7

95 11 12
                                    

(මේ දාන හැම සිංදුවක්ම Chapters එකින් එකකට ගැලපෙනවා...👀 Chapter එක ඔයාලට තවත් feel වෙන්න ඕනි හින්දයි එහෙම දාන්නෙ...👉👈 සමහර වෙලාවට සිංදුවේ වචන ගැලාපෙන්නෙ නැතත්,ඒ music එක හරි ගැලපෙනවා...ඒකයි...🫶)



"උබ try කරන්නත් කලින් උබට බෑ කියලා හිතලා ඉවරයිනේ...

මගෙ ගොං තකතීරු මෝඩ කතා ඔක්කොම ඉවර වුනාට පස්සෙ සෙනුලි කතා කරන්න පටන් ගත්තා...

"කවුද ඒ කොල්ලා...අපි එයාට කතා කරමු..."

එයාගෙ අත් වල හිටපු මම එක පාරටම එයා දිහා බැලුවෙ,

"කොල්ලා"

කියන වචනෙට...

කොල්ලා...??? කොල්ලා නෙවෙයි බම් කෙල්ල...කොහොමද දෙවියනේ මම කියන්නෙ ඒ කෙල්ලෙක් කියලා...මට මෙතනම වලක් කපන් වැලලෙන්න ඕනි වගේ...

"බම්...ඒ..."

"ම්හ්ම්,ඒ...කොල්ලෙක් නෙවෙයි..."

මම කියපු දේට,
"මොකක්ද යකෝ ඒ හරුපෙ" කියන්නා වගේ සෙනුලි මගෙ දිහා බලන් හිටියා...

මගෙ පපුව වේගෙන් ගැහෙන්න පටන් ගත්තෙ එයා මට බනියිද දන්නෙ නෑ කියන සැකේට...නෑ නෑ...ඒකි මාව තේරුම් ගනියි...මම දන්නවා ඒක...

"ඇහ්,මට තේරුනේ නෑ..."

මම මොකුත් නොකියා මගෙ සීතල වෙච්ච ඇගිලි දිහා බලන් හිටියා...

ඒත් එක පාරම පැනි හිනාවක් දාලා සෙනුලි අහපු දේට මට ඒකිගෙ දත් බඩට යන්න ගහන්න හිතුනා...

"ම්ම්ම්ම්...🌝 එහෙනම් හැට පැනපු sugar daddy කෙනෙක්ද..."

අම්මපා,මරාගෙන මැරෙන්නවා මං දැන්...මගුල...මෙච්චර සීරියස් කතාවක් මැදත් ගොං කතා කියනව නෙ...

"පිස්සුද හු#තෝ..."

සෙනුලි හයියෙන් හිනා වෙලා,

"හරි හරි,විහිලුවක් කලේ...ඒ කියන්නෙ මගෙ සැකේ හරි කියන එකද..."

කියලා ඇහුවා...

"ඇහ්...ඒ මොකක්ද උබෙ සැකේ..."

තත්පර කීපයක් මගෙ දිහා බලන් ඉදලා  සෙනුලි කතාව පටන් ගත්තා...

"මීට අවුරුදු දෙකකට කලින්,English madam අපිට කිව්වා Self introduction එකක් දෙන්න කියල...

සෙනෙහසේ වදන් | GLWhere stories live. Discover now