බේබී මැසෙජ් එකක් දාල තිබ්බා හරියටම තුන හාමර වෙනකොට වලව්වට බෑග් එක අරන් එන්නකියලා... හිත මොකක්ද මන්දා කියනවා... දැන් ඉස්සරාහට ගත්ත අඩිය පස්සට ගන්න තරම් කාලයක් නෑ... දැන් අඩිය තියලා ඉවරයි..ඒ පාර දිගේම යන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ...
මම බෑග් එක අරන් වලව්වට යනකොට සිහිනි බේබිගේ අම්මා නම් වැටුන තැන ඉදගෙන අඩනවා තවම... හාමු මහත්තයා නම් මැණිකේ හොයන්න කියලා ගියපු පිම්ම තාම ඇවිත් නෑ..
" අහස්..."
" මහා හාමු.... ‘
' උබලා පවන් එක්ක ගියාට කමක් නෑ..සීමාව දැනගෙන ඉදපල්ලා... "
" එහෙයි හාමු..."
" ඕකා හැමවෙලාවෙම ඒකා උබලගෙ වාහේ කියන්නේ විහිලුවට වෙන්න බෑ.. ඒ නිසා පරිස්සමෙන් , උබේ ජිවිතේට වැරැද්දක් කර ගන්නේ නැතුව හිටපල්ලා, අනික උබලාට අපිට පෑහෙන්න බැරි බව දන්නාවනේ...ඒකා ඕන නැති විදිහට ආවොත් වරෙන් වලව්වට , හැගිම්වලට වහල් නොවි... "
" එහෙමයි හාමු...."
හැගිම් වලට වහල් නොවි ඉන්න පුලුවන් ..ඒ එයා දැන් මගෙ අයිතිකාරයා වෙලා ඉවරයි හාමු... පවන් කියන්නේ දැන් නිතියෙන් මගෙ සැමියා , ඇරත් පැහෙන්න බැරිවුනාට දැන් කරන්න දෙයක් නෑ හාමු...මම උබලා සේරම පාගලා නැගිටිනවා... මගෙ පවන් මගෙන් ඈත් කරන්න කාටවත් දෙන්නේ නෑ... දවසක උබලාම ඇවිත් පවන් එක්ක වලව්වේ නතර වෙන්න එන්න කියන තැනට මම එනවා.... මගෙ දරුවා මේ වලව්වේ අඅනාගත අයිතිකාරයා කරනවාමයි... ඒක මම ලොකු හාමුට වුන පොරොන්දුවක්....
" පලයන් ඉස්සරාහට , පවන් ලැස්ති වෙලා හිටියේ මම හිතන්නේ.මම උබට ඔය ටික කියන්න බලන් හිටියේ.. යමන්..."
මම මහා හාමු පස්සෙන් සාලේට ගියා වෙනකොට මහා මැණිකෙයි , මැණිකෙයි මන් දිහා බලන් ඉන්නේ අනේ යන්න එපා උබ ගියාම අපි කොහොමද වගේ...
" අපෙ මහත්තයා , පුතේ අහස් වෙනුවට මම උබලා එක්ක යන්න එන්නද..."
" ඇයි අපෙ මැණිකෙට එහෙම යන්න ඕන...දැන්.."
" නෑ.. ඉතින් අහස් යනවා නම් වලව්වට වැඩට කවුරු හරි මායියෙක් ගෙන්නලා දෙන්න , මට මේ සේරම කරන්න බෑනේ... සුමානක් නම් හා... අහස් සුමානයකින් එනවද..."
YOU ARE READING
හිරු කන්ද වලව්ව....
Nonfiksiඋබ කුණු ගොඩක තියෙන මැණිකක් මට අහස්... මේ හාමු පිස්සුවෙන් වගෙ උබට ආදරෙයි ... පවන් අරවින්ත් හිරු කන්ද.... ඔය තරම් ආදරයක් දෙන්න එපා මගෙ හාමු... මගෙ දුප්පත් හිතට මේ දෙවල් දරා ගන්න බෑ රත්තරන් ... උබ මැණිකක්... ඉකන් එකක් නෙවෙයි ..මිල...