03

129 23 50
                                    

"ඔක්කොම හරිද... මෙච්චරද උබෙ බඩු තිබ්බෙ..."

'ම්ම්ම් මේ ටික විතරයි... '

"එහෙනම් යමං.. "

එදා අදීශගෙ බෝඩිමේ ඉඳල පහුවදාම මම හොස්ටල් එකෙන් අයින් වෙන්න ලියුම් දීලා ඔක්කොම ලෑස්ති කරා. සතියකට පස්සෙ අද තමයි බඩු ටික අස් කරගෙන මුගෙ බෝඩිමට යන්න හදන්නෙ.

මම එද්දිත් මහා ලොකු බඩු ගොඩක් අරන් ආපු එකෙක් නෙවෙයි. එකම කමිස ටික දවස් පහට මාරු කර කර ඇඳපු නිසා කොහොමත් ලොකු රෙදි ගොඩක් තිබුණෙත් නෑ උස්සගෙන යන්න. ඔක්කොම පොත් ටිකයි බඩු ටිකයි වීල් එකක දාගෙන අදීශයයි මමයි බෝඩිමට යද්දි අටටත් කිට්ටුයි. මොකද අදත් ලැබ් දවසක්. දවසම හිටගෙන ඉඳල කෙමිකල් අස්සෙ ඉඳල ඔලුවෙත් කැක්කුම. ඒ නිසා එන ගමන් රෑට රයිස් දෙකක් අරන් ආවෙ මූයි මායි දවල්ටත් හරියට කෑවෙ නැති නිසා.
දැන් ඉතින් අපි යාලුවො කියල මූත් ඉන්නෙ මගෙ පස්සෙම එල්ලීගෙන තමයි.

බඩු ටික අස්කරගෙන වොෂ් එකක් දාගෙන ගෙනාපු බත් එක කාලා පෙනඩෝල් දෙකකුත් ගහලා අදිශයා නිදාගන්න ගියේ ඌට හොදටම ඔලුවෙ කැක්කුම නිසා..

දැන් දැන් මට ඉස්සර තරම් දැනුන පීඩනය අඩු වුනත් තවමත් දරාගන්න අමාරු ඔලුවෙ කැක්කුමක් එක්ක තනි වෙන වෙලාවට එන විකාර අදහස් නම් නැවතිලා නෑ. මම අදීශ ඉන්න තැන ඒවා උපරිම පාලනය කරගත්තත් ඌ නැති තැන්වල මට මගෙ පාලනෙ ගිලිහෙන අවස්ථා එමටයි.

රිපෝට් වගයක් හද හද හිටිය මගෙ අවදානෙ එකපාරටම බිඳුනෙ මගෙ ෆෝන් එකට ආපු නොටිපිකේෂන් එකත් එක්ක...

ඒ අර ස්පා එකෙන් මට සෙට් වුණ කෙල්ලක්. ඒකි ඒකිගෙ අඩ නිරුවත් පොටෝ පෙලක් එකදිගටමට එවලා එන්න ඕන ලොකේෂන් එකකුත් එවලා තියෙද්දි, සතියක් විතර තිස්සෙ මං යටගහගෙන හිටිය තිරිසන් සතා ඇවිස්සූනා...

අරූගෙ කාමරේටත් එබිල ඌ නිදිද කියල බලපු මම, සද්දයක්වත් නෑහෙන්න ගෙදරින් එලියට බහිද්දි වෙලාව එකොලහ හමාරට කිට්ටු ඇති .

අරකි උඩ ඇතිපදම් කස්තිරම් අල්ලපු මට ආයෙත් අර කාලකණ්ණි හැඟීම ගුලි කරගෙන ආපහු එන්න වුණා. මට මං ගැනම අප්පිරියා හිතෙන හැඟීම් එකින් එක පපුව හිර කරන්න ගත්තා. අදීශයගෙ බෝඩිම ලගට ආපු මට තව තවත් මාවම එපා වුණා.
සද්දයක්වත් නෑහෙන්න දොරත් ඇරගෙන ගෙට එනවත් එක්කම සාලෙ ලයිට් ඔන් වුණා.

අවතැන්Where stories live. Discover now