හිරු නගින මේ උදෑසන පාසල ඉස්සරහා තාප්පෙට හේත්තු වෙලා සාක්කු දෙකට අත් දෙකත් දාගෙන රනූර් සංඛ එක්ක කයියක් දාගෙන හිටියෙ ගැන්සියෙ අනිත් තුන්දෙනා සේවයට වාර්තා කරනකල් මග බලාගෙන.
එයාලා එහෙමයි, එකෙක් හරි ඉස්කෝලෙ එන්නැත්තම් අනිත් උන් යන්නෙත් නෑ. ඉතින් පස් දෙනාම ඇතුලට යන්නෙ එකට, කන්නෙ එකට, එළියට එන්නෙ එකට, පන්ති යන්නෙ එකට.... කවදහරි අහවල් එකත් එකට කරන්න තමයි බලාපොරොත්තුව. එයාලා අතර තිබුනෙ අවුරුදු 6 ක් පරණ යාළුකමක්.
තාප්පෙට හේත්තු වෙලා එක දණිහිසක් නවලා කකුල තාප්පෙටම තියාගෙන සාක්කු දෙකට අත් දෙක ඔබාගෙන මොනවදෝ කුටු කුටු ගාන මේ කොල්ලො දෙන්නා දිහා ගෑණුළමයි විතරක් නෙවෙයි පිරිමි ළමයිනුත් බල බල ගියේ හැරි හැරි.
අනාදිමත්කාලෙක ඉඳලා කරපු නසරානි වැඩ හින්දා රනූර්ගෙ කල්ලියට පාසලේ ළමයි අතරේ ලැබිලා තිබුනෙ ගෞරවනීය තැනක්. පුරාතන යුගයේ ආරම්භයේ දවසක, සමර් හය වසරෙදි ඉස්කොලෙට හොරෙන් බටන් පෝන් එකක් ගෙනැල්ලා ඒක සෙක්ෂන් හෙඩ් මැඩම්ට අහුඋනා. උදේ රැස්වීමෙදි මැඩම් ඒක හැමෝම ඉස්සරහා ගල් ගෙඩියකින් තැලුවෙ ආයෙ ඉස්කෝලෙට පෝන් ගෙනල්ලා අහුවෙන්න එපා කියලා මුළු සෙක්ෂන් එකම හෙල්ලිලා යන්න ලොකු සද්දෙකුත් දාලා. අන්න එතනින් තමයි මේ සේරම පටන් ගත්තෙ. සමර්ගෙ ඩෙස්ක්මේට් උන රනූර්ගේ සූක්ෂම සැලැස්මක් අනුව එදා එකහාමාර වෙන්න කලින් සෙක්ෂන් හෙඩ් මැඩම්ගෙ බටන් පෝන් එකත් බැටරිය ඉදිමෙනකල්ම අතිසාර්ථක ලෙස තලලා දාන්න පුළුවන් උනා කොල්ලො සෙට් එකට. ඉතින් පහුවදා උදේ රැස්වීමෙදි මැඩම් දෙස් දෙවොල් තිය තිය පලු යන්න බැනලා වැඩේ කරපු අය ඉස්සරහට ආවෙ නැත්තම් මුළු සෙක්ෂන් එකටම ගහනවා කියලා තර්ජනය කරා වේවැලකුත් තියාගෙන. අන්තිමට කොහොමහරි හෙන ගැම්මෙන් රනූර් සමර් එක්ක ඉදිරිපත් වෙනකොට රනූර්ගෙ පුකට අමුඩෙ වගේ ඉන්න සංඛත්, සමර්ගෙ වල්ලට ජොකා වගේ ඉන්න චතුරත් ඉදිරිපත් උනේ සහය දැක්වූවන් විදිහට. හතර දෙනාම ගැම්මෙන් පේලි ගස්සලා තිබ්බ ළමයි මැද්දෙන් ගිහින් මැඩම්ගෙන් චිටි චිටි ගාලා වේවැල්පාර කනකොට පන්තිනායිකාව වගකීම් පැහැරහැරියා කියලා කෞෂිටත් ෂොට් එකක් හම්බුනා බෝනස් එකක් විදිහට.
YOU ARE READING
හසරාග්ර (non fic BL)
Romanceබැඳෙන්නම හුරු උන මිනිස්සු වගේම බිඳෙන්නම හුරු උන මිනිස්සුත් ඉන්නවා..... බිඳෙන්නම හුරු උන මගෙ පළමු වගේම අවසාන බැඳීමත් නුඹ විය. එන්න අපි බිඳුණු වීදුරු වල පැලැස්තර අලවමු.