ඔය වතූර බෝතල් ටික ගිහින් අර පොඩි උන්ට දීලා ග්ලූකෝස් ටික ටික අර නෙට් බෝල් සෙට් එකෙ කටවල් වලට හලපං" හේෂානි කෑ ගැහුවේ ළග හිටපු අපෙ පන්තියෙ එකෙක්ට. මේ sportsmeet කාලේ නිසා කට්ටියට ඔලු උස්සගන්න බැරුව ඉන්නෙ. ඒ මොනවා කොහොම වෙතත් මම නම් නෑනෙ ඒ පිපෙට්ටු බෝඩ් එකේ. අරහෙට දුවන්නයි මෙහෙට දුවන්නයි මම ආස නෑ ඇග මහන්සි කරවන්න. ඒත් ඉතින් red cross එකේ සාමාජිකාවක් නිසා මට ඒකෙ ස්කොඩ් එක ලීඩ් කරන්න තියනවා. හේෂානි දිහා බලන් ඉදපු මම මගෙ බෑග් එකේ පුංචිම පොකට් එකට අත දාලා සන් ක්‍රීම් එක අරගෙන අත් දෙකෙයි කකුල් දෙකෙයි මූණෙයි බෙල්ලෙයි ගාගත්තා.
"මටත් දීපන්කො. මේ sport meet කෙරුවාව ඉවර වෙද්දි මම අගුරු කෑල්ලක් වෙලා ඉදියිද දන්නෑ. මේ පොඩි උන් කතා කරනවා ගාගත්ත ගමන් මම යනවා ආ.අර මිශෙල්ලා එක්ක ඉදපං" හුරූවමක් බාන ගමන්ම මගෙ අතින් සන් ක්‍රීම් එක අරගෙන මූණෙයි හෙල්ලෙයි උලාගෙන මටම ආපහු සන් ක්‍රීම් එක දීලා අපෙ dressing room එකෙන් කෙල්ල අතත් වනන් ගියා. Girls school එකක් නිසා මෙහෙ ඉන්න වුන්ට ආයෙ ඇදුම් මාරු කරගන්න එක ගැන එච්චර ප්‍රශ්නයක් නැති වුණත් මමයි , හේෂානියි තව සයන්ස් සෙක්ෂන් එකෙ ටික දෙනෙකු යි ඇදුම් මාරු කරන්න එන්නෙම මේ dressing room එකට. ඇදගෙන හිටපු ෂෝටට උඩින් බොටමත් ඇදගෙන මම ගියේ red cross ටීම් එකේ ඉන්න වුන්ව හොයාගෙන.
"එහ් කේශි මෙහෙ එනවකො" මට වඩා ඈතින් හිටගෙන හිටපු නංගි කෙනෙක්ට මම කතා කලා.
"ආ ඇයි අක්කෙ?" දහයකට ගහන්න වගේ මූණ හදාගෙන මගෙ ළගට ඒකි ආවා.
" Red cross team එකෙ උන්ව හොයාගන්න ඔනෙ. යමුද?" මම එල්ලන් හිටිය බෑග් එකේ කර පටිය චුට්ටක් එහා මෙහා කරගන්න ගමන් මම දිගෑරිලා තිබුන උරහිස ලගට තිබුන කොණ්ඩෙ පෝනියක් දාගත්තා. වැඩි ආරස්සාවට. අත් වලට දාන සොක්ස් දෙකත් බෑග් එකෙන් ඇරගෙන කේෂි එක්ක පොඩි උන්ව හොයාගෙන මම grade 6,7,8 පැත්තට ගියා.
" ඒ අක්කෙ. ඔයා ඔය දෙක දාගෙනම එන්න . මම ගිහින් අරුන් ටිකත් හොයන් එන්නම්. " කේෂියාට පනු ගාය වගේ.
"මොකද මොකද මාව හලන්නෙ. ක්‍රෂ් එකවත් ඉන්නවද ආ?" හිනාවෙවි මම අහද්දි ඔළුවත් කස කසා නංගි යන්න ගියා. හරි මෙහෙමයි. ඔය පොඩි එකා කොන්ඩෙ කපලා මදිවට මැර සීන් එකෙ ඉන්න හින්දා කෙල්ලො පස්සෙ කැරකෙනවා. ඒක අපෙ ඉස්කොලේට හරිම සාමාන්‍යය වෙන්න ගත්තෙ 6 වසරට අලුතෙන් ආපු උන් එක්ක.
YOU ARE READING
හිමාර්ත නුවන් |•ongoing•
Non-Fictionතමුසෙට අච්චාරු කන්න හොද නෑ නේද. ගෑස්ටික් වැඩි වෙයි. ඉන්නවා මම වතුර බෝතලේ ගේනකම් " එයා කිව්වත් මම ඊට ඉස්සර වෙලා අපෙ පන්තියෙන්ම මගෙ වතුර එක ගෙනාවා. නැත්තං මූ උන්ගෙ පන්තියට යද්දි හෙට වෙයි. "දැන් යමු දැන් යමු. " මම අායෙත් කලින් වගේම අතින් අල්ලගද...