After seven years....." ම්හ්.... බබා..."
" ඕ.... මම බ්‍රශ් කරන ගමන්.."
" ම්ම්ම්.."
" අනා මගෙ සූටි බෝලෙ නැගිට්ටද"
" නැගිටලා මාවත් ඇහැරුවා.. මට පයින් ගැහුවා මේ කොල්ලා"
" තාත්තා වගේම නැතයි.. දැගලිල්ලනෙ"
" අනුසර මම මූන සෝදගෙන එන්න තියාගන්න පොඩ්ඩක්.."" ම්ම්ම්.."
අනුසරයි නයනහංසයි මැරි කරලා දැනට අවුරුදු දෙකක්.. එයාලා දැං නම් ඉන්නෙ කැනඩා වල .. අනුසර කැනඩා වල යුනිවසිටි එකක prophecy කෙනෙක් විදියට Painting and sculpture උගන්නනවා.... එයා දැනට මාස පහකට කලින් එයාගෙ phd එකත් complete කරා.. නයනහංසත් එයාලා ඉන්න කිට්ටුවම තියෙන dental එකක වැඩ කරගෙන ගියත්, දැං නම් ඉන්නෙ ගෙදරට වෙලා.. ඒකට ලොකුම සහ විශේෂම හේතුව තමයි.. එයාල දෙන්නගෙ පුංචි පවුලට එකතු වුනු පුංචි කොලු පැංචව බලාගන්න තියෙන නිසා.
නයනහංස එයාගෙ degree එක complete කරපු ගමන්ම අනුසර එක්ක කැනඩා ඇවිත් එහේ තියෙන යුනි එකක තව අවුරුද්දක් ස්ටඩී කරලා එක්සෑම් දෙක තුනක්ම ලියලා ඩෙනිටල් එකක ජොබ් එකක් හොයාගත්තා.. අනුසරට නම් කෙලින්ම එහේ යුනි එකක ජොබ් එක හමිබුනේ එයා එක්ක ඉතාලියේ එකට හිටපු යාලුවෙක් මේ යුනි එකේ Council එකේ ඉන්න නිසා. ඒ යාලුව තමයි අනුසරට එතනට එන්න ගොඩක් උදව් කලේ..
ඒ දෙන්නගෙ ජීවිතේ දැං ලස්සනට ගෙවිලා යනවා.. එයාලා හිතපු විදියටම.. අනුසරගෙ තාත්තා නම් එයා කරපු වැරැද්දට දැං උපරිම දඩුවම් විදින ගමන් ඉන්නෙ.. නයනහංසගෙ තාත්තා නම් දැං විශ්‍රාම පාඩුවේ ගෙදරට වෙලා ඉන්නෙ..
ඉතිං එයාලගෙ දඟයා කෙලින්ම කිව්වොත් අනුසරගෙ තනි කොපියක්.. අනුසර වගේමයි.. ඒ නපුරු ඇස් ඒ විදියටම තියෙනවා.. හරිම ලස්සන කොලු පැටියා..
" කෝ කෝ මගෙ චූටි කේගී පැටියා.."
" who's calling... oh that's Thaththi patiyaaa..."
" අනා .. කෝ එන්න .. අනුසර ඔයා ගිහින් වොශ් එකක් දාගෙන එන්න"
" ම්ම්ම්"
නයනහංස බ්‍රශ් කරලා කාමරේට දුවගෙන ආවෙ අනුසර තුරුලෙ ඉන්නෙ චූටි කේගී පැටියව හුරතල් කරන්න.. නයනහංස එනකොටත් අනුසර කේගී පැටියව පපුව උඩට අරගෙන පාන්දරම හිනස්සන ගමන් හිටියේ.. නයනඑංස එනව දැකපු කේගී පැටියා හරිම හුරතල් හිනාවක් දැම්මා අනුසර දිහා බලලා.. ඒක අර අනුසරගෙ කපටි හිනාව වගේමයි.. නයනහංස කේගි පැටියව වඩාගෙන කාමරේ එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටියෙ අනුසර එනකන්..