Chapter 11

317 68 40
                                    

ජන්ග්කුක් ටේහ්‍යුන් දෙන්නා සල්පිල පුරාම ඇවිදලා නෑ ඇත්තටම කිව්වොත් ටේහ්‍යුන් ඇවිද්දා ජන්ග්කුක් ඒ පස්සෙන් දිව්වා..කොහොම හරි දෙන්නාම අන්තිමට නතර උනේ ජන්ග්කුක්ට එයාටම කියලා සතෙක්ව තෝරගන්න කියලා තිබ්බ තැනකටයි...ටේහ්‍යුන් ජන්ග්කුක්ව එතනින් දාලා යන්න හැදුවත් කලින් වගේ ප්‍රශ්නයක් වෙයි කියන බයට ජන්ග්කුක් ටේහ්‍යුන්ව බලෙන්ම ඇදගෙන සත්තු ගන්න පුලුවන් කියලා බෝර්ඩ් එකක් ගහලා තිබ්බ දොරෙන් ඇතුලු උනා..

" සුබ සන්ද්‍යාවක් පුංචි මහත්තයා...මන් රෙඩ්වස්...ඔයාලට මොකක්ද මගෙන් කෙරෙන්න ඕන ?? "

ටිකක් වයසට ගිය සුදුම සුදු කොන්ඩෙයි රැව්ලයි දිගට වවන් හිටිය නත්තල් සීයා කෙනෙක් ඇවිල්ලා ඔලුව පහත් කරලා ජන්ග්කුක්ටයි ටේහ්‍යුන්ටයි ආචාර කරාම ජන්ග්කුක් හිනා වෙලා ඔලුව පහත් කරත් ටේහ්‍යුන් නෙමෙයි ඒ කෙනාව සතේට ගනන් ගත්තේ...එයාගේ හිස් ඇස් ඒ මනුස්සයගේ ඇග ස්කෑන් කරා කිව්වොත් වැරදි නෑ..

" අ..අපිට සතෙක්ව ගන්න පුලුවන් ද ?? "

ජන්ග්කුක් පොඩ්ඩක් පැකිලීමක් එක්ක ඇහුවාම ඒ කෙනා කටපුරවලා හිනා වෙලා හිස උඩට පහලට වැනුවා..

" මාත් එක්ක එන්න..."

ඒ කෙනා දොරක් ඇරන් ඇතුලට යන ගමන් අඩගහනකොට ජන්ග්කුක් බලෙන්ම ටේහ්‍යුන්වත් ඇදන් ඇතුලට ගියා...ලොකු පඩිපෙල් ගොඩක් ඒ කෙනා පස්සෙන් බැහැගෙන ගියපු ටේහ්‍යුන් ජන්ග්කුක් දෙන්නා අන්තිමට නතර උනේ කුඩූ ගොඩාක් තියෙන විශාල දිග කොරිඩෝවක් ලගයි.

" ඔය පුංචි මහත්‍තයට පුලුවන් මෙතනින් කැමති සතෙක්ව තෝරගන්න "

ඒ කෙනා කොරිඩෝවර් දිහාට අත දික් කරන ගමන් කියනකොට යාන්‍තම් ඔලුව වැනුව ජන්ග්කුක් ඉස්සරහට ගියේ ඒ කූඩුවල බල්ලෝ ,පූසෝ වගේ හුරතල් සත්තු බලාපොරොත්තුවෙන් උනත් ඒවාගෙව් හිටියේ සිංහ පැටව්, කොටි පැටව්,වලස් පැටව්, අලි පැටව්, හිපපොටේමස් පැටව්, ලොකු රාජාලියෝ වගේ ජිවිතේට ලේසියෙන් කෙනෙක් හුරතලේට ඇති කරන්නෙ නැති සත්තු වෙනකොට ජන්ග්කුක්ට එයාලා ලගට ලන් වෙන්නත් බය හිතුනා..

" මන් හිතුවේ ලස්සන බලු පැටියෙක්ව තෝරගන්න "

ජන්ග්කුක් කූඩූ අස්සේ ඉන්න මාංශ භක්ෂක සත්තු දිහා බලන් තොල් නොපිටට පෙරලනකොට ජන්ග්කුක් දිහා හොරෙන් බලන් හිටපු වැන්ටේගේ මූනට පුංචි හිනාවක් ආවා...අවුරුදු ගානකට පස්සේ තමන්ගේ මූනට හිනාවක් ආපු එකට පුදුම උන වැන්ටේ ඉක්මනට අනිත් පැත්තට හැරුනත් එයා කවුලුවක් අස්සෙන් දැක්ක දේ නිසා වැන්ටේගේ ඇස් ගින්දරෙන් දිලිසෙන්න වැඩි වෙලාවක් නම් ගියේ නෑ..

PETALS of The SWORD || TK Where stories live. Discover now