අනුසර නයනහංස එක්ක කොච්චර කතා කරන්න උත්සහ කරත් ඒ හැම වෙලාවකම බිම බලාගෙන යන නයනහංස දිහා අනුසර බලාගෙන ඉන්නෙ බලාපොරොත්තු සුන් වෙලාගිය හිතකින්.සිද්දවුන දේ ගැන හරියටම පැහැදිලි කරන්න අනුසර කොච්චර උත්සහ කරත් ඒ හැමවෙලාවකම නයනහංස එයාව මගහැරලා ගියෙ ඉස්කොලෙට ආපු මුල් දවස්වල නයනහංස එයාගෙන් හැංගෙනව වගේ.
එයාලා හැම ටියුශන් එකකම නයනහංස අනුසරව මගඇරලා වෙන තැනකින් හිටියෙ උවමනාවෙන්මයි. ඒ අතරේ biology ටියුශන් එකේ නයනහංස ලගින් වාඩි උනේ එයාලා එක්ක තරගෙට ඉන්න ජනප්රිය පාසලක පිරිමි ලමයෙක්.
තරහට ගිහින් තනියම වාඩි උනාට මොකද දැං නම් කොල්ලා ඉන්නෙ එතනින් නැගිටලා දුවාගන්න බැරුවයි. ඒත් එක්කම නටනහංස ලගින් වෙන කොල්ලෙක් වාඩි වෙනව දැකපු අනුසරගෙ මූන වෙනස්උනේ හැරෙන පරක්කුවෙන්.
අනුසරට ඉස්සරහින් වාඩි වෙලා ඉන්න නයනහංස බල වාඩි උන එකාගෙ හොම්බට දෙකක් ඇගන්න බැරුව අනුසර හිටියෙ නහර පිරුනු එයාගෙ අත මිටමොලව ගන්න ගමන්. ඒ එක්කම පිටිපසිස හැරුනු නයනහංස දැක්කෙ ඇස්පිලිලමක්වත් නොගහලා එක එල්ලයෙන් එයාගෙ මූන දිහා බලාගෙන ඉන්න අනුසරව. ඒ ඇස් කලින් නොතිබුන තරමට දකින හැමෝමව බය කරන බැල්මක් දාගෙන හිටියෙ. විනාශයක් අතගල බව දැනගත්ත නයනහංස ඉස්සරහා බලාගත්තෙ ලොකු හුස්මක් ගන්න ගමන්.
එදා biology පන්තියට ඉවර වෙලා එයාලා ගියේ ඊලට තියෙන physics පන්තියට යන්න කියලා. ඒ එක්කම පඩිපෙල පහලට වෙලා ඉදපු අනුසර එතනින් යන අර කොල්ලව නතර කරගත්තෙ ටිකකට උට වචනයක් කියන්න.
" මම උඹට ආයෙ නොකිව්වා කියන්න එපා . උඹ ආයෙමත් නයනහංස ලගින් වාඩිඋනොත් කරන දේ මම එවලෙට උඹට පෙන්නන්නමි. එදාට උඹ කරගත්තෙ ලොකු මෝඩකමක් කියලා නිකන්ම තෙරෙයි. "
ඒ කොල්ලගෙ කොලර් එකෙන් අල්ලගත්ත අනුසරට ඌට තර්ජනය කරේ කොලර් එකෙන් ගස්සලා දාන ගමන්.
ඒත් physics පන්තියට අනුසර යනකොටත් නයනහංස ලගින් වාඩිඋන අර කොල්ලා නයනහංසගෙ කරට අත දැමිමෙ අනුසරලෙ ලේ තවත් රත් කරන ගමන්.ඒක් ඒ එකපාරටම උන දේ නිසා නයනහංස හිටියෙ ගොඩක් අපහසුතාවට පත් වෙලා. ඒ එක්කම තවත් එයා එතන හිටියොත් වෙන්න යන්නෙ ලොනු විනාසයක් බව දන්න අනුසරම පන්තියෙන් එලියට ගියේ නයනහංස දිහා බලන්නෙවත් නැතුවයි. අනුසර එලියට යනව දැකපු නයනහංස එයා දිහා බලාගෙන හිටියත් ඒ පැත්ත නොබලවත් ගියපු අනුසර කෙලින්ම ගියේ ධර්මපාල පාර්ක් එකට. එතනට වෙලා පන්ති ඉවරවෙනකන්ම හිටිය අනුසර කෙලින්ම ගෙදර ගියේ තරහා එයාගෙ කාමරේ තිබුන බඩු වලින් පිරිමහන ගමන්.