"විවේක කාලය අවසන් වී විනාඩි දෙකක් ගත වී ඇත.... ඔබ අධ්‍යන කටයුතු සඳහා සූදානම්ද ?"
බෙල් එක වැදිලා ටික්කින් පීකරෙන් එහෙම ඇහෙනකොටත් පන්තියෙන් හිටියෙ බාගයයි. කෙල්ලො ටික සෙට් සෙට් හැදිලා කයිය ගහ ගහ කැකිරි පලන කොට කොල්ලො හිටියෙ ඩෙස් උඩ ඉඳගෙන කයියක් දාගෙන.
"Excuse me !"
ඔකපතන විද්‍යාලයේ වෙන්ඩ ප්‍රින්සිපල් කියලා හිතාන ඉන්න හෙඩ් ප්‍රිෆෙක්ට් හදීසියෙම පන්තියට කඩාපාත් උනේ සේරොම එකවර ඒ පැත්ත බලනකොට.
"රනූර් ගෞරව් , සංඛ දිනෙත්, චතුර කෙවින්, සමර් නස්ෆාර්, කෞෂි ආලකමන්දා.... come to the principle office, right now !"
මුන් නම් සාපයක් වගේ බැල්මක් දීගෙන කට ඉර වගේ කරගෙන කට පාඩම් වෙලා තිබ්බ නම් ටික පොර කියාගෙන ගියේ එක හුස්මට.
ප්‍රින්සිපල්ගෙ දුව වෙච්ච කෞෂි ගැම්මටම පෙරමුණ ගන්නකොට කොල්ලො හතරදෙනාත් පිටිපස්සෙන් ගියේ පන්තියෙ කෙල්ලො ටික මූණවල් දුකෙන් පුරෝගෙන බලන් ඉන්නකොට.
විදුහල්පති කාමරේ කියන්නෙ ඉතින් කොහොමත් අලුත් තැනක් නෙවෙයි මේ සෙට් එකට. ප්‍රින්සිපල්ට පඩයක් ගියත් ඒකට පලි පහේ කල්ලිය.
"ප්‍රින්සිපල් සර්.... මන් කිව්වනෙ සර් ඔයාට අර පිට්ටනිගෙ කොල්ලො ඩිෆ් ගහන තැනට ඉටිරෙද්දක්වත් ගහමු කියලා."
"ඉතින් සර්, ගෑණු ළමයි පිරිමි ළමයි දිහා බලන එකනෙ මේ ලෝකේ ධර්මතාවය. අපි බෑ කෙල්ලො ලස්සන කොල්ලොන්ට පැණි හලන එක නවත්තන්න !"
"කෙල්ලො විතරක් නම් කමක් නෑ සර්, හිත හදාගන්න පුළුවන්. ඒත් කොල්ලෝනේ සර් පැණි හලන්නෙ. සීනි බනිසක් දිහා බලන් ඉන්න ඇඹලයෝ සෙට් එකක් වගේ තාප්පෙට හේත්තු වෙලා කෙල පෙරනවා දාගෙන. ස්....ස්.... මල්ලෙ, මරු පුක ආහ් ! කියලත් කියනවා ඇහුනා මට. මුන්ට අසහනේ...... රජයෙන් මදන විසේ නිවාරන්න ඉන්ජෙක්ෂන් එකක් ගහන්න ඕනි මන් නම් කියන්නෙ."
"හරි හරි කලබල වෙන්න එපා ගලේ... මේ ටොපිය කාලා ටිකක් සන්සුන් වෙන්නකෝ."
පහේ කල්ලිය එක පේලියට ඔෆිස් එක ඇතුලට යනකොට ප්‍රින්ස්පල් සර් ඩෙල්ටා ටොපියක් දික් කරගෙන හිටියා වයිස් ප්‍රින්සිපල් සර්ගෙ පැත්තට.
YOU ARE READING
හසරාග්ර (non fic BL)
Romanceබැඳෙන්නම හුරු උන මිනිස්සු වගේම බිඳෙන්නම හුරු උන මිනිස්සුත් ඉන්නවා..... බිඳෙන්නම හුරු උන මගෙ පළමු වගේම අවසාන බැඳීමත් නුඹ විය. එන්න අපි බිඳුණු වීදුරු වල පැලැස්තර අලවමු.