තිස් හතර වන පරිච්චේදය 34

167 12 0
                                    

 

   "ස් ස් .. අර බලපං"

එදා අනුසර uni එකේ lecture එක කරන්න ගියපු පලවෙනි දවස .. කලු trouser එකක ඇදලෙ නීට් එකට අත් නවපු ලා නිල් පාට ශර්ට් එකකුත් ඇදගෙන හෝල් එක ඇතුලට එන  ඇහැට කනට පේන්න මාරම කඩවසම් පෙනුමක් තියෙන අනුසරව දැකලා ඒ පන්තියේ ඉන්න කෙල්ලො නගියන්න ගත්තේ ඒ ලස්සනට පිස්සු වැටිලා වගේ..

"Good morning class.. මම තමයි අඳ ඉදලා ඔයාලට උගන්නන්නෙ.. ඔයාලට මොනව හරි ගැටලු තියෙනව නම් මගෙන් අහන්න."

"Good morning sir.."

ඉස්සර ඉදලම තියෙන අනුසරගෙ ආඩම්බර ගතියයි ලොකු කමින් කතා කරන විදියයි තවමත් එහෙන්මම තියෙන නිසා පලවෙනි දවසෙ කියල නොබලා පන්තියට ගියපු ගමන් කිසිම ගානක් නැතුව කතා කරලා පන්තිය පටන් ගත්තෙ lecture hall එකේ ඉන්න හැම කෙල්ලෙක්ලෙම අවදානය එයාගෙ පැත්තට ගන්න ගමන්.

කොහොමහරි ලෙක්චර්ස් ඉවර වෙලා අනුසර කලේ විනුලට කෝල් එකක් අරගෙන විස්තරේ කියපු එක. ඒක අහපු විනුලත් කන්ෆියුස් උනත් අනුසරට ලොඩක් සතුටින් හදවතින්ම සුභපතන්නත් අමතක කරේ නැ.

" ඒවයින් වැඩක් නැ පුතෝ දැං පාටි දෙන්න ලෑස්ති වෙයං "

" ප්‍රි වෙලාවක කියපන්"

" පාටි නම් ඉතිං දැනුත් මම ප්‍රී"

" ඒක නෙවෙයි.."

" ඕ කියපන්"

" මේ.... කෝ දැං"

" ආ ඉන්නව වැඩ වගයක්"

" හම්.. පොඩ්ඩක් මාව හම්බෙන්න වරෙං"

" හරි මචං මට තව පැය දෙකක් දියං මම අනිවා එනවා."

"Okay"

හවස් වෙලා අනුසර ඒ කිට්ටුවම තියෙන pub එකකට වෙලා හිටියේ විනුල එතනට එනකම්. ටික වෙලාවක් ගිහින් විනුල එතනට ආවාම අනුසර drink දෙකකුත් ඕඩර් කරලා කෙලින්ම කතාවට බැස්සා.

" මචං.."

" දැං උඹ මට එන්න කිව්වෙ ඇයි?"

" මට උදව් කරපන් බං.. මම දන්නව මම වැරදියි කියලා මම කරේ හොද දෙයක් නෙවෙයි කියලා මම හොදටම දන්නවා.. මම දැං ඒ ගැන හිතලා සෑහෙන්න විදවනවා බං.. ඒත් මට හංස නැතුව තව කාලයක් ඉවසලා ඉන්න බැ බං විනුල"

අහින්සක ඇස් .....Where stories live. Discover now