවේ නෑ"
"ඔව් ඇල්ලුවේ නෑ ඇගෙ හැප්පුනා විතරනෙ"
කළු ඇස් අයිතිකාරයා කියද්දි අර මැර පැටියගෙ මූණ ඇද වුනා.නමින් දෙව්නක අභිලාශ් වික
ක්රමරත්න ආඩම්බර ලීලාවෙන් කට කොනට හිනාවක් ගත්තා.◴
◴
◴
◴
◴
◴
"බොසා.."
"ම්ම්"
"අර ඇගේ හැප්පුනේ..."
"ඔව්"
"එතන උගෙ බොස් හිටියේ ෆෝන් එකක් කනෙ ගහන්"
"ඕ"
"ඒ තමයි අපිට අරූව මරන්න නොදි ඌව ආරක්ශා කරන එකා..බ්ලැක් මැම්බා"
බුලට් එතනම නැවතුනේ කට කොනෙන් හිනාවෙන ගමන්.
ආයෙත් එනකන් මගබලන්.
YOU ARE READING
The shoot(☑)
Mystery / Thriller"අවි ගත්තො අවියෙන්ම නැසෙති" අදට නවතිමු,මේ සංසාරේ කොහෙදි හරි අපි ආයේ හම්බෙනකන්(දෙව්නක) හම්බුන කෙනා නෙවේ වැරදි,හම්බුන විදියයි කාලෙයි තමා වැරදි(රාකිල්) ♥♥