"මොකද අද මාත් එක්ක යන්න එන්නෙ නැද්ද"
නේයන් කටකොනේ හිනාවක් රදවගෙන ඇහුවේ බැල්කනියට යන දොරේ උලුවස්සට හේත්තු වෙලා ඉන්න ලියොන් ගෙන්.මේ සතියෙම නේයන් කරේ ලියොන්ව බලෙන්ම එක්කන් ගිහින් එයාට පේන්න ගෑනු ලමයි එක්ක flirt කරපු එක.
"ඕනෙද..."
"Absolutely...You're my personal bodyguard"
"ම්ම්"
ලියොන් කොන්ඩෙත් ගස ගස වොශෲම් එකට රිංග ගත්තා.ලියොනුත් ඇවිත් ලෑස්ති උනාට පස්සෙ දෙන්නම ගියේ වයිට් ලිලි එකට.වයිට් ලිලි කියන්නෙ තනිකරම වයිට් ලිලි තීම් එකට හදපු පොඩි රෙස්ටුරන්ට් එකක්.මුලු රෙස්ටුරන්ට් එකම සුදු පාටයි ෆ්ලෝ එක,ටේබල්ස් ඒ හැම දෙයක්ම සුදු පාටයි.ඊට අමතරව රෙස්ටුරන්ට් එක පිටිපස්සෙ පොඩි ඇලක් තියෙනවා.ඒකත් සුදු නෙලුම් වලින් පිරිලා නිසා එතන තියෙන්නෙ අමුතු calm වයිබ් එකක්.(තනිකර මනඃකල්පිතයි,එහෙම රෙස්ටුරන්ට් එකක් ගැන මන් දන්නෑ හොදෙ)
"Hey baby"
නේයන් ඉස්සරහට ආවේ සංකර පෙනුමක් තියෙන ගෑනු ලමෙක්.නේයන් ගිහින් ඒ ගෑනු ලමයගෙ ඉන වටෙ අතදාලා තොල් වලට කිස් එකක් දුන්නෙ ලියොන් දිහා බලාගෙනමයි.ලියොන් නම් ඉස්සරහම බලාගෙන හිටියා.
"I've already ordered the foods"
"woah"
නේයන්ගෙ වැලමිටෙන් අත දාගෙන අර ගෑනු ලමයයි නේයනුයි ඉස්සර වුනා.
"මන් පොඩ්ඩක් එලියට යනවා නේයන් ගැන බලන්න"
ලියොන් රෙස්ටුරන්ට් එකෙ පිටිපස්සට ආවේ අහස දිහා බලන් හොද හුස්මක් ගන්න ගමන්.අව්වකුත් නැති වැස්සකුත් නැති මන්දාරම් කාලගුණේ එක්ක පොඩි හුලගකුත් ආවේ ඇලෙන් එහා ඉවුරේ තියෙන ගස් ඒ තාලෙටම නැලවෙද්දි.
සාක්කු දෙකට අත් ඔබාගෙන ඇල ඉවුර දිහා බලන් ඉන්න ලියොන් දිහා නේයන් බලන් හිටියේ වශී වෙලා වගෙ.පැත්තෙන් බලද්දි පිරිමි ලමයා හරි උර්තල්.
"babe...babe...."
"Huh leo"
නේයන් ට කතා කරත් බලන්නෙ නැතිම තැන ඒ ගෑනු ලමයා නේයන්ව හෙලෙව්වේ නේයන් ගැස්සිලා ලියොන්ගෙ නම කෙටි කරලා කියද්දි.