2🪽🫠🌙

156 11 12
                                    

අපි හිටියෙ ground එකේ ඇහැල ගහ ළග වාඩිවෙලා පොඩි break එකක් ගන්න ගමන්. කේෂියා රෙඩ් ක්‍රොස් එකේ නැති වුනත් එකපාරටම 'අක්කෙ මම උදව් කරන්නද ස්කොඩ් එක හදාගන්න?' කියල අහද්දි ඔය මගුල ගැන මෙලෝ හසරක් නොදැන හිටපු මට ඒක මහමෙරක් වුනා. ඉතින් එදා ඉදන්ම මේ කේෂියා මට කරන උදව් වලට ණය ගෙවන්නෙ කොහොමද කියලයි හිතන්නෙ. වතුර බෝතලේ ඇරලා මම වතුර බොන්න ගද්දි කේෂියා මගෙන් මොනාද ඇහුවා.




"ඒ නෙතූ අක්කෙ. අක්කට හිත ගියපු කෙනෙක් නැද්ද?" බිබී හිටපු වතුර එක මට ඉස්මොල්ලෙ යද්දි කේෂානි මූණත් දෙක කරන් මගෙ පිටට තඩි බෑවා.



"ඇයි කැහ් කැහ් එහෙම ඇහුවෙ?" ඇස් දෙකෙන් කදුලු පනිද්දි මම ඇහුවේ කදුලු පිහ පිහ.


"නෑ ඉතින් අක්කට එහෙම කෙනෙක් ඉන්නවා කියලා හිතන්න බැරි කමට ඇහුවෙ" ලන්ච් බොක්ස් එකේ තිබ්බ සැන්විච් එකක් ගිලින ගමන් ඒකි කිව්වා. මට අෑතින් යම්කිසිවක් අැහැට ග්ර‍හණය වෙන්න ගත්තෙ අපෙ කතාව එතනින් නැවතෙනවත් එක්කම.


"මොකද බං අර රත්තා මේ පැත්තට දුවන් එන්නෙ? යම්කිසි වරදක් සිදු වුනා තෝ" ඈතින් එන රතු හව්ස් කැප්ටන් මොකක්ද පොල්ලකුත් අතින් වන වන අපි දිහාට එනවා. කේෂිගෙත් කට වැහිලද කොහෙද.



"නෙත්සල්‍යා, ඉන්දුමති මිස් කතා කරනවා" මම කිව්වෙ මම කිව්වෙ අනෙ අම්මපා මුන්ට මොක්කුද දන්නෑ ලොකු නම්බු තානාන්තර දෙන්නෙ. යකො අක්කට අක්කා කියලා කතා කරන්න බැරිද මම අහ්නනෙ. අනෙ අම්මපා මට මූට මඩු වලිගෙකින් තලන්න ඇත්තං.



"ශේෂාද්‍රි යන්න . මම තව ටිකකින් එන්නම්." මම කිව්වෙ එච්චර ගානක් ගන්නැතුව. ඒත් ඉතින් මට වැඩි වෙලාවක් එහෙම ඉන්න වුනේනෑ මොකද ඉන්දු මැඩම්ගෙ කටහඩ ඈතින් ඇහෙන්න ගත්තා. තාමත් අතේ තිබ්බ පොල්ල වන වන ඉන්න ශාකල්‍යා මගෙ දිහා රවාගෙන බලන් හිටියා.


"මොකද නංගි රවන්නෙ. ඔහොම රවන්නෙපා බං ඇස් වපර වෙයි. කොල්ලා දාලා යයි." කේෂි හිනාවෙනවා එකසිය ගානට. ඒත් එක්කම scodd එක ප්‍රැක්ටිස් කරන වගකිම කේෂිගෙ ඔලුවට පැටවුනා. මම රත්තා එක්ක යන්න පිටත් වුනා.



හිමාර්ත නුවන් |•ongoing•Where stories live. Discover now