Chapter 26

435 94 43
                                    

හැමදේම සාමාන්‍ය විදියට සති දෙකක් වගේ ගත වෙලා ගියේ හැමෝගෙම පුංචි පුංචි වෙනස්කම් එක්කමයි...ඉස්සර වගේ ජන්ග්කුක් හැමවෙලේම කියෝ කියෝ ඉන්න එක නතර කරලා කොයි වෙලෙත් කල්පනා කර කර ඉන්න එක හැරෙන්න අනිත් හැමදේම සාමාන්‍ය වෙලයි තිබ්බේ..

ජන්ග්කුක්ගේ කැපකිරීම නිසාම,ටේහ්‍යුන් නිසා ජන්ග්කුක්ට තමන්ව පාලනය කරගන්න පුලුවන් උන නිසාම දෙවෙනි පාරටත් කරපු යාගයෙන් පස්සේ යුගී, ජිමින් දෙන්නාත් සාමාන්‍යවෙලා තිබ්බා වගේම ජිමින්, සූගා එක්ක ටිකක් ලන් වෙලයි තිබ්බේ..මොකද දෙවෙනි යාගයෙන් අන්තිමට සිහිය ආවේ ජිමින්ට නිසා සූගා බය වෙලා ලගටම වෙලා හිටපු එකෙනුත් , සිහිය ආපු ගමන් ජිවිතේ පලවෙනිපාරට බදාගත්ත එකෙනුත් ජිමින්ට තේරුනා එයාගේ වගේම සූගාගෙ හිතෙත් යාළුකමට එහා ගිය හැගීමක් තියෙනවා කියලා..ඒත් දෙන්නාගෙන් කිසිම කෙනෙක්ට ඉස්සර වෙන්න කිසිම හදිසියක් තිබ්බේ නෑ..ජිමින් කොයිවෙලෙත් සූගාගේ ලෝකේ ඉන්න එකෙන් ජිමින්ටත් නොදැනිම ජන්ග්කුක්ව මිස් වෙනකොට ජන්ග්කුක් වැඩි හරියක් හිටියේ කාමරේට වෙලා තනියම අම්මාගෙයි තාත්‍තාගෙයි ෆොටෝ බලන ගමනුයි..

ජන්ග්කුක් තාමත් එයාගේ අම්මගේ රහස කාටවත්ම කිව්වේ නෑ වගේම ඒක ගැන දන්න ටේහ්‍යුනුත් ජන්ග්කුක් කියනකම් කිසිම කෙනෙක්ට නොකියා මුකුත් නොදන්න ගානට හිටියත් ජන්ග්කුක්ගේ වෙනස්වීම එයාට හොදටම තේරිලායි තිබ්බේ...ඒ නිසාම ටේහ්‍යුන් ජන්ග්කුක් ගැන හැමවෙලේම එයාට හොරෙන් ඇහැ ගහගෙනම හිටියා..

" ඔයාට පූලුවන් කුකී !! "

ජන්ග්කුක් එදා උන හැදිලා ඉද්දි මාලේ හැංගුවට පස්සේ අද තමයි මාලේ අතට ගත්‍තේ...එයාගෙ හිතට ලොකු බයක් දැනුනා මාලේ එයා ලග තියෙන එක ගැන..මොකද ජන්ග්කුක්ගේ හිත එක පැත්තක් මාලේ දිලිසෙන්න කියලා ප්‍රාර්ථනා කරනකොට අනිත් පැත්ත එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරා...ඒ නිසාම ජන්ග්කුක් මාලේ හංගපු තැනින් සති දෙකක් යනකම්ම ගත්‍තේ නෑ වගේම ඒ දිහා බැලුවෙවත් නෑ..ඒත් අද ජන්ග්කුක්ට ඒ මාලේ එයාගේ බෙල්ලේ දාගන්න ඕන උනා..මොකද අද එයාලා හැමෝටම rm මෙහෙයුමක් බාර දෙන්නයි ඉන්නේ...ඒක නිසා ජන්ග්කුක්ට ඕන උණා මොන දේ කරන්නත් කලින් එයාට වටිනම දේ එයා ලගම තියාගන්න..ඒ නිසාම ලොකු හුස්මක් ගත්ත ජන්ග්කුක් මාලේ බෙල්ලට දාගෙන කබාය ඇදගත්තේ ඒක කාටවත් නොපෙනෙන විදියට වෙනකොට කාමරේ දොර ළඟ ඉදන් කෑ ගහන ජිමින් එක්ක ජන්ග්කුක් ඉක්මනට පහළට ගියා...

PETALS of The SWORD || TK Where stories live. Discover now