'beep.....🎶beep....🎶'
ලියොන් ඇහැරුනේ ෆෝන් එක එක දිගට වය්බ්‍රේට් වෙන්න ගත්ත නිසා.ඇස් පොඩි කර කර ම නැගිට්ටලා එකපාරටම ලියොන්ට මතක් උනෙ නේයන්ව.
"ම්හ්.."
නේයන් හිටියේ කවුච් එකෙ.
ඊටත් පස්සෙ තමා ලියොන්ට මතක් උනෙ තමන් හිටියෙ බැල්කනියෙ කියලා.එතකොට ඒ නේයන් ද.වෙලාව දොලහයි විසිතුනයි.පිරිමි ලමයා ෆෝන් එක අරන් බැලුවේ මැසේජ් එක මොකක්ද කියලා.වොයිස් එකක්.
"ලියො හෙට නේයන් ව එලියට යවන්නෙපා අර වෙඩික්කාරයා ගාව තිබිලා අපිට මැසේජස් වගයක් හම්බුනා.හෙට දහයට නේයන් සර්ට ෆොටො ශූට් එකක් සහරා ස්ටුඩියො එකෙ එතනදි මරන්න බලන් ඉන්නෙ"
ලියොන් නලල දෙපැත්ත මිරිකගෙන වොශෲම් පැත්තට අඩිය තිබ්බා.ඒත් බැල්කනිය ගාව තියෙන හෙවනැල්ල එක්ක ලියොන්ට සැකයක් හිතුනා.එහෙන්ම මෙට්ටෙ යට හංගපු පිස්ටල් එක අරන් බැල්කනිය පැත්තට අඩිය තියද්දිම අර හෙවනැල්ල නැතුව ගියා.ඒත් ලියොන්ට සැනසීමක් නැති තැන බැල්කනියට ආවත් කවුරුත් හිටියෙ නැහැ.ඒත් යන්න හදපු ලියොන්ට යාන්තමින් ඇහැ ගැටුනේ කැන්ඩිලිවර් එකෙන් ලාවට පේන කලු කෙනෙක්.
💥💥💥
සයිලන්සර් එක දාලා තිබුන නිසා වෙඩි හඩ පිට නොවෙද්දි අර කෙනාට වෙඩි වැදිලාත් ඒ කෙනා දුවලා ගියා.ලියොන් ඉක්මනට කාමරෙන් එලියට පැන්නෙ අර බොඩිගාඩ්ලත් බය වෙලා බලද්දි.
"කවුරු හරි බැල්කනි එකෙ ඉදලා පැනලා ගියා.මිනිහට මන් වෙඩි තිබ්බා ඉක්මනට බලන්න.හතර දෙනෙක් කාමරේට යන්න."
ලියොන් අණ කරනකොටම කට්ටිය ගිහිනුත් ඉවරයි.ලියොනුත් කොරිඩෝ වල දිව්වේ වෙඩි වැදුන කෙනා හොයාගෙන.ෆ්ලෝ එකකට එක්කෙනා ගානේ මුළු ෆ්ලෝ ටිකේම චෙක් කරත් කවුරුත් හොයාගන්න ලැබුන්නෑ.
"එක්ස්කියුස්මි සර්...මොකක් හරි ප්‍රශ්නයක්ද"
සෙකියුරිටි කෙනෙක් ලියොන්ට කතා කරේ ලියොන්ගෙ අතෙ ගන් එකක් තිබ්බ නිසා.
"අපෙ බැල්කනි එකට කවුරු හරි ආවා."
"අහ්..."
"තුවාල උන කෙනෙක් කවුරු හරි ගියාද මෙහෙන්."