door bell ringing........." කවුද යකෝ බෙල් එක ගහන්නෙ"
කවුරුහරි දොරේ බෙල් එක ගහපු නිසා අනුසර ඒක බලන්න ගියේ නයනහංස වොශ්රෑම් එකේ නානගමන් හිටපු නිසා.. දොර ඇරලා බලපු විනුල පුදුමඋනේ එතන ඇවිත් හිටියේ අනුසර නිසා.
" හම්මට.. අඩෝ උඹද වරෙං වරෙං ඇතුලට"
එලියෙ ඉදපු අනුසරව දැකපු විනුල අනුසරවත් ඒ ගේ ඇතුලට එක්කගෙන ගියපු වින්ල සෝෆා එක උඩ තිබුනු රෙදි ටිකත් එහාට දාලා වාඩිවෙන්න එතන තියෙන ඉඩ හදලා දුන්නෙ කාලෙකින් අස්තරපු නැති අපාය වගේ වෙපා තියෙන සාලෙන්.
" මොකද බං කලබලේම උබට දැං දවසක් දකින්නෙ නැතුව ඉන්න බැරිද"
" ම්ම්ම් ඒ වගේ.."
" මම ආවේ මෙහේ වැඩිපුර room එකක් තියෙනව කියලා එදා උඹ කියපු නිසා.. හැමදාම ගෙදර එන්න යන්න බැරි නිසා මම මෙහේ නතර වෙන්නද .. ගානත් බැලන්ස් වෙනවා මගෙ වැඩෙත් කෙරෙනවා"" ඔබෙ වැඩේ කොහොම කෙරුනත් දැං අරූ එලියට ආවාම මෙතන උඩපනින්න ගත්තාම තේරෙයි"
" මම ඒවට බයයි නම් මේ ඉන්න පරන මම වෙන්න බැ"
" ඔව් ඔව් ඉස්සර හැමෝටම සද්දෙ දාගෙන හිටියට උබගෑනිට බයයිනේ උ රැව්වත් ඇති උබෙ කට වැහෙන්න"
" එතකොට උඹ බය නැද්ද යකෝ..."
" බයයි ඒත් උඹ තරම් නැ.."
" ආ ඇත්තද ඔහොම ඉදපං මම උබට පෙන්නනකම් බය කවුද කියලා"
වොශ්රෑම් එක ඇතුලේ ඉන්න නයනහංසට තවුරහරි කතා කරන සද්දෙ ඇහුනු නිසා විනුල තනියම කතා කරනව කියලා හිතලා " ඒපාර මූ මොන භූතයෙක් එක්කද කතා කර කර ඉන්නෙ" කියලා හිතන ගමන් ඔලුවත් පිහදාගෙන ලා කොල පාට බැගී ටීශර්ට් එකට කොට සුදු පාට ශෝර්ට් එකක ඇදගෙන ටවල් එකත් ඔලුවෙ දාගෙන ඔලුව පිහදන ගමන් එලියට ආවේ විනුලට බනින ගමන්..
" උඹ ඔය තනියම කියව කියව ඉන්න වෙපාවේ මේ සාලෙ අස් කරපං බලපං හැටි.. කිසිම පිලිවෙලක් නැ හරකා.."
" ඒක නෙවෙයි උබ ඇත්තටම ඒ බූරුවා එක්ක කතා කරන්නෙ එහෙම නැ නේද.. කතා කරලා අහුවෙන්න එපා එහෙම උනොත් මම උබවත් පන්නනවා දැනගනිං"