ටේහ්‍යුන් නම්ජුන් පනිවිඩේ දුන්න ගමන් ජන්ග්කුක්ව බලන්න ගියත් ජන්ග්කුක්ට ඩොක්ටර් නින්ද යන්න බෙහෙත් දීලා තිබ්බ නිසා නෝර්මල් වෝර්ඩ් එකට දැම්මාත් එයාට සිහිය ඇවිල්ලා තිබ්බේ නෑ..ඒ නිසා ජන්ග්කුක්ගේ තාත්තාගේ නම්ජුන්ගේ ජින්ගේ කීම නිසාම ටේහ්‍යුන් ගෙදර ගියේ ජන්ග්කුක්ට සිහිය එන්න කලින් වොශ් එකක් දාගෙන එන්නයි..මොකද ටේහ්‍යුන් තාමත් ඇදන් ඉන්නේ දවස් දෙකකට කලින් හොස්පිටල් එකේ නයිට් ශිෆ්ට් එකට ඇදන් ගිය ඇදුමමයි..
ඒ නිසා ටේහ්‍යුන් එපා කියද්දි ජින් ටේහ්‍යුන්ව ගෙදරට එක්කන් යන වැඩේ භාරගන්නකොට ටේහ්‍යුන් ඇදුම් කිසිම දෙයක් ගෙනල්ලා තිබ්බේ නැති නිස එයා යන ගමන් එහෙම්ම ශොප් එකකට ගිහින් ඇදුම් දෙක තුනකුත් ජින් එක්ක ගිහින් අරගෙනමයි එයාගේ ගෙදරට ගියේ..
අප්පච්චිගේ ෆියුනරල් එකට හැරෙන්න ටේහ්‍යුන් මේ ගෙදරට කිසිම දවසක ඇවිල්ලා නොතිබෙනකොට ජිමින් නිසා ගෙදර පාලුවට නොගිහින් තිබ්බා...ජින් එක්කම ගෙදරට ගිහින් වොශ් එකක් දාගෙන ඇදුමක් ඇදගත්ත ටේහ්‍යුන් ජින් මගින් අරගැත්ත කෑම එකත් ජින්ගේ වදේ නිසාම කෑවට පස්සේ මුලින්ම ගියේ කාර් එකක් රෙන්ට් එකට ගන්නයි...එයාට ඕන උනේ නෑ හැමවෙලේම තව කෙනෙක්ට වදයක් වෙන්න..ඒත් ඉතින් ටේහ්‍යුන් අවුරුදු ගානකින් ලංකාවට ඇවිල්ලා නැති නිසා එයාගෙ ලයිසන්ස් පවා එක්ස්පයර් වෙලායි තිබ්බේ...ඉතින් ටේහ්‍යුන්ට කාර් එකක් එක්කම ඩ්‍රයිවර් කෙනෙකුත් ගන්න වෙනකොට ටේහ්‍යුන්ගේ ඩ්‍රයිවර් වැඩේට ස්වකැමැත්තෙන්ම ජින්ගේ පුතා සූහෝ ආවා..
" ඔයා ගොඩක් ලොකු වෙලා සූහෝ...තාත්‍තා වගේමයි දැන් නම්... "
පුංචි කාලෙ එදා පාර්ටි එකේදි දැක්කාට පස්සේ ටේහ්‍යුන් සූහොව දකින පලවෙනිපාර මේක වෙනකොට අවුරුදු දහා අටක සූහෝව අදුරගන්නත් බැරි තරම් කඩවසම් වෙලායි තිබ්බේ..
YOU ARE READING
You Are MY ENEMY || TK || Completed
Fanfictionකෙනෙක්ට ලන් වෙනකොට, එයා එක්ක ඉන්න වගේම එයා නැති උනාම ඉන්නත් පුළුවන් වෙන විදියට හුරු වෙන්න.. මොකද , " ඔයාට මට ආදරේ කරන්න පුළුවන් ද ?? " කියලා ඇහුවට.... " මන් නැතුව ඔයාට ඉන්න පුළුවන් ද ?? " කියලා කවදාවත් අහන්නේ නෑ...!! # Enemy to lover # Taekok 🔁