එදා අපි අයිස්ක්‍රීමුත් කාලා අන්තිමේදි හෝල් එකත් දෙවනත් කරන් නැටුවා. හේෂානියා පෝන් හේෂානියත් ෆෝන් එක හදාගත්තට මොකද තාම මැසේජ් එකක් දාලා තිබ්බේ නෑ. මම ඕක අල්ලන් ඌත් එක්ක රණ්ඩු කරද්දි ඒකා අන්තිමේදි කකා හිටපූ අයිස් ක්‍රීම් එකත් මට දික්කරලා ' ආ ආ පාඩම් කරනවා ඕයි මම මේ දවස් ටිකේ. ලුයීත් කිව්වා එයාටත් පාඩම් කරන්න ඕනෙ කියලා. ' කිව්වට පස්සෙ තමා මම යාලු වුනේ. නටන වෙලාව තමා හොදම එක. කොහෙන්ද මන්දා ඉදන් ආව කොට මලීෂා මාව අත් වලින් අල්ලන් නටවද්දි මම වැටෙන්න ගියාත් එක්ක. ඒත් ඉතින් guardian angel වගේ හැමතිස්සෙම මාව අල්ලගන්න එන බූවලු නෝනා මගෙ එක අතකින් අල්ලලා මාව කෙලින් කරලා අපිත් එක්ක නටන්න ආවා. කොල්ලො දෙන්නා වගේ ගෑනු සනුහරයක් මැද්දෙ අපි දෙන්නා විතරක් නටද්දි මට ආයෙ කේෂිව හම්බුනේම නෑ. තව මාස එකහමාරකින් අපි ලබන අවුරුද්දේ. කණ්ණාඩි මේසෙ ළගට වෙලා මම වැස්ලින් එක මුලූ ඇගේම ගාගෙන හිටියෙ. මේ දවස් වල උදේට හොදට පායලා හවසට සුපිරියටම වහිනවා. වැහි දෙය්යොන්ටත් ට්‍රැක පැනලද කොහෙද. මගෙ ටෙක්නික් එකවත් කියලා දෙන්න ඔනෙ. පවුල් ප්‍රස්න වෙන්න ඇති දෙය්යොන්ටත්. පෞ අනේ. මගෙ මේසෙ උඩ තිබුන පොඩි ෆොටෝ එකට හදිස්සියේම මගෙ ඇහැ ගියා. ඒක මායි ,බූවල්ලියි ,කේෂියි එදා ඇහැල ගහ යට ඉදන් ඉද්දි ගත්තු එකක්. එදා කියන්නෙ children's day එක දවසෙම තමා. කේෂි ළමයගෙ හිත හදන්න කියලා මායි බූවල්ලයි ඌවත් ඇදන් ඇහැල ගහ යටට වෙලා උගෙ හිත හැදුවා. ඌ අන්තිමටම මට තැන්කිවු කියලා යන්න හදද්දි මම අපි ළග මොකක්දො වැඩක් කර කර හිටපු අපෙ අයිටී මැඩම්ගෙන් ෆොටෝ එකක් ගන්න පුලූවන්ද කියලා අහලා මැඩම් හා කිව්වට පස්සෙ මැඩම්ගෙ ලස්සන දෝණි ඇන්දා කැත වහගන්න පාවිච්චි කරන snap chat එකෙන් ෆිල්ටර් එකක් දාලා අපි මැඩම් ලව්වම ෆොටෝ එකක් ගත්තා. ඒ වෙලේ කේෂානි හිටියෙ අයිනෙ . මගෙ ළග හිටියෙ බූවල්ලි. ඒකත් මං දිහා බලාගෙන. මැඩම් ගෙ වස්සැප් වලින් මට ඒ පොටෝ එක යවාගත්තා. ඊටපස්සේ එකේ මම ලස්සනට ඉන්න නිසා මම අප්පච්චිට කිව්වා ඒක සූද්ද කරලා ෆ්‍රේම් කරලා ගෙනත් දෙන්න කියලා. අප්පච්චිත් ඉතින් හා කිව්වා. මට ඔය ෆොටෝ එක දකිද්දි මොකක්ද වෙනවා. ඒක කියාගන්න තේරෙන්නෑ අනේ මට. ඉන්ස්ටා එකෙන් හම්බුන shalya මගෙ යාලුවෙක් වුනේ මම ඒක සැරයක් එයා දාලා තිබ්බ පෝස්ට් එකකට රිප්ලයි එකක් දැම්ම නිසා. කවදාවත් දැකලා නැති වූනත් එයා එක්ක මැසේජ් කරද්දි මට එයාගෙන් සමීප බවක් දැනෙන්න ගත්තා. එයා මට වඩා බාලයි කොහොමහරි . මම දන්නෑ අනේ. ඔක්කොම වැඩ ටික ඉවර කරලා මම සිකුරාදා දවසෙ හවස එහෙම කල්පනා කරකර තමයි ඉන්නෙ . ඉතින් අදත් සිකුරාදා නෙ. ඒක අදත් එහෙමයි ඉතින්. මට හදිස්සියේම පහලින් ඇහුනෙ වාහනේක හෝන් සද්දයක්. මම ජනේලෙන් පහල බලද්දි එතන හිටියෙ අපෙ ලොකු බාප්පා. මෙයා මොකද මෙහෙ.
YOU ARE READING
හිමාර්ත නුවන් |•ongoing•
Non-Fictionතමුසෙට අච්චාරු කන්න හොද නෑ නේද. ගෑස්ටික් වැඩි වෙයි. ඉන්නවා මම වතුර බෝතලේ ගේනකම් " එයා කිව්වත් මම ඊට ඉස්සර වෙලා අපෙ පන්තියෙන්ම මගෙ වතුර එක ගෙනාවා. නැත්තං මූ උන්ගෙ පන්තියට යද්දි හෙට වෙයි. "දැන් යමු දැන් යමු. " මම අායෙත් කලින් වගේම අතින් අල්ලගද...