Chapter two

115 20 4
                                    

සකුරා ප්ලේස් එකෙ රූෆ්ටොප් සම්පූර්ණෙන්ම වෙන් වෙලා තිබ්බේ නේයන්ගෙයි ලියොන්ගෙයි වෙඩින් එකට.නේයන් ආසම බ්ලැක් රෝසස් වලින් මුලු රූෆ්ටොප් එකම සැරසවිලා තිබුනා.Lean♡Neyan කියලා සුදු පාට වැල් අකුරෙන් ලියලා තිබුනේ එන්ට්‍රන්ස් එකෙ තිබ්බ රෝසස් වෝල් එකෙ.නේයන් නම් හිටියේ තරහෙන් පුපුර පුපුර.

"I don't know sahir"

"don't think it too much"

නේයන් ට මොඩ්ලින් වලින්ම හම්බුන හොදම යාලුවා වුන සාහිරුත් වෙඩින් එකට එකතු වෙලා හිටියේ නේයන්ගෙ පැත්තෙන් හිටගන්න කවුරුත් නැති නිසා.

රෙජිස්ට්‍රේශන් එකට අවශ්‍ය ඔක්කොම ලෑස්ති වෙලා තිබුනේ.අඩුවකට තිබ්බේ ලියෝන් ගේ පරක්කුව තමයි.

"ලියෝන් බොරුවක් වත් කරාද "

"කන්ටැක් කරගන්න බැරි උනාද"

"ඔව් අපෙ එක්කෙනෙක්වත් උස්සන්නෑ"

සාහිර් අවදානෙන් මේ දෙබසට කන් යොමාගෙන හිටියෙ.සමහරවිට නේයන් වගේම ලියෝනුත් අසරණ වෙලා වෙන්නැති.

"අහ් අන්න එනවා.."

නේයන් ගෙ කනෙ ඩලස් කිව්ව දේවල් තියන්න කලින් ලියොන් ආවේ බොඩිගාඩ්ස්ලා දහදෙනෙක් විතර පිරිවරාගෙන.නේයන් පිටිපස්ස හැරුණේ රවාගෙන උනත් ලියෝන් ව දැක්කම නේයන්ගෙ කටත් භාගෙට ඇරුනා.පිරිමි ලමයගෙ හිත ගැස්සෙන්නැති.

"come leon..."

අහිංසක විදියට හිනා වුන පිරිමි ලමයා නේයන් ට බැල්මක්වත් නොදි තමන්ගෙ පුටුව ඉස්සරහින් හිටගත්තා.නේයන් තාමත් ලියෝන් දිහාම බලාගෙන.

"hey...ඉස්සරහා බලනවා මනුස්සයො කන් ඇහෙන්නැද්ද..."

"huh"

නේයන් පියවි සිහියට ඇවිත් වෙඩින් එකෙ වැඩ ටිකට හවුල් උනේ අකමැත්තෙන්.මොහොතකට ලියෝන්ගෙ ඇස් වල අතරමන් උනාට නේයන් හිටියෙ මැරේජ් එක ගැන අකමැත්තෙන්.ඒ අතරෙම ලියෝන් හිටියේ ඇතුලෙන් ගැහෙන ගමන්.තමන්ගෙ පැත්තට කවුරුත්ම නැති ගෙයක් අස්සට රිංගගෙන මිනීමරුවෙක් හොයන එක ඒ ලමයට කිසිම ප්‍රශ්නයක් නොවුනත් මැරේජ් එකකින්ම මේ ඩියුටි එක පටන්ගන්න එකට ප්‍රශ්නයක්.

♡Deal♡(☑)Where stories live. Discover now