01.

235 27 59
                                    

ගෑනු දෙපැරැන්දක් මැද්දෙ පැයක් විතර තිස්සෙ ඉහල පහල ගියත් තාම මට සැනසීමක් නැති තැන මම නතර වුණා...ඒකිගෙ ඇගෙන් අයින් වුණ මම එහෙමම ඇඳුමත් දාගෙන ස්පා එකෙන් එන්න ආවෙ මං ගැන ඇතිවුණ කලකිරීම තව තවත් වැඩි වෙද්දි...

මගක් දුර එද්දි වමනෙ යන්න ආපු නිසා එහෙමම ගැහි ගැහි පත්තු වෙන ලයිට් කණුවකට හේත්තු වුණෙ අර ගෑනු සර්වාංගෙ ලෙවකාලාම මට ඇති වුණ අප්පිරියාව හින්දා...

වමනෙ යන්න තරම්වත් දෙයක් බඩේ නැති නිසාම, උගුර කාරවාගෙන හවස බඩපුරවගන්න බීපු කිරිකෝපි එක එලියට යනවත් එක්කම මගෙ ඇස් ඉස්සරහ මැවිලා පෙනුන අම්මගෙයි තාත්තගෙයි අහිංසක මූණූ නිසා පපුව රිදෙන්න ගත්තෙ මම මේ කරන දේවල් කවදහරි ඒ මිනිස්සු දැනගත්තොත් ඒ මිනිස්සු මේවා කොහොම දරාගනියිද කියල හිතෙද්දි...
ලයිට් කණුව ලග බිම වාඩිවෙලා සෑහෙන වෙලාවක් කඳුලු හලපු මම ඔලුවෙ කැක්කුමත් එක්කම නැගිටලා හොස්ටල් එකට යන්න ගියේ හෙට උදේම ක්ලිනිකල් යන්න ඕන නිසා...

ඔයාල බලනව ඇති මේ අසහනකාරයා කවුද කියල නේද..
මම තිසුම් විද්වාන් දිසානායක
මෙහෙම තිරිසනෙක් වුනාට මම කොළඹ මෙඩිකල් ෆැකල්ටියෙ දෙවනි අවුරුද්දෙ එකෙක්...
තාත්තා කුඹුරු වැඩ එක්ක ඔට්ටු වෙද්දි, අම්මා කුලී වැඩ කරල කීයක් හරි හොයාගෙන තමයි මටයි නන්ගිටයි වියදම් කරන්නෙ.. ඒලෙවල් වලට බයෝ කරපු මට ඒ කාලෙ තදටම depression ආවා... ඒක නිසාම සිගරට් වලටයි, තූල් වලටයි ඇබ්බැහි වුණ මාව දවසක් තාත්තට මාට්ටු වුණ දවසෙ තමයි මම තරු විසිවෙන්න කෑවෙ... එදා ඒ තාත්තගෙ කරගැට පිරුණු අතෙන් වැදුණ කම්මුල් පාරෙ වේදනාව මට දැනුනෙ කම්මුලටත් වඩා පපුවට...
පහුවදාම මාවත් ඇදගෙන ඩොක්ටර් කෙනෙක්ට පෙන්නලා ඒ ලෙඩේට බෙහෙත් ඇරන් දුන්නට පස්සෙ මම වැඳලා සමාවගත්තා ආයෙ එහෙම කරන්නෑ කියලා..
එදා ගෙදර ආවට පස්සෙ නන්ගිගෙ කන හිස් වෙලා තියෙනව දැක්ක මට මාවම මරාගන්න හිතුණෙ තාත්තා මං වෙනුවෙන් නන්ගිගෙ කරාඹු උකස් කරල කියල මට තේරෙද්දි... එදා ඉඳල සතියට සැරයක් කවුන්සලර් ව මුණගැහෙන්න ගිහින් එද්දි ටිකෙන් ටික මාව හොඳ අතට හැරෙද්දී, මම මගෙ උපරිමෙන්ම පාඩම් කරේ අම්මගෙ තාත්තගෙ දොස්තර හීනෙට පණ දෙන්න ඕන නිසාමයි... නන්ගි වුණත් මාත් එක්ක ලොකූ කතාවක් නැති වුණත් ඒ පොඩි එකිත් හරි ආසාවෙන් ඉන්නෙ මම දොස්තර වෙනව දකින්න.. නොකානොබී රෑ දවල් නැතුවම පාඩම් කරල දිස්ත්‍රික් රෑන්ක් එකක් එක්ක කොළඹ මෙඩිකල් ෆැකල්ටියට මාව තේරුණ දවසෙ ඒ මිනිස්සුන්ගෙ සතුටු කඳුලු දැක්කම මගෙ මහන්සිය ගැන මට සතුටු හිතුණා..

අවතැන්Where stories live. Discover now