එක වහලක් යට,කෙස් ගහක වෙනසක්

107 16 2
                                    

එක වහලක් යට

මැම්බා ඉක්මනට ඔලුව පහත් කරගත්තෙ උඩින් ආපු කොස්ස චන්දෘගෙ ඇගේ වදිද්දි.

"ආව්හ් අම්මෝ..."

"මට කොස් කන්නෝනෙ..."

මැම්බා ඔලුව දෙපැත්තට හෙලෙව්වේ විහින් දාගත්ත කරදරෙ ගැන හිතලා.බුලට් මේ කෑගහන්නෙ දොළදුකට කොස් ඉල්ලලා.මේ පැත්තෙ බෙහෙතකටවත් කියලා කොස් ගහක් නොවෙද්දි මැම්බා චන්දෘ එක්ක කිලෝමීටර ගානක් කොස් හොයන් ගියා.

"ඒනම් බොසාගෙම පැටියෙක් තමා..."

මැම්බා චන්දෘ දිහා බැලුවේ නිකන් අසරණ වෙලා වගෙ.අවුරුදු ගානක් ලේ වගුරපු බ්ලැක් මැම්බා අද ඒවගෙන් ඈත්වෙලා හම්බෙලා මාස ගානක් වුන කොල්ලට කන්න කොස් හොයන්න යනවා.

"බොස්..."

"ම්ම්"

"ඇත්තටම ඇයි පොඩි එකාව නැති කරලා බුලට්ට යන්න නොදුන්නෙ..ඔයාලා දෙන්නා තරහයිනෙ."

"දන්නෑ බන්"

"බොසා ආදරෙයිද බුලට් ට"

මැම්බා ඒකට පිලිතුරු නොබැන්දේ තවම තමන්ටවත් ඒකට උත්තරයක් නැති නිසා.ආදරෙයි වෛරෙයි තියෙන්නෙ කෙස් ගහක වෙනසක් කිව්වට බුලට් ට මැම්බා ගැන තියෙන තරම් තරහක් මැම්බට බුලට් ගැන තිබුන්නෑ.

කෙස් ගහක වෙනස

මැම්බා ගෙදර ඇවිත් කොස් මැල්ලුමකුත් හදවගෙන බුලට් ඉස්සරහින් ඉදගත්තෙ ඒක කවන්න හිතාගෙන උනත් බුලට් හිටියෙ වෙනම කල්පනාවක.

"මේ...."

"......."

"ඒ..."

"...."

"රාකී"

"ඇහ්"

බුලට් ගැස්සිලා වගෙ බලන් හිටියේ මැම්බා දිහා.

"ආ..කන්න"

මැම්බා කවනකන් පාඩුවේ කුරුල්ලෙක් වගෙ කට ඇර ඇර කොස් ටික ගිලලා දාපු බුලට් බලන් හිටියේ මැම්බා තව ටිකක් බෙදන් එනකන්.

'එකාතකට උබ පව් අයියෙ' බුලට් හිතුවේ මැම්බා දිහා බලන්.

"උබගෙනුත් පුදුම වදයක් තියෙන්නෙ."

"වදයක් කියන්නෙ...මමද කිව්වේ ඇනපන් කියලා..මන් කිව්වා මන් කොල්ලෙක් කියලා..ඔක්කොමත් හරි සනික මෝච්නය උනානෙ සීයා තාත්තට"

බුලට් කිව්වේ අහක බලාගෙන.

චන්දෘයි ලෝකායි මූණට මූණ බලාගත්තෙ ගේ ඇතුලෙන් ඇහෙන කතා බහ එච්චර හොද මදි නිසා.

"අර යකා වගේම තමා"

"පව් අපෙ බොසා..."

"අනෙ මන්දා....පව් නම් තමා...ඒත් ඌනෙ ගෙට පැනලා කරලා ගියෙ"

"දැන් ඒවාට ගෙවනවා...උදෙ කොස්ස පාවෙලා ඇවිත් මගෙ ඔලුවේ"

"නෑ....අම්මපා කියපන්"

"අම්මපා...යකො මැම්බා බලු වෙලා ඉන්නෙ ගේ අස්සෙ."

"ම්ම්හ්"

මැම්බා උගුර පෑදුවේ දෙන්නත් එක්කම අනික් පැත්ත හැරෙද්දි.

"ආන් උබලගෙ බොසා ඉන්නවා.."

"ම්ම්"

ඒත් එක්කම වගෙ වෙඩි සද්ද කිහිපයක් ඇහුනේ මැම්බාගෙ උරිස්සකුයි බඩයි උණ්ඩ වලින් පසාරු වෙද්දි..

"ඒයි...."

ලෝකා මැම්බවයි චන්දෘවයි ඇතුලට අරන් දොර වහගත්තෙ බුලට් වෙඩිල්ල වගෙ මැම්බා ලගට එද්දි.

"ආ............"

මුලු ගේම දෙදරලා යන්න බුලට් කෑගහද්දි තුන් දෙනාම හැරිලා බැලුවේ මොකුත් හිතාගන්න බැරුව.ඒ වගේම වෙඩි සද්දෙත් නැවතුනෙ බුලට් දොර ඇරන් එලියට ගිහින් ආයේ පිස්සෙක් වගෙ කෑගහද්දි.

"කොන්ද පන නැති පො%##යො.ඉස්සරහට එන්න හයියක් නැති ප#$කු.මන් දන්නවා තොපි තාම ඉන්නවා....මගෙ දේවල් වලට අත තියන්නෙපා යකොව්..."

අඩිය හප්ප හප්ප දගලන බුලට් ලගට ගෝලයො වටවුනෙ බුලට් වෙඩි තියපු උන් හොයන්න අණ දෙද්දි.

"තමුසෙ මෙහෙ එනවා"

මැම්බව අතින් ඇදන් ඇවිත් වාහනේට නග්ගලා චන්ඩෘව මැම්බා එක්ක ය්ව්වේ බෙහෙත් දාගන්න.

"ලෝකා..."

"බොස්.."

"අද රෑ කෑම මේසෙට අරුන්ගෙ ඔලු ටික තියෙන්නෝනෙ."

ආයෙත් එනකන් මගබලන්.

The shoot(☑)Where stories live. Discover now