Chapter seven

149 18 14
                                    

නේයන්ගෙ වැඩ සර්වන්ට්ලා කරනවා කිව්වට ලියොන් හැමවෙලේම නේයන් එක්කම හිටියේ එක සාක්ෂි කාරයෙක් අල්ලගෙන ඉන්න නිසා නේයන් ව මරලා දාන්න අර කෙනා හුගක් මහන්සි වෙන බව දන්න නිසා.

"ඩූ ඉට් රෆ්..."

නේයන් මේට් ට කියනකොට ලියොන් රවලා අහක බලාගත්තම නේයන් කටකොනින් හිනා වුනා.මේටුත් ඒ දෙන්නා දිහාම බලලා නේයන් ව මසාජ් කරා.පිස්සු දෙන්නෙක්නෙ.

ඒත් ලියොන් ගෙ මූණ නරක් වෙන්න මහා වෙලාවක් ගියේ නෑ.ලියොන් දන්නවා මේ යන්න තීරණාත්මක දවස් දෙක කියලා.අද හවස හො හෙට උදෙන්ම ලියොන් ට මෙතනින් සමුදෙන්න වෙනව.

'බීප්...බීප්...'

ලියොන් වට්සැප් එකට ගියේ ආපු මැසේජ් එක නිසා.

"Liya statement ekak dunna sir"

ලියොන් මේ දැන් ඒ ගැන හිතුවා විතරයි.ලියොන් ට බැලුනේ නේයන් දිහා.පුදුමෙකට වගේ නේයන් බලන් හිටියෙත් ලියොන් දිහාමයි.

"මොකද..."

ලියොන් ඇහුවේ නේයන් ට ගස්සලා.ඉට පස්සෙ නැගිට්ටේ වැඩේ ඉවර කරලා දාන්න ඕනෙ නිසා.

"කොහෙද යන්නෙ තමුන්"

"හහ්.."

"කොහෙද යන්නෙ කියලා ඇහුවේ.."

"කොහෙ ගියාම ඔයාට මොකද"

"තමුන් මගෙ වයිෆ් මැටිරියල් එකනෙ"

"මොකක්..."

දෙන්නම ගහගන්න වගේ කතා කරන්නෙ.නේයන් හෙමින් ඇදෙන් බැස්සෙ ලියොන් අඩියට දෙකට එතනට යද්දි.

"පැහිච්ච කම"

"හැබෑට..."

නේයන් ලියොන් ගෙ ඉනවටේ අත දාලා ඇදලා ගත්තේ දෙන්නම බැලන්ස් නැතුව ඇදෙ වැටෙද්දි.

"අත් ටැක්කටර් පදින්නත් බෑ තමුන් මේක අස්සෙ...අපි අස්සයා ගෝන් ටික් ටික් පදිමු.කොහොමත් ඉතින් අපි මැරිඩ්නෙ..."

නේයන් කිව්වේ ලියොන් ගෙ කනකට ලංවෙලා.

"පිස්සුද"

"අනෙ නෑ මන් කිව්වේ ඉතින් මට හරි අමාරුයි දවස් ටිකේම නිකන් ඉදලා..ඒකයි"

ලියොන් රවලා නේයන් දිහා බැලුවේ.ඒත් නේයන් ගෙ හැගීම් නම් දැනටම පණ ගහලා කියලා ලියෝන්ට තේරුනා.














♡Deal♡(☑)Where stories live. Discover now