ඉන්දු....ඉන්දූ....
ඉදුවර...බලාගෙන....ආකාශ්....
ඔන්න...වැටේවි....මන් දුවගෙන ගිහින් ආකාශ්ව අල්ලා ගත්තේ....
මොකද මේ...අදත් රන්ඩු වුනාද...
කියන්න...ඉන්දු...
මගේ මොකක්ද තියෙන අඩුපාඩුව...
මන් එයා කියන කියන විදියට නටනවා....
එත් එයා...
හැමවෙලේම මන් එක්ක රන්ඩු වෙනවා...කෝ...කෝ....එන්න....ඇදෙන් හාන්සිවෙන්න...
ම්ම්ම්ම්ම්...හ්...
බලාගෙන...ඔලුව වදීවි....
මම එයාට ආදරේ තරම් ඔයා දන්නවා නේ ඉදුවර....
ඔයාට තේරෙනේ නෑ....ඔයාට තේරෙන්නේ නෑ....
මගේ හිතේ තියෙන දුක ඉන්දු....ම්ම්ම්ම්ම්.....දැන් නිදාගන්න....
අපි හෙට කතා කරමු...බෑ...මට නින්ද යන්නේ නෑ...අනේ ඉදුවර මයුමිට කියන්නකෝ....මන් එයාට ආදරේ තරම්...
එයා හෙට ඔයා එක්ක යාලු වේවි....
දැන් නිදාගන්න ආකාශ් .....යාලුවෙයි නේද....
ම්ම්ම්ම්ම්....මට ශුවර් ...යාලුවෙනවා....
ම්ම්ම්ම්ම්ම්ම්.........
මන් ඒ සපත්තු දෙක, ශර්ට් එක, බෙල්ට් එක් ගැලෙව්වේ එයාට පහසුවක් දැනෙන්න...
මගේ ශෝට...ඉන්දූ...මේක තදයි....
ශෝට එයා ලගට දාලා මන් බාත් රූම් එකට ගිහින් දොර වහගත්තේ...
මන් ආවේ විනාඩි පහකට විතර පස්සේ...ඉන්දු ....ඔයාට තේරෙන්නේ නෑ...
මට දුකයි එයා තරහා වුනාම.....තාමත් ආකාශ් මුමුනනවා...
ඔයා මොනවද ආකාශ් ආදරේ ගැන දන්නේ....
මන් කල්පනාවකට වැටුනේ ආකාශ් දිහා බලාගෙනමයි....
මේ බෝඩිමේ මන් තනියම ගෙවපු කාලේ මගේ හිත හරී සැහැල්ලුයි...
ඒත් දැන්.............
මීට අවුරුදු දෙකකට කලිනුයි මේ දගකාරයා මගේ බෝඩින් එකට ආවේ...
ඩිපාර්ට්මන්ට් දෙක්ක වුනත්....අපි එකම කම්පනි එකේ....
මයුමි එක්ක තියෙන මගේ යාලුකම එන්න එන්නම දුරස් වුනේ එයා ආකාශ්ට ආදරෙයි කිව්ව දවසේ ඉදලා...
අවුරුදු දෙකක් මගේ හිතේ තනියෙන් දුක්විදින හැගීම් එමටයි....
ඒවා ඉපදුනේ...
ආකාශ්ගේ නමින්......
මයුමි තරහා වුනොත් මෙයා ක්ලබ් එකට යනවාමයි...
YOU ARE READING
ස්පර්ශ - 1
Romansaආකාශ් උඹ හරිය අර ඈත පේන අහස වගේ... කොච්චර ආස වුනත් මට අල්ලන්න බැරි....