"හීක්*!"
ඉක්කත් යන්න ගත්තෙ මගේ එහා පැත්තෙම ඉදපු චිම්පන්සියා දැක්කම.
මු මොනාද මෙතන කරන්නේ.. මේක හරි වැඩක් උනානේ යකෝ. රෙද්ද.. බොනවනම් මා එක්ක බීපම් කිව්වට මන් හිතුවෙ නැ යන යන හැමතැනම ඉදියි කියල.."තමුසෙ මොනාද මෙතන කරන්නෙ?"
"ඔයා මෙයාව දන්නවද?" ක්‍රිශ් අයියා ඇසුත් ලොකු කරන් මායි මිනුයි දිහා මරුවෙන් මාරුවට බලන් ඇහුවා.
"මොකො මන් නොදන්නේ..//"
අපි දෙන්නම එක පාර කිව්වම මන් ඌට රැව්වා.. බුරු පගා..රව රව ඉන්න වැඩිවෙලා හම්බුණේ නැත්තෙ බාර්ටෙන්ඩර් ඇවිල්ලා විස්කි එක දික්කරපු හින්දා. මන් ඌටත් ඔරොරා වටේ ඉන්න උන්ටත් රවල විස්කි වීදුරුව එක හුස්මටම හිස් කරා..
"දැන් ඇති රනු උබ මගෙන් මැ-"
"ඇයි ඇයි තමුසෙ මට මොනා කරන්නද ආහ්. මන් තමුසෙට කැමතියි කිව්ව පලියට මට එක එක කතා කියන්න තමුසෙට අයිතියක් නැ.. මන් තමුසෙගෙ කරෙ එල්ලුනේ නැනේ ඔච්චර දගලන්නෙ රෙද්ද. මන් තමුසෙගෙ පස්සෙන් ආවද? ඒත් නැනේ..? මන් හිටියේ මගේ පාඩුවේ.. මන් කිව්වෙ ට්ගමුසෙ මගේ ක්‍රශ් එක කියල විතරනෙ... බොරුවට නටන්නෙ නැතුව ඉන්නවා මන් මොකා එක්ක නැටුවත් තමුසෙ එක්ක මගුල් නටන්න එන්නෙ නැ.....! ඒ නිසා බය නොවී ඉන්නවා.."
කිසිම අදාලත්වයක් නැතිවචන ටිකක් වුණාට මට ඒ ටික උගෙ මූනටම කියාගන්න ඔනේ වෙලයි තිබ්බේ..
එකපාරටම මගේ මූණ ඉස්සරහින් අතක් දික්වුණාම රන්ඩුව අතැරලා මන් ඒ අත දිගේ ඇස් ඇදන් ඇවිත් උඩ බැලුවා.. අත දිග් කරන් හිටියේ හැන්ඩම් කොල්ලෙක්. එයා මොනවදෝ ඇහුවට ඒක හරියට ඇහුනෙ නැත්තෙ dj අයියට පින්සිද්ද වෙන්න තමා ඉතිම්.. ඇහුනේ නැති උනාට මොකො නටන්න එනවද කියලනේ ඔය අහන්නෙ කෝමත්.. ඔන්නොහේ නටනවා කියල හිතාගෙන මාත් ඒ අත අල්ලන් නැගිට්ටා.. එයා මාව ඩන්සින් ෆ්ලො එකට එක්කන් ගියාම මාවත් ඉබේටම පැද්දෙන්න ගත්තා.. ගහපුවා වදින්න දැනුයි හරියට පටන් ගත්තේ මන් හිතන්නෙ... ඒ අස්සෙන් එ කොල්ලගෙ අත් මගේ වටේ එතෙණවා ලාවට වගේ දැනුණා.. ඌත් මා එක්කම පැද්දුණා..
YOU ARE READING
𝗖𝗥𝗨𝗦𝗛 👽💛 | ONHOLD
Romantik"ක්‍රශ් එක කියල තව්සෙගෙ ලොකු කම බලන්න මට බෑ ඕයි.!!!" _ රනුල් මිහිදින් සූරියආරච්චි.. #AmyJane