'ගුලිකාලද බන් තොපි හිනාවෙන්නෙ.'
'අපිට හිනා වෙන්න ගුලි කන්න ඔනෙද බන්'
හැව් හැව් තමයි රෙද්ද. මුන් එක්ක ඉන්නවා කියන්නෙ ගුලි නැවක බැහැල ඉන්නවා වගේ තමයි. මොනා උනත් මේ පන්තියටනම් මන් හෙන ආසයි අප්පා. සර්ත් මරු. තරුණ නිසා ඕන කුප්ප වැඩකට සපොර්ට්.
ඉගන ගන්නවට වඩා අපි කරන්නෙ බඩ අල්ලන් හිනා වෙන එක. හෙනාතල් ඕයි. මේකේ ඉතිම් ලමයි 20ක්වත් නැ. ඒ නිසාම ආතල්.. ඒ ආතල් එක තිබ්බෙනම් ටික වෙලාවයි. මෙන්න මොක්කුද මන්දා ගාලකඩාගත්තු ගෝතයෝ ටිකක් ඇවිල්ල වාඩි උනා අපිට පිටපස්සෙන්... අයියලා අයියලා බන්.. මේපාර O/L ලියන උන්. ලග නිසා උන්ව සර් මේකටත් අරන් වැඩිපුරත් උගන්නන්න ඉතිම් දන්නැද්ද... අපිතාම දහය වසරෙ පොඩිපගයෝ gyss... ඕ යෑස්... ඔය කිව්වට ඒපැත්ත හැරිලා මේ පැත්ත බලද්දි A/l කරයි අපි. ඒතරම් එක්මන්ට කාලේ යනවා... time flies කියන්නෙ කට කහනවට නෙවේනෙ..'ඒ රනුවෝ බලපම්ගො අර පගයොන්ගෙ හෙන ලොකු ලයින්නේ බන් තියෙන්නේ.'
'අපිට පු#ද බන් ඉතිම්.'
මනීශයා ඕම කිව්වෙ ඉතිම් අරුන් ආපු ගමන් ආතල් දෙන්න ගත්තනේ, පුහ්. මල සමයං බෝල සබන්. ඕකුන්ගෙන් එකෙක් ඉන්නවා මොකෙක් හරි උගේ කටහඩ තමා වැඩිපුරම ඇහෙන්නෙ. මන් සර්ට කියපු එකකටත් අනිත් පැත්තට කඩප්පුලි කතාවක් කිව්වා පගයා..ඉදහම් බලන්න හැරිලා. ආහ් ඔය ඉන්නෙ. මූ යකො එතන රන් කරන එකා වගෙනේ අනිත් හිච්චියි ටිකක් මූ එක්ක. නැ නැ ඌ තඩියෙක් නෙවේ ඒයිලා.. ඌ උසයි ... උස ගානටම හරියන මහතත් තියේ. ම්ම් ඔව් හැන්ඩම් අව්ලක් නැ. ඔකාගෙන් වැඩක් නැ යකො. පිස්සු හු#තෙක්.. ඇති යන්තම් clz ඉවරයි. ඒනම් අපි කැපුණෝ..මහන්සිවෙලා ඉද්දි ගෙදර ගිහින් ඇදට වැටෙන එකනම් දිව්‍යලෝක සැපයක් තමා. හැබැයි ඉතිම් ඒ ගෙදර ගෙයක් විදිහට තිබ්බොත්... ඒක ගෙයක් නොවී අපායක් උනොත්.. අහ් හා..! හරි හරි වැඩිය හිතන්න එපා .ට්‍රැක පනියි..
හවස හයට අහසෙ තියන එක එක පාට දිහා බලාගෙන පාලම උඩින් යන එක ශෝක් හැගීමක් තමයි. හැබැයි මමනම් බයයි යකෝව්!!!!.....අර ඔලුව බදාගෙන කෑ ගහන පුසාගෙ ස්ටිකරේ මගේ ඔලුව ඇතුලේ ප්ලෙ වෙනවා.සිරාවටම මටනම් හිතෙන්නෙ පාලම කඩාගෙන වැටිල මාව ගගට වැටෙයි කියලමයි. මට මැවිලත් පේනව.. හ්හ්හ්හ්.. හිරිගඩුත් පිපුණා යකොව්... ගැම්ම ගන්න ගැම්ම ගන්න... කෝමහරි එල කොම්ලෙක් වගේ ගැම්ම අරන් අර මරණයේපාලම වගේ මට පේන ඇඹුල්ගම පාලම පහුකරගෙන අල්ලපු ගමට ගැටුවා ඕන්.. දැන් දැම් කොහෙද බන් ගම්බද.. අල්ලපු ගම කීවට මහ දුරක් නැ හොල්ට් එකයිද කොහෙද පයින් යන දුරනේ. අනික තනියම පයින් මනෝපාරක් ගහන් යන එක ආතල්.. හම්මට ආටිගල හන්දියටම ඇවිල්ලා. මොනා උනත් මේ ගමේ උන් එකෙක්වත් මට පෙන්නන්න බැ. නැ නැ නැ තරහක් නැ.. දන්නැද්ද උන්ගේ එනජි එක අව්ල්නෙ තනිකර චීත්ත ඉන්නෙ. කොල්ලෙක් උනා කියල නැ මම ඉන්නෙ දවස් 365ස් දවසෙම ගෙදර. අල්ලපු ගෙදර උන් මාව දකින්නෙත් හද්ද කලාතුරකින් හැබැයි. ස්කොලේ යද්දිනම් දකිනවා ඇති ඉතිම්. මට කියල යාලුවෙක්වත් මේ ගමේ නැනේ රෙද්ද. මොන හු##ක්ද මන්ද. අර රණාලේ ඉන්න උන්ටනම් හැමතැනම උන්ග්‍ර වයසෙ උන්නමයි. අපේ ස්කොලෙන් බාගෙට බගයක්ම ඉන්නෙ රණාලෙද මන්ද රෙද්ද. මටනම් ඉරිසියයි අපේ උන් එක්ක. ඇයි යකෝ. මම විතරක් මේ ගුබ්බැයමේනේ. උන්ටනම් යලුවගේ ගෙදර ගියැකි ඔනේ වෙලේක. හු##.
YOU ARE READING
𝗖𝗥𝗨𝗦𝗛 👽💛 | ONHOLD
Romance"ක්‍රශ් එක කියල තව්සෙගෙ ලොකු කම බලන්න මට බෑ ඕයි.!!!" _ රනුල් මිහිදින් සූරියආරච්චි.. #AmyJane