19🙂🦋✨

53 8 0
                                    

මිනිස්සු කියන්නෙ මහ මාර වුන් නේද. නෑ එහෙම කියනවා මට අැහුනා. අැහුනා කියන්නෙ අැහුනා ඉතින්. ක්ලාස් එකේ මට පිටිපස්සෙන් වාඩි වෙලා හිටපු කෙල්ලක් තමා කිව්වෙ. දැන් වෙනදට වඩා උනන්දුවෙන් මලීසා  වැඩ කරන නිසා දැන් එ්කිගෙන් මටත් වදේ පාඩමක් කියලා දීපං කියලා. පෙරේදා පොඩි උන්ට බැජ් ගැහුවා. ක්ලාස් ඉවර වෙලා මම ඉයර් පෝන් දෙකත් ගහන් මලීසත් එක්කම බස්ටෑන්ඩ් එකට එද්දිම බස් එකක් අාවා. මම එ් එකට මලීසාවත් අැදන් නැග්ගා. නැත්තං , නැත්තං අායෙ බස් එකක් එනකම් පැයක් විතරම බලන් ඉන්න වෙනවා. හැපූ අර හැලපයා නේද අර බස් එකේ ඉන්නෙ. මේ බල්ලව මම දකින්නෙ මාස ගානකින්. නෑ මම මේ කියන්නෙ අර මගෙ පස්සෙන් අාව ඩයල් එක ගැන. පොර දැන් හැදිලද කොහෙද මගෙ දිහා බලනන්ෙවත් නෑ. එ්කනම් හරි හොදයි පුතා අැ. ඔහොම තමා හොද ලමයි. මම මලීසව ඉඩ තිබ්බ තැනකින් වාඩි කරවලා මගෙ බෑග් එක උගෙ ඔඩොක්කුවට දැම්මා. එ්කිගෙ බෑග් එකත් කෙලින් කරලා මගෙ බෑග් එකට ඉස්සරහින් එ්කිගෙ බෑග් එක තියාගත්තා. අද ඉක්කෝලෙ දවසක් නිසා ගොඩක්ම බස් එකේ හිටියෙ ලමයි. මම හිටන් හිටියෙ මලීෂ වාඩිවෙලා හිටපු සීට් එකේ මගෙ දනිස් දෙක ගහන්.

"ඔය කකුල් දෙක ගනින්කො" මලීෂා එහෙම කිව්වත් මම දණිස් දෙක අයින් කරගන්න ගියෙ නෑ. අැයි යකෝ මමම ඉන්දලා මමම ගෑස් බලන්නත් ඔනෙද.

"මට බෑ. උබ කට පියන් යමංකො" මම හිටගෙනම ගියා. අර ඩෑල් එක හිටියෙ මලීෂට ඉස්සරහ ශීට් එකේ. ටික වෙලාවක් යද්දි මට දැනුනෙ තෙරපෙන ගතියක්. මිනිස්සු ගොඩක් පටවන් යන නිසා වෙන්නත් අැති. එ්ත් මිනිස්සු වැඩි වුන පලියට මගෙ බඩ වටේ අතක් එතෙන්න බෑනෙ නේද. මම එකපාරටම ගැස්සෙද්දි මට පිටිපස්ස බැලුනා.

"මේ ඔයානෙ . ඔහොම මාව බය කරන්න එපා අඩේ" එතන හිටියෙ ශාකල්යා. අර තඩි බැජත් ගහන්නෙ හිටියෙ. එ්ත්. ඉතින් මම අහන්නෙ මෙහෙම බදාගන්නම ඔනෙද. හොද වෙලාවට සෙනග නිසා මේකගෙ මල කෝලන් මොකාටවත් පේන්නැ.

"ක්ලාස්ද" එයා අත අයින් කරගන්න ගමන් අහද්දි මම ඔලුව වැනුවා. ටික වෙලාවකින් මලීෂට එහාපැත්තේ හිටපු වයසක මනුස්සයා යන්න ගියා. එ්ත් එක්කම මලීෂා එතෙන්ට රීටුවා. ඔ්කි ජනේලෙ ලග ශීට් වලට අාසයිනෙ. මමත් ඉතින් එතන ඔනෙ එකක් කරගනින් කියලා කට පියන් හිටියා. මට නෑනෙ සීට්මේනියාව. මම බලද්දි ඉස්සරහා හිටපු ඩෑල් එක ලගම තමා මගෙ- නෑ අපෙ බූවලු කුමාරි හිටන් හිටියෙ. අඩේ මල ගිනි විජ්ජුම්බරයයි. මුන් දෙන්නා කාගයිද දන්නැ කියන බය හිතේ පැලපදියං වෙන්න ගද්දි මම හිටගෙන රවාගෙන හිටපු බූවල්ලිගෙ අණ්ඩකින් අැද්දා.

හිමාර්ත නුවන් |•ongoing•Where stories live. Discover now