මගේ පළවෙනිම කතාව තමයි මේක. ඉතින් මගෙ වැරදි අඩුපාඩු එහෙම විශාල ප්‍රමාණයක් ඇති. මොකද ඉතින් මම කියලත් විශ්ව කර්ම දිව්‍යපුත්‍රයා ඈ නේද. වැඩි කතා ඕන්නෑ එහෙනම් අපි යමු කතාවට.
ශාකල්යා විකුම්ශ්‍රී. වයස අවුරුදු 17යි. ආ.පො.ස. උසස් පෙළ විද්‍යා විෂය ධාරාවෙන් කාන්තා පාසලක අධ්‍යාපනය ලබමින් ඉන්නෙ. පියා පොලිස් නිලධාරියෙක් ලෙස සේවය කරන අතර මව වෙනත් පිරිමි පාසලක ඉගැන්වීම් කටයුතූ කරන ඉංග්‍රීසි ගුරුවරියක්. මදක් තද ගතිගුණ කිහිපයක් ඇරෙන්නට එතරම් නපුරූමත් නැහැ.
.
නෙත්සල්යා හෙට්ටි ආරච්චි.වයස අවුරුදු 18යි. අ.පො.ස. උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාවෙන් තමා හදාරන්නෙ. ශාකල්යාගෙ පාසලේම ඉගෙනුම් කටයුතූ සිදු කරන අතර චෙස් ක්‍රීඩාවේ කප්පිත්තෙක්. ඇයගෙ පියා වෛද්‍යවරයකු ලෙස සේවය කරන අතර මව ගෘහණියකි. සැහැල්ලු ගති පැවතුම් පෙන්වුවාට විටෙක දරුණූය.
හේෂානි සුවේධා ජයසිංහ. නෙත්සල්යාට ළගම යාලුවා. අවුරූදූ 18යි . විද්‍යා විෂය ධාරාවෙන් අධ්‍යාපනය ලබනවා. නෙත්සල්යාගෙම පාසලෙ.
ලූසියන් ෆර්නෑන්ඩෝ. නෙත්සල්යාගෙ අනිත් යාලුවා. වයස අවුරුදු 18යි. නෙත්සල්යාලට ලගම තියන මිශ්‍ර පාසලක ඉගෙන ගන්නවා. තාක්ෂණවේදය විෂයධාරාවෙන්.
දිව්‍යාංජලී සුබසිංහ. වයස අවුරුදු 17යි. තාක්ෂණවේදය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන අතර පියා සුප්‍රසිද්ධ ධනවත් ව්‍යාපාරිකයෙකි. මව ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියකි. ශේෂාද්‍රිගෙ මිතුරියයි.
♥️
ඔන්න ඔහොමයි චරිත ටික. කතාවෙ ඉස්සරහට යද්දි තව කට්ටිය එකතු වෙයි. ආප්ප සීන්, නෑබිලි සීන් කියල කවුරූ හරි lesbian, gay සීන් වලට අකමැති නම් කරුණාකරලා කියවන්න එපා. අන්න තියනව වෙන කතා යන්න පුලුවන්. ඉතින් ළමයිනෙ පලවෙනි කොටසින් හමුවෙමු.
~Arshel✨~
YOU ARE READING
හිමාර්ත නුවන් |•ongoing•
Non-Fictionතමුසෙට අච්චාරු කන්න හොද නෑ නේද. ගෑස්ටික් වැඩි වෙයි. ඉන්නවා මම වතුර බෝතලේ ගේනකම් " එයා කිව්වත් මම ඊට ඉස්සර වෙලා අපෙ පන්තියෙන්ම මගෙ වතුර එක ගෙනාවා. නැත්තං මූ උන්ගෙ පන්තියට යද්දි හෙට වෙයි. "දැන් යමු දැන් යමු. " මම අායෙත් කලින් වගේම අතින් අල්ලගද...