"දැන් ඔයා කියන්නෙ එතකොට මම පාඩම් කරනවා වැඩියි කියලද? අනේ මේ තමුසේ පාඩම් කරන්නෑ කියලා මම මැරෙන්නද? " අපෙ මලීසාට මාව එපා වෙලාලුනෙ දැන්. එ්කි කියනවා මම පොතේම අැලිලා දැන් චුයින්ගම් එකක් වගේ වෙලා පොතෙන් ගලවගන්න බැරි වෙලාලු. කවුද අනේ ඔිවා විස්වාස කරන්නෙ මම අහන්නෙ. හරී ඉතින් මම අැලිලා අැති තමා පොතේම. එහෙමයි කියලා මම පොත්ගුල්ලෙක් වුන්නෑනෙ. නැත්තම් ඉතින් මම බූවලු කුමාරියි හේසානියයි ලුසියයි එක්ක එන සතියෙ බදාදා පාක් යන්න හිත හදාගයිද. පාක් එකට යං කිව්ව අදහස දුන්නෙ බූවල්ලි. අම්මලාගෙන් අැහුවට පස්සෙ අපෙ ලුසීයන් යනවා කිව්ව නිසා කැමැත්ත දුන්නා. ඔව් ඉතින් අපෙ අම්මගෙ පුතන්ඩියානෙ. හොද වෙලාවට උෟ අපෙ හේසානි එක්ක යාලු වුනේ. නැත්තං අපෙ අම්මා උෟව බෑනා කරයි. මම ඔලුව රිදෙනවා, නිදාගන්න ඔින වගේ එ්වා කියලා කියලා එ්ක අහන් ඉන්නම එපා වෙලා බූවල්ලා එහෙම කිව්වද දන්නෑ. නෑ එහෙම වෙන්න බෑ. ලූසියන් මම ඔය බූවල්ලිගෙ අදහස ඔලුවට දාද්දි කොල්ලා එක පයින්ම කැමති වුනේ stress වල උච්චතම අවස්තාවෙ හිටිය නිසා වෙන්නත් පුලුවන්. එ්ත් මම බූවල්ලි එනවා කිව්වම නම් පොඩ්ඩක් කොස්සහෙම අැද්දා. එ්වා කොහෙද මගෙ හේසානියා ඉන්නකම්. එයා යං කිව්වා හතරදෙනත් එක්කම. එතකොට නම් කොල්ලා කොහොම හරි හිත හදාගත්තා.
"උබ පොත් ගුල්ලෙක් තමා. " මලීසා මටත් ගස්සන් මම ඉන්න ඩෙස් එක ලගින් අයින් වෙලා වෙන තැනකට ගියා. මැඩම් ඉන්න නිසා ඉතින් ඔකිට හයියෙන් කෑ ගහන්නත් බෑ. ලබන මාසෙ ජනවාරි නිසා ක්ලාස් වල සර්ලා දැම්ම ඉදන්ම ප්ලෑන් ගහලා විකාරයක් කරන්නයි හිතන් ඉන්නෙ. සතියෙ දවස් තුනක් ක්ලාස් පැය අට ගානෙ. සති අන්ත වලත් ක්ලාස්. මොනවා කරනන්ද ඉතින් කැම්පස් යාගන්නනෙ මේ කටු ඔක්කොම කන්නෙ. ජ'පුර ඔයා මං එනකම් බලන් ඉන්නව කියලා මම දන්නවා මැණිකේ. අපෙ ඉස්කොලෙ ඉන්ටවල් එකට අද බෙල් කලෙත් නැ. ලයිට් කපලනෙ. සිස්ට බිල ගෙවල නැද්ද දන්නැ. නොවෙන්නත් බැරි කමක් නැ හැබැයි. බඩත් මොකක්ද වෙනවා වගේ. කෑම නම් කෑවා මම. අපෙ බූවලු ලමයා එක්ක බෑ අනේ. හැමදාම මම කාලා ඉවරද බලන්න පන්තියට එනවා. එ් අැවිත් කරන්නෙත් මට තනියම කන්න කියලා බත් අැටයක්වත් ඉතුරු නොකර කන්න කියන එක. ඊටපස්සේ මම කිව්ව විදියටම කාලාදත් කියලා බලලා යන්න යනවා. බඩ රිදෙනවා ටික ටික වැඩි වෙද්දි මම නැගිට්ටා.
YOU ARE READING
හිමාර්ත නුවන් |•ongoing•
Non-Fictionතමුසෙට අච්චාරු කන්න හොද නෑ නේද. ගෑස්ටික් වැඩි වෙයි. ඉන්නවා මම වතුර බෝතලේ ගේනකම් " එයා කිව්වත් මම ඊට ඉස්සර වෙලා අපෙ පන්තියෙන්ම මගෙ වතුර එක ගෙනාවා. නැත්තං මූ උන්ගෙ පන්තියට යද්දි හෙට වෙයි. "දැන් යමු දැන් යමු. " මම අායෙත් කලින් වගේම අතින් අල්ලගද...