"ඔයා තවත් මගෙ ජීවිතේට රිංගන්න හදන්න එපා.මගෙ ජීවිතෙ කියන්නෙ මගෙ නම ගෑවුන කිසි දෙයක්"
නේයන් කිව්වේ කොණ්ඩේ හදන ගමන්.නේයන් එක්ක ලාවට හිනා වුන චතුන් කාමරෙන් එලියට ආවා.
නේයන් එක්ක රණ්ඩුවෙලා රණ්ඩුවෙලා ලියොන් ආවේ නේයන් ගෙ ෆොටො ශූට් එක තිබ්බ තැනට.එතන තව මේල් වගේම ෆීමේල් මොඩ්ල්ස් ලත් හිටියා.
"නේයන්..."
අවුරා නේයන් ලගටම ආවේ නේයන් ලියොන්ට පේන්නම අවුරා එක්ක හිනාවෙද්දි.
'හිනාව ලස්සනයි...බූතයා ඒක හංගන් හිටියට' ලියොන් හිතුවේ නේයන් දිහා බලාගෙන.
"මේ කවුද.."
අවුරා ලියොන්ව පෙන්නුවම ලියොන් ඉස්සරහා බලාගෙනම හිටියා.අවුරාට හිටියෙ ෆීමේල් බොඩිගාඩ් කෙනෙක්.
"My new personal boduguard"
"woah"
"ලිලී මේගොල්ලො එක්ක ඉන්න.අපි යමු නේයන් අතනට"
අවුරා පෙන්නුවෙ අවුට්ඩෝර් මේකප් ඒරියා එක.නේයනුත් ඔලුව වනලා යන්න යද්දි ලියොන් අනිත් බොඩිගාඩ්ලව තියලා මුලු ස්ටුඩියො එක වටේම ටුවර් එකක් දැම්මා.ඒක ලොකුයි.හැබැයි දැනට සැක කරන්න කවුරුත් නෑ.
"ඔතන සැක කටයුතු කවුරු හරි ඉන්නවද"
ලියොන් බොඩිගාඩ් කෙනෙක්ට කෝල් එකක් දීලා ඇහුවේ එහෙම කවුරුත් නෑ කියලා එහෙන් උත්තර ලැබෙද්දි.
"අහ්..."
කොරිඩෝ එකෙන් එන්න ආවත් එකපාරටම ලියෝන් ගෙ දකුණු පැත්තෙන් වේදනාවක් ආවේ ඒක කලේ කවුද කියලවත් හොයාගන්න බැරි වෙනකොට.
"ලේ.."
ඔව්..පිරිමි ලමයටත් දැනුනා මොකක් හරි බඩ ඇතුලට ඇතුල් වෙනවා.අනික් අයට සැක නොහිතෙන්න වොශෲම් එකක් හොයන් ගිය ලියොන් ලේ හෝදගෙන කෝට් එකෙන් තුවාලේ වහගෙන උපරිම සාමාන්‍ය විදියට යන්න උත්සහ කලා.
"හෙලෝ.."
"කියන්න"
"එක කොල්ලෙක් ඉන්නවා හැමවෙලේම නේයන් සර් වටේමයි කැරකෙන්නෙ."
"ඉන්න මන් එන්නම්.මොකක් හරි කරන්න හැදුවොත් අතකට කකුලකට වෙඩි තියන්න."