Chapter three

95 18 4
                                    

ලියොන් කාමරේ එහාට මෙහාට ඇවිද්දේ කේන්තියෙන්.නේයන්ව දාලා යන්න බැරි කමට කාමරේ හිටියත් පැනලා ගියපු වෙඩික්කාරයව අල්ලගන්නකන් ලියොන් නොසන්සුන්.

"හෙට මොනාද ශෙඩියුල්ස්"

පිරිමි ලමයා අන්තිමට ඉදගත්තෙ නේයන් දිහා බලාගෙන.අනික නේයන් ටත් දැන් මේවා හුරුයි දැන් මාස දෙකක වගෙ ඉදන් හැමදාම නේය්න්ව ඒම් කරලා බුලට්ස් දෙක තුනක් පත්තු වෙනවමයි.

නේයන් ගෙන් උත්තරයක් නැති තැන ලියොන් එලියට ආවේ නේයන්ගෙ කම්පැනි එකෙ නම්බර් එක ඩයල් කරන ගමන්.

"Hello,Alpha Academy"

"Yes,How can you help sir"

"I'm Neyan's personal bodyguard.Could you please send his sehedules"

"Give a minute"

"Tommorow he has a photo shoot for Lingshi perfume brand"

"time"

"10'O clock "

"ok..Mail orther ones...Thank you"

"You are Welcome sir"

ලියොන් නලල දැපැත්ත මිරිකගත්තෙ නේයන් එක්ක කතා කරන්න හිත හදන්.

"සර්.."

"කියන්න"

"නේයන් සර් එක්ක නෝර්මල් කතා කරලා ඉන්න කියලා ලොකු බොස් කිව්වා."

"හ්ම්ම්"

ලියොන් හොද හුස්මක් අරන් කාමරේ ඇතුලට ගියා.නේයන් කිසිම ගානක් නැතුව ෆෝන් එකෙ.

"කෑවද"

".............."

"මන් රූම් එකට ගෙන්නන්නද"

"................"

ලියොන් අත් මිට මොලවගත්තා.

"ඔයාට බයවෙලා ඉන්න මන් කෙල්ලෙක් නෙවේ.ඒ නිසා ගෙන්නන්නද එපාද කියනවා"

ලියොන් කිව්වේ නේයන් දිහා බලාගෙන.

"ඩෑඩ් කීයක් දුන්නද තමුන්ට මාව මැරි කරනවට."

ලියොන් උත්තර නොදීම ඕඩර් එකක් දැම්මෙ නේයන් ට තවත් තරහා යද්දි.ඒ ආවෙගෙන්ම නැගිට්ට පිරිමි ලමයාගෙ අත තද උනේ ලියොන්ගෙ බෙල්ලට.ලියොන්ගෙ ඔලුවේ හයියෙන් බිත්තියෙ හප්පලා නේයන් දත් කූරු කෑවේ ලියොන් හුස්ම ගන්න බැරුව දගලද්දි.

එයාට බේරෙන්න තිබ්බා.ඒත් නේයන්ට සැක නොහිතෙන්න ඉන්න ඕනේ නිසා දුර්වලයෙක් වගෙ හැසිරුනා.

♡Deal♡(☑)Where stories live. Discover now