සති දෙකකට පෙර
"ඒක නිකම්ම නිකම් ඇක්සිඩන්ට් එකක් නෙවෙයි පුතා, කව්රුහරි හිතාමතාම කරවපු එකක්. ඔප්පු කරන්න තරම් සාක්ෂි නැති හින්දායි ඒ දවස් වල අපි කේස් එක ක්ලෝස් කරේ."
රනූර් බස් නැවතුම්පලෙන් එළියට බැස්සෙ ඒ වචන අන්අඩි ඇතුලෙ දෝන්කාර දිදී ඔලුව අස්සෙ තොවිල් නටනකොට.
අවුරුදු දහයක් ! අවුරුදු දහයකට පස්සෙ අම්මාගෙ අනතුර ගැන විමර්ෂනය කරපු පොලිස් රාලහාමි කෙනෙක් අහම්බෙන් හම්බෙලා අහම්බෙන් කියපු ඒ වචන ටිකට පුළුවන් උනා රනූර්ව උස්සලා පොලවෙ ගහන්න.
එළියෙ වහිනවා..... මහ හයියෙන් වහිනවා. හෙන පුපුර පුපුර වහිනවා. යටි තොල තද කරලා හපාගෙන ඔහේ පේමන්ට් එක දිගේ ඇවිදගෙන ගියපු රනූර් හිටියෙ සුදු ඇඳුමෙන්.
පාට පාට කුඩ ඉහලගෙන කොළඹ වීදි දිගේ හැල්මෙ දුවන මිනිස්සු මැද්දෙන් එයා ඉස්සරහට ගියා, උරහිස් වල හැපීගෙන... වැදීගෙන.
ඔය උඹේ අම්මා කියන ගෑණි මැරිලා ගිය එකමයි හොඳ. ඉන්නකල් කරේ පිට ගෑණු පාවා දිදී පලු යන්න බැන බැන මගේ නම්බුව කාපු එක......
තාත්තාගෙ කටෙන් විටින් විට පිට උන වචන ආයෙ ආයෙම ඇහෙනවා වගේ ඒ කන් දෙකට.
වෙන්න පුළුවන්ද ? මගේම තාත්තා මගේ අම්මාව මරන්න ! එහෙම වෙන්න පුළුවන්ද ? වෙන්න බෑ..... ඒක නම් කොහෙත්ම වෙන්න බෑ.
මහ සද්දෙන් හෙන පුපුරණවා, රනූර්ගෙ ඔලුව ඇතුලෙ අන්න.
එයාට තාම මතකයි,
තාත්තා රෑට රෑ වෙලා මහ පාන්දර ගෙදර එන විදිහ, දරුවෙක් බිරිඳක් උන්නද මලාද කියලා හොයලා බලන්නැතුව උදේම ආයෙත් ගෙදරින් යන විදිහ, පාරවල් වල අහුමුළු වල එක එක ගෑණු එක්ක හිටපු හැටි දැකපු විදිහ, අම්මා කඳුළු පෙර පෙර ඒවාගැන ප්‍රශ්න කරපු විදිහ, ගේ දෙවනත් වෙන්න මහ හයියෙන් රණ්ඩු උන විදිහ, සමහර දාට අම්මා ලේ පනිනකල් ගුටි කාපු විදිහ, අම්මාත් පිහි අමෝරාගෙන කෑ ගහපු විදිහ.... අන්තිමට ඒ අපාය මැද එයාව තනි කරලා අම්මා මහ පාරේ ටිපර් එක්කට යට වෙලා මැරිලා ගිය විදිහ.
වෙන ගැටයොන්ට හිනා වෙවී පුරාජේරු ගහන්න තරම් ලස්සන ළමා කාලයක් තිබුනත් රනූර්ට තිබුනෙ කඳුළෙන් ලේ පැල්ලම් මකාපු අඳුරු ළමා කාලයක්.
YOU ARE READING
හසරාග්ර (non fic BL)
Romanceබැඳෙන්නම හුරු උන මිනිස්සු වගේම බිඳෙන්නම හුරු උන මිනිස්සුත් ඉන්නවා..... බිඳෙන්නම හුරු උන මගෙ පළමු වගේම අවසාන බැඳීමත් නුඹ විය. එන්න අපි බිඳුණු වීදුරු වල පැලැස්තර අලවමු.